නැප්තෝල් ක්‍රමයට බතික් ගවුමක් සකස් කර ගනිමු.

බතික් පාඩම් මාලාව - 10
මාර්තු 31, 2021

 

තරුණී බතික් පාඩම් මාලාව දැන් පාඨකයන් අතර අතිශයින් ජනප්‍රියයි.

ඉතාමත් සරලව, නිවැරැදිව බතික් නිර්මාණයක් කරගන්නා අන්දම කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව චන්දිමා සිල්වා මහත්මිය මේ පාඩම් මාලාවෙන් විස්තර ලබා දීම එහි රහසයි. මෙතෙක් ලංකාවේ කිසිදු කාන්තා පුවත්පතකින් මෙවැනි සවිස්තරාත්මක බතික් පාඩම් මාලාවක් ලබා නොදුන් නිසාම තමන්ගේ, තම පවුලේ අයගේ ඇඳුම් නිර්මාණය කර ගන්නට මෙන්ම ස්වයං රැකියාවක් ලෙස සහ කර්මාන්තයක් ලෙසද වැඩි දියුණු කර ගන්නට මේ තුළින් ඔබට හැකියාව ලැබෙනවා. බොහෝ දෙනකුගේ ඉල්ලීම නිසා අදත් අපි නැප්තෝල් ක්‍රමයට බතික් ඇඳුමක් නිර්මාණය කර ගන්නා අන්දම කියා දෙන්නට සිතුවා.

බතික් කලාවේ සුන්දර වර්ණ මතුකරගත හැකි නැප්තෝල් ඩයි ක්‍රමය සහ එම ඩයි සකස් කරගන්නා අන්දම පිළිබඳව පසුගිය කලාපයෙන් අප ඔබ දැනුවත් කළෙමු. එහිදී නැප්තෝල් ක්‍රමයට දීප්තිමත් කළු වර්ණය හා රතු වර්ණය මතුකරගත හැකි බව අප විශේෂයෙන් සඳහන් කළ අතර කළු වර්ණය සාදාගන්නා ආකාරය උදාහරණ සහිතව දැක්වූයෙමු. අද අප ඉදිරිපත් කරන්නේ නැප්තෝල් ක්‍රමයට දීප්තිමත් රතු පැහැය යොදා අලංකාර ගවුමක් නිර්මාණය කරගන්නා ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය

*නැප්තෝල් ග්‍රෑම් 50 යි. (මෙහිදී අපි ඒඉ නැප්තෝල් වර්ගය භාවිතා කර ඇත)

*රතු වර්ණක- ග්‍රෑම් 150

*කෝස්ටික් සෝඩා මේස හැඳි 2 ක්

*උණුසුම් ජලය මිලි ලීටර් 200 ක්

*ලුණු කැට ග්‍රෑම් 250 ක්

*ඍධ්ර්‍ථ දියර මේස හැඳි 6 ක්

*නැප්තෝල් ඩයි සදා ගැනීම සඳහා භාජන 3 ක්

*වයින් ස්ප්‍රීතු මිලි ලීටර් 50 ක් (

පසුගිය සතියේ අප සඳහන් කළ පරිදි ඩයි කිරීම සඳහා බාත් තුනක් සකසා ගැනීම අවශ්‍ය වේ.

1 වන බාත් එක -නැප්තෝල් සඳහා

2 වන බාත් එක - ලුණු දියකර සාදා ගන්න

3 වන බාත් එක - ඩයි

දියකර ගැනීම සඳහා

මෙම සෑම බාත් එකකම ජලය ලීටර් 6 - 10 ත් අතර ප්‍රමාණයක් තිබිය යුතුය. එනම් රෙදි මීටර් 3 - 7 ත් අතර ප්‍රමාණයකට බාත් එකෙහි තිබිය යුතු ජල ප්‍රමාණය ලීටර් 6 - 10 ත් වන අතර රෙදි ප්‍රමාණය වැඩිකරන විට බාත් වලට දැමිය යුතු වතුර ප්‍රමාණය ද වැඩිකළ යුතුය.

(සැ. යු. - රසායනික ද්‍රව්‍ය සෑදීමේදී මෙන්ම බාත් තුළ ක්‍රියා කිරිමේදී අත් ආවරණ සහ මුඛ ආවරණ පැළඳ සිටිය යුතුය.)

නැප්තෝල් බාත් එක සකස් කර ගැනීම.

