නත්තල සරසන අත්කම්

කෑම මේසයට ක්‍රේප් කොළ
දෙසැම්බර් 16, 2020

සීත දුරුත්තේ සුන්දර නත්තල් සමය ඇරඹිලා. නිවෙසටම වී ඉන්න නිසා ලෙහෙසියෙන් අඩු වියදමින් නිර්මාණ කිහිපයක් කර ඔබේ නිවෙස ඔබේම අතින් හැඩ කරගන්නට ඇත්නම් හොඳයි නේද? ඒ සඳහා අත්වැලක් වන්නටයි අප මේ නිර්මාණ පෙළ තිළිණ කරන්නේ. මේ ලස්සන, පහසු නිර්මාණ නිමවා ගන්නා ආකාරය ඔබ වෙත තිළිණ කරන්නේ එංගලන්තයේ පදිංචි අත්කම් නිර්මාණ ශිල්පිනී Ama's HomeMade හි නිර්මාතෘ අමා නාකන්දලගේ ය.

 

අසිරිමත් නත්තල සමරන්න නත්තල් ගසක් සෑම නිවෙසකම සැකසෙනවා. ලස්සන ලස්සන සැරසිලිවලින් මේ නත්තල් ගස සරසා නිවෙසේ විසිත්ත කාමරය ආලෝකවත් කරනවා.

ඒ අතර නිවෙසේ කෑම මේසය, මුළුතැන්ගෙයි පැන්ට්‍රිය, දරුවන්ගේ පොත් මේස ආදිය අලංකාර කරගන්නත් කුඩා නත්තල් ගස් නිර්මාණය කරගත හැකියි. මේ කාලෙට නැතුවම බැරි එවැනි නත්තල් ගහක් ඔබේ අතින්ම නිර්මාණය කරගන්නටයි මේ අවස්ථාව.

අවශ්‍ය දේවල්

කොළ පාට ක්‍රේප් කොළ (Crepe paper)  දිග සෙන්ටිමීටර් 30 සහ පළල සෙන්ටිමීටර් 8

මල් සැරසිලි සඳහා යොදා ගන්න කම්බි (Florist stub wire)

අත්කම් නිර්මාණ සඳහා භාවිත කරන

ගම් වර්ගයක්

ගම් ටේප් (Floral Stem Tape)

කතුරක්

නත්තල් ගස රඳවා ගැනිමට බඳුනක් (Flower vase)

ෆ්ලෝරල් ෆෝම් (Floral Foam)

 

2020/12/16 තරුණි පුවත්පත බලන්න