ඩෙල්ටා මොන තරම් භයානකද?

ජුනි 30, 2021

 

ඩෙල්ටා කියන්නේ කනට මිහිරි දිවට ඉමිහිරි වචනයක්. ඒත් විකෘති වූ නව කොරෝනා වෛරසයත් ඩෙල්ටාවක් වී ඇති නිසා දැන් නම් එය ලෝකයටම කල්කදුරු තිත්ත වෙලා.

ඉන්දියාව විසාලාවක් කළ නව කොරෝනා වෛරසය එනම් ඩෙල්ටා ප්‍රභේදය දැන් ලංකාවත් ආක්‍රමණය කරලා. සුව නීති අනුගමනය නො කරන අයට දවල් තරු පෙනිය යුතු කාලයක් තමයි උදාවෙලා තියෙන්නේ. කෝවිඩ් 19 ප්‍රධාන ලක්ෂණ වී තිබුණේ උණ, කැස්ස, ගඳ - සුවඳ - රස නො දැනීමයි. එහෙත් ඩෙල්ටා ප්‍රභේදය වැලඳුන විට ඊට අමතරව උගුර වණවීම, නාසයෙන් සොටු දියර ගැලීම යන ලකුණු ද එක්වෙනවා. සමහරුන්ට බඩේ අමාරු, කෑම අරුචිය, වමනය, ඔක්කාරය, හන්දිපත් වේදනාව, ඇසීමේ ගැටලු ඇති වෙනවා.

එක් කෝවිඩ් මාත්‍රාවක් රැගෙන මින් බේරෙන්න අමාරුයි. ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ප්‍රතිශක්තියක් ඇතිවීමට නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත යුතුයි. ඇස්ට්‍රසෙනිකා, ෆයිසර් එන්නත් දෙකම මඟින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව රැකවරණයක් ලැබුණත් එක් එන්නතක් ලබාගත් විට ඇතිවන්නේ සියයට තිහක රැකවරණයක් පමණයි.

ඇස්ට්‍රසෙනිකා එන්නත් දෙකම ලබාගත් විට සියයට හැටක රැකවරණයක් ද ෆයිසර් ලබා ගත් විට සියයට අසූ අටක රැකවරණයක් ද ලැබෙනවා. කෙසේවුවත් කිසිදු එන්නතකින් සියයට සියයක්ම තමන්ට රෝගය බෝ නො වන බවට, තමන්ගෙන් අන් අයට රෝගය බෝ නොවන බවට සහතික කළ නො හැකි බව සෞඛ්‍ය අංශ මඟින් සියයට සියයක්ම තහවුරු කර ඇති නිසා සෞඛ්‍ය උපදෙස් අකුරට පිළිපැදිය යුතුයි.

ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් ආසාදනය වෙයි. එය මොනතරම් වේගවත් ලෙසින් ආසාදනය වෙනවා ද කිවහොත් රෝගී පුද්ගලයකුගෙන් තත්පර 2 - 5 ක් අතර කාලයකදී රෝගය නිරෝගී පුද්ගලයකුට ආසාදනය විය හැකියි.

රෝගියා සිටි පරිසරයේ පැය දෙකක් පමණ විසබීජය රැඳී පවතිනවා. ඩෙල්ටාවල ඇති තවත් භයානකකමක් නම් එය ස්වසන පද්ධතියට පමණක් නොව සිරුරේ ප්‍රධාන අවයව රැසකටම බලපෑමයි.

ස්වසන පද්ධතියට බලනොපා නව ප්‍රභේදය මොළය වැනි වැදගත් අවයවවලට කෙළින්ම බලපාන්න පුළුවන්. රුධිර කැටි ගැසීමේ අවදානම ද ඩෙල්ටා නිසා වැඩි වෙනවා. මේ වෛරසයේ මතුපිට ඇති ස්පයික් ප්‍රෝටීනයේ ඇතිවූ ජාන විකෘතිතාවෙන් ඇතිවූ ඩෙල්ටා ප්‍රභේදය අනෙක්වාට වඩා ඉක්මනින් මිනිස් සෛලවලට සම්බන්ධ වෙනවා.

ඒ වාගේම වැඩියෙන් වෛරසය ගුණනය වෙනවා. එහි ප්‍රතිඵලය රෝගය අනෙක් අයට බෝකිරීමේ හැකියාව වැඩිවීමයි. වයස අවුරුදු 12ත් 20 ත් අතර අයට ඉක්මනින් රෝගය වැලඳෙන්න පුළුවන් වීම ඩෙල්ටාවේ තවත් භයානක ප්‍රතිඵලයක්.

ඉන්දියානු වෛද්‍ය

රන්දීප් ගුලේරියා