බිත්තර කටුවෙන් මැවෙනා විසිතුර

දෙසැම්බර් 26, 2022

 

මේ වර්ෂ අවසානයේ අන්තිම සතියයි. තවත් දින හතකින් වසරක් ගෙවී නව වසරක් උදා වෙනවා. නැවුම් හැඟුම්, අලුත් බලාපොරොත්තු පොදි බැදගත් අලුත් අවුරුද්දකට පියනගන්නයි මේ දිනවල කොයි කවුරුත් ලක ලැහැස්ති වෙන්නේ.

 

ඒ විතරක්ද ? එළැඹෙන නව වසර වෙනුවෙන් තමන්ගේ පුංචි කැදැල්ල අලුත් කරලන්නට, එය ජීවයෙන් පුරවාලන්නට අපේ ගෘහණියන් අමතක කරන්නේත් නෑ.

 

බලන්න මේ අපූරු නිර්මාණ කිහිපය දෙස. නැවුම් වසරකට නැවුම්ම අදහසක් රැගෙන එනවා නේද ? මේ නිර්මාණ සඳහා එතරම් මිල මුදලක් වැය වෙන්නෙත් නැහැ. මන්ද මේ සියල්ල ඔබගේ නිවෙස තුළින් එහෙමත් නැත්නම් මුළුතැන්ගෙයින් ඉවතලන දේ හරහා ලබාගත හැකි නිසා. විශේෂයෙන්ම ඔබ ප්‍රයෝජනයට ගෙන ඉවත දමන බිත්තර කටු උපයෝගී කරගෙන මෙම නිර්මාණ සියල්ලම සකසා තිබේ. එහිදී බිත්තර කටු කැඩී නොබිඳෙන පරිදි පරෙස්සමට ස්වල්ප වශයෙන් කඩා ගත යුතුය. අනතුරුව මේ කටු ප්‍රවේශමට සෝදා වියළා ඉන්පසුව සිතැඟි පරිද්දෙන් වර්ණ ගන්වා ගත හැකියි.

 

ඊට අමතරව ඉටිපන්දම්, ඔබගේ ගෙමිදුලෙන් නෙළාගත හැකි විවිධාකාරයේ වර්ණවත් මල්, කොළ සේම වියළාගත් මල් කොළ, අතු ඉති, විවිධ හැඩතල සහිත අලංකාර බඳුන්, කොහු ලණු, විසිතුරු දෑ, පුංචි පුංචි සත්ත්ව රූප, වීදුරු බඳුන්, පාට පාට රිබන් ආදිය මේ නිර්මාණ සඳහා යොදාගෙන තිබේ. ඔබගේ නිර්මාණාත්මක හැකියාව කුසලතාවයන් යොදාගෙන කළ හැකි මේ නිර්මාණ මොනතරම් සුන්දරද ?