වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
රේඛා සලකුණු සහ විවිධ අතුරු රේඛා

අත්ලේ පිහිටන ප්‍රධාන රේඛා සහ උප රේඛා හැරුණු කොට අතුරු රේඛා හෙවත් යථෝක්ත කොටස් දෙකටම අයත් නොවන රේඛා සමූහයක් පිහිටයි. වර්ගීකරණය කිරීමේ පහසුව තකා ප්‍රධාන, උප සහ අතුරු රේඛා ලෙස යෙදුව ද හස්ත රේඛා විද්‍යාෙව්දී මේ සෑම රේඛාවක්ම එකසේම වැදගත් වෙයි. මන්දයත් ප්‍රධාන රේඛාවක් හෙළිදරව් නොකරන සුවිශේෂ වූ කරුණක් කිසියම් අප්‍රධාන රේඛාවක් මඟින් හෝ අතුරු රේඛාවක් මඟින් හෙළිදරව් කිරීමට පිළිවන.
අත්ල පරීක්ෂාවේදී මේ සෑම රේඛාවක් පිළිබඳම උගත් හස්ත රේඛා වේදියා අවධානය යොමු කරන්නේ එබැවිනි. මවිසින් පරීක්ෂා කරනු ලැබූ ඇතැම් අත්වල සුවිශේෂ රහස් මෙම අතුරු රේඛා තුළ සැඟවී තිබිණ. ඉනික්බිති එම මතය සනාථ කරගැනීමත්, නිශ්චිත නිගමනයකට ඒම සඳහා ප්‍රධාන රේඛා පරීක්ෂා කරන කල අතුරු රේඛාවලින් හෙළිදරව් කෙරෙන සාධක තහවුරු විය හැකි සාධක දැක ගැනීමට හැකිවිය. (එක් රේඛාවකින් කියවෙන මතයක් අනෙක් රේඛාවකින් හෝ සලකුණකින් සනාථ වන්නේ ද යන්න විමසා බැලිය යුතු බැව් මීට පෙරදී ද මනාව පැහැදිලි කළෙමි.) ඒ අනුව බලන කල ඇතැම් විට ප්‍රධාන රේඛාවක් හෙළිදරව් කරන කරුණක් අප්‍රධාන හෝ අතුරු රේඛාවක් මඟින් සනාථ කිරීමට පිළිවන. ප්‍රධාන රේඛා, අප්‍රධාන රේඛා මෙන්ම අතුරු රේඛා ද එක සේ වැදගත් වන බැව් සමුද්‍රික ශාස්ත්‍රයේ නියමය වී ඇත්තේ එබැවිනි.
අතුරු රේඛාවල ලක්ෂණ පහසුවෙන් අධ්‍යයනය කළ හැකි නොවේ. මන්ද යත් ඇතැම් සලකුණු අත්ලේ සටහන්ව ඇත්තේ මැකීගිය ස්වභාවයකින් හෝ මතුවෙමින් පවතින ස්වභාවයකින් බැවිනි. උදෑසන කාලයේ අත්ලේ රුධිර ගමනාගමනය ඉතා සංවිධිත ලෙස පවත්නා බැවින් බොහෝ රේඛා දෘෂ්‍යමාන වෙයි. එම කාලයේ පමණක් හස්ත රේඛා පරීක්ෂණය කිරීම සුදුසු බැව් අප මීට ඉහතින් ද අවධාරණය කොට කීවේ එබැවිනි. එසේම කුඩා දේ ලොකු කර බැලිය හැකි සුදුසු නාභීය දුරක් සහිත අත් කාචයක් ද යොදා ගැනීමෙන් මේ රේඛා ලක්ෂණ මනාව දැක ගැනීමටත්, හඳුනා ගැනීමටත් හැකිවනු ඇත.
හස්ත රේඛා විද්‍යාෙව්දී අතුරු රේඛා විෙශ්ෂ රාශියක් හඳුන්වා දී ඇත. එම රේඛා සියල්ලම කෙසේ වෙතත් බහුලව පවතින රේඛා විශේෂ කිසියම් ප්‍රමාණයක් ඔබ විසින් හඳුනාගත යුතුව ඇත. එම රේඛා අද අප මේ අයුරින් හඳුනා ගනිමු.
01. රැලි රේඛා
02. භගිනි රේඛා
03. දූපත් සහිත රේඛා
04. කැඩුණු රේඛා හෙවත් භග්න රේඛා
05. උඩුකුරුව විහිද යන රේඛා
06. යටිකුරුව විහිද යන රේඛා
07. රේඛාන්තයේ කෙඳි සහිත වන චාමර රේඛා
08. කරු රේඛා
මේ සමඟ ඇති රූප සටහන් දෙකෙහි එම රේඛා ප්‍රභේද සටහන් කොට ඇති අතර අත්ලේ රහස් හෙළිදරව් කර ගැනීමට උත්සුක වනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී
නිරංගා බාලසූරිය