උත්සව අසිරි සිරිය වැඩිකරන මේස සැරසිලි

මාර්තු 28, 2022

 

ආදරණීය යුවතිපතීන්ගේ මල් මංගල්ලය කලඑළි කරවන අංගෝපාංග බොහෝමයි. එබැවින් මංගල දිනයට ආරාධනා කරන අැරැයුම් පතේ සිට මේ මංගල උත්සවය සුන්දර කරවන පෝරුව, සෙට් බැක්, පොල්තෙල් පහන, කේක් ආකෘතිය ආදිය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

 

ඊට අමතරව එදිනට උත්සව අසිරිසිරිය කැන්දන උත්සව ශාලා සැරසිලි වගේම මේස සැරසිලි කෙරෙහිත් නොසිතාම බැහැ. වර්තමානයේ දී නම් මංගල උත්සව සංවිධානය වන්නේ විවිධ තේමාවන් ඔස්සේ ය. එබැවින් ඒ තේමාවට ගැළපෙන පරිදි මේස සැරසිලි සකසා ගැනීම සිදුවේ. ඊට අමතරව මනාලිය සහ ඇයගේ යෙහෙළියන් හැඩ වැඩ වෙන ඇඳුම්වල වර්ණයත්, ඔවුන්ගේ මල් කලඹ ආදියට ගැළපෙන පරිදි මේස සැරසිලි සකසා ගැනීමත් සිදු කෙරේ.

 

ඔබ දකින මේ මේස සැරසිලි හරිම සිත් ඇදගන්නා සුලුයි නේද? විවිධ හැඩයේ වර්ණවත් බෝතල්, වයින් වීදුරු, දැව කැබලි, ගෝනි ලණු සහ අලංකාර මලින් හැඩ වැඩ වූ මේ සැරසිලි මංගල උළෙලට අපූරු චමත්කාරයක් රැගෙන ඒවි.

 

ඒ විතරක් නෙමෙයි මේ වගේ අපූරු සැරසිල්ලක් ඔබේ නිවෙසේ පැවැත්වෙන උත්සව අවස්ථාවක දී වුව කෑම මේසයට එකතු කළ හැකි නම් එමඟින් කදිම කලඑළියක් ඇති කරාවි.