පළමුව භාජනයක් ගෙන නැප්තෝල් ග්‍රැම් 50 ක් ( ඒඉ ග්‍රැම් 50)ක් දමා වයින් ස්ප්‍රීට් මිලි ලීටර් 50 එයට දමා දියකර ගන්න. දෙවනුව තවත් භාජනයක් ගෙන එයට කෝස්ටික් සෝඩා මේස හැඳි 2 දමා එයට උණුසුම් ජලය මිලි ලීටර් 200 දමා හොඳින් දියකර ගන්න. දැන් පළමුව සාදාගත් නැප්තෝල් ද්‍රවණයට කෝස්ටික් ද්‍රාවණය දමා දියකර ගන්න. මෙම මිශ්‍රණය අප සකස් කරගත් පළමු බාත් එක වන නැප්තෝල් බාත් එකට දමා හොඳින් මිශ්‍රකර ගන්න. අවසානයේ එම බාත් එකට ඍධ්ර්‍ථ දියර මේස හැඳි 3 දමා දියකරගන්න.

ලුණු බාත් එක සකස් කිරීම

ලුණු කැට ග්‍රෑම් 250 සකසාගත් දෙවැනි බාත් එකට දමා හොඳින් දියකරගන්න.

ඩයි බාත් එක සකස් කර ගැනීම

නැප්තෝල් ක්‍රමයට ඩයි සකස් කර ගැනීමේදී එකට දෙක අනුපාතය (1:2) අනුමනය කරනු ලබයි. එනම් නැප්තෝල් එක කොටසකට ඩයි කොටස් දෙකක් ලෙසින්ය. එහෙත් රතු සහ කළු වර්ණක සාදා ගැනීමේදී එකට තුන අනුපාතය(1:3) අනුගමනය කරයි. එනම් නැප්තෝල් එක කොටසකට ඩයි කොටස් තුනක් ලෙසින්ය. අද අප සකස් කරන ඩයි බාත් එක සඳහා නැප්තෝල් ග්‍රෑම් 50 ( ඒඉ ග්‍රෑම් 50 ) ක් යොදා ගත් නිසා ඩයි ග්‍රෑම් 150 (ඉජචපතඥබ - අ) යොදා ගෙන ඇත.

පළමුව භාජනයක් ගෙන එයට ඩයි ග්‍රෑම් 150 ක් (ඉජචපතඥබ - අ) දමා එයට ඇල් ජලය මිලි ලීටර් 200 දමා ජලයෙහි ඩයි හොඳින් දියකර ගන්න. පසුව එම මිශ්‍රණය තුන්වැනි බාත් එකට (ඩයි බාත් එකට) දමා හොඳින් මිශ්‍රකර ගන්න.

 

ගවුම් රෙද්ද ඩයි කර ගැනීම

අපි මේ සඳහා කපු රෙදි

(පොප්ලින් - නධනතඪදඥ 3ථ) මීටර් තුනක් ගෙන ඇත. පෙර පාඩම් වලදී අප කියා දුන් ආකාරයට එම රෙද්ද ඉටිකර ගන්න. පසුව එම ඉටි කර ගත් රෙද්ද පිරිසුදු ජලයේ හොඳින් පොඟවා ගන්න. (ඉටි වලට හානියක් නොවන ආකාරයට මෙය කළ යුතුයි) පසුව දිය බේරා ගත් රෙද්ද පළමු බාත් එකට (නැප්තෝල් බාත් එකට) දමා විනාඩි 20ක් පමණ හොඳින් පිරිමදින්න. පසුව රෙද්ද ඉවතට ගෙන දෙවැනි බාත් එක (ලුණු බාත් එක) තුළ විනාඩි 03ක් පමණ ගිල්වා තතබා ඉවතට ගෙන තුන්වැනි බාත් එක වන ඩයි බාත් එකට දමා විනාඩි 15ක් පමණ හොඳින් පිරිමදින්න.

අවසානයේදී ගවුම් රෙද්ද පිරිසුදු ඇල් ජලයෙන් සෝදා නටන ජලයේ ගිල්වා ඉටි ඉවත් කර ගන්න. එසේ ඉටි ඉවත් කරගත් පසු නිර්මාණය මඳ පවනේ වියළා ගන්න. දැන් ඔබගේ කැමැත්ත පරිදි මේ රෙද්දෙන් ගවුමක් මසා ගත හැකිය.

 

 

 ජායාරූප-ආසිරි උපේන්ද්‍ර ඩයස්

 

 

ඉදිරිපත් කිරීම

kenuri batik ආයතනයෙහි අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා