හදන්න පහසු අලංකාරයෙන් අනූන කේක් ඇසුරුම්

සැප්තැම්බර් 22, 2021

 

කෝවිඩ් 19 වසංගතය වරින් වර අපේ ජීවිතවලට එබිකම් කරන්නට පටන් අරන්. මේ නිසා බොහෝ දෙනකුගේ අනාගත සැලසුම් බිඳවැටිලා. විශේෂයෙන්ම මේ කාලයේ විවාහ පත් වන්නට පෙරමං බලා සිටි තරුණ තරුණියන් බොහොමයකගෙ ඒ අහිංසක බලාපොරොත්තු බොඳවෙලා.

නෑහිත මිතුරන් පිරිවරාගෙන උත්කර්ෂවත් ලෙස සිදුකරන්නට සිටි විවාහ උත්සවයන් පවුලේ අවශ්‍යම කිහිපදෙනකුගේ සහභාගිත්වයෙන් පමණක් කරන්නට සිදුවෙලා. සැලසුම් කරගෙන සිටි ආකාරයට කිසිදෙයක් සිදුකරන්න නොහැකි නිසා හැමදෙයක්ම චාම්ව සරලව සිදුකරන්නයි දැන් හැමෝගෙම උනන්දුව.

ඉතිං එවැනි ඔබ වෙනුවෙන් පහසුවෙන් සාදාගත හැකි කේක් ඇසුරුමක් මේ. රිබන් නිසා ඇසුරුම්පතට තවත් කලඑළියක් ලැබිලා නේද?

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

ඔබට කැමැති වර්ණ බෝඩ් වර්ගයක්

(GSM 250ට වැඩි)

අඟල පළල, බෝඩ්වල වර්ණයට

ගැළපෙන වර්ණයෙන් රිබන්

මලක් හා කොළ කිහිපයක්

ගම්, කතුරක්

ගැළපෙන වර්ණ භාග පබළු

 

නිර්මාණය කිරීම

පළමුව රූප සටහනේ දී ඇති දිග පළල අනුව කාඩ්බෝඩ් කොටස මත පෙට්ටියේ උඩ කොටස සහ යට කොටස ඇඳ කපා. ගන්න. ඉන්පසු එහි කට් (කපන) කරන තැන් වලින් ඇතුළට නමා අලවා ගන්න. නැවතත් එහි අඟල පළල කොටස් ද ඇතුළට නමා අලවා ගන්න. ඒ පෙට්ටියේ නිමාව සඳහාය. කොටස් දෙකම මෙලෙසින් නමා අලවා ගන්න. උඩ කොටස අලවා ගැනීමට පෙර අඟල් 9ක් දිගට රිබන් කොටස් දෙකක් කපා පෙන්වා දී ඇති ආකාරයට කතිරයක හැඩයට අලවා

ගන්න. නැවතත් අඟල් 12ක් දිගට රිබන් කොටසක් ගෙන බෝ එකක් සාදා එහි හරි මැදට අලවා ගන්න. පසුව කට් කරන ලද තැන්වලින් ඇතුළට නමා අලවන්න. බෝ එක අලවා එහි මැදට රෝසමල හා කොළ අලවා ගන්න. යට

කොටසෙහි යටින් වටේට පෙනෙන පරිදි පබළු අලවා ගන්න.

 

රෝස මල් සාදා ගැනීම

 

කඩදාසි හෝ ෆෝම්ෂීට්වලින් අඟල් 2 1/2ක විශ්කම්භය සහිත රවුමක් කපා ගන්න. එහි වටේට හැඩයට කොයිල් එකක ආකාරයට කපන්න. පසුව එහි වටේට අතින් රවුම් කරමින් ගම් ගාමින් මල සාදා ගන්න. මේ ආකාරයට වර්ණ දෙකක රිබන් භාවිත කරමින් සාදාගත් කේක් ඇසුරුම් දෙකක් මෙහි ඇතුළත්ය.

 

 

උපදෙස් -

මහරගම ප්‍රා. ලේ. කාර්යාලයේ බාහිර අත්කම් නිර්මාණ උපදේශිකා, ප්‍රවීණ ශිල්පිනී

චූලනී ජයසිංහ