මුළුතැන්ගෙය වෙනසක් කරන ගෝණි නූල් නිර්මාණය

දෙසැම්බර් 26, 2022

 

ඉතින් ඔන්න අද මම අරන් ආවෙ ඔයාලට ගෝණි නූල් පාවිච්චි කරලා කරන්න පුළුවන් නිර්මාණයක්. ඕනම කෙනෙක්ට ලේසියෙන් හදාගන්න පුළුවන්. බලමුද ඕන කරන දේවල් ටික මොනාද කියලා..

 

ගෝණි නූල් පන්දුවක්

ඉවතලන CD එකක්

කාඩ්බෝඩ් කැබැල්ලක්

ග්ලූ ගන් එකක්

බයින්ඩර් ගම්

කතුරක්

ගෝල්ඩ් වර්ණයෙන් ෆැබ්රික් තීන්ත

පින්සලක්

ගෝල්ඩ් වර්ණයෙන් භාග පබළු 2ක්

 

සාදන ආකාරය බලමු.

 

මුලින්ම ගෝණි නූල් ගෙන CD එකේ මැද සිට රවුමට සම්පූර්ණයෙන් ඔතාගන්න.

 

දැන් මල සාදා ගැනීමට ගෝණි නූල් අඟල් 2/ අඟල් 3 / අඟල් 8 ප්‍රමාණ තුනකින් කපාගන්න. අඟල් 3නේ කපාගත් නූලේ කොනට ග්ලූ ගන් එක ආධාරයෙන් ගම් ස්වල්පයක් තවරා අලවාගෙන අඟල් 2කේ නූල ඒ මැදින් අලවා රූපයේ පරිදි මලේ පෙත්ත සාදාගන්න. මලක් සාදා ගැනීම සඳහා එවැනි මල් පෙති 5ක් අවශ්‍ය වේ. ඉන්පසු මලේ මැදරවුම සාදාගැනීමටඅඟල් 8 ප්‍රමාණයේ නූල ගෙන රවුමක් ආකාරයට ග්ලූ ගන් එක ආධාරයෙන් ගම් තවරමින් රෝල් කරගන්න.දැන් පත්‍රය සාදාගන්නා අයුරු බලමු.

කඩදාසිය ගෙන අඟල් 1.5 ප්‍රමාණයට පත්‍රයක් සේ කපාගන්න. දැන් එය මැද සිට ගෝණි නූල් රවුමට බයින්ඩර් ගම් මඟින් අලවා ගන්න.

 

ඉන්පසු CD එකෙහි එක පැත්තකට වෙන්න රූපයේ පරිදි මල් දෙක සහ පත්‍ර ලස්සනට අලවගන්න. ඒ මල මැදට පබළුවක් අලවගන්න.

 

දැන් ගෝල්ඩ් ෆැබ්රික් තීන්ත ස්වල්පයක් පින්සලට ගෙන CD එකේ සහ මල්වල තරමක් ආලේප කරගන්න.

 

බිත්තියෙ එල්ලා ගැනීම සඳහා ගෝණි නූල් අඟල් 12 ප්‍රමාණයෙන් නූල් කැබැල්ලක් ගෙන CD එකේ පිටුපසින් ග්ලූ ගන් එක ආධාරයෙන් අලවාගන්න.

 

දැන් ඔයාගේ මුළුතැන්ගෙයි කැමැති තැනකින් එල්ලලා ලස්සන බලන්න. ඔයාට පුළුවන් මේක ආලින්දයට හෝ කාමරය සරසගන්නත් යොදා ගන්න.

 

 

අත්කම් නිර්මාණ ශිල්පිනී

සුලෝචනා සෙව්වන්දි