කතිර මැහුම් රටා අතර පිපී දිළෙන මල් පොකුරක්

ජනවාරි 16, 2023

අලංකාරවත් ටියුලිප් සහ හයිඩ්‍රැන්ජියා මල් කිනිත්තකි. කෑම මේසය හැඩ කරන මේස රෙදි, ටේබල් මැට්, ටේබල් රනර්, අත්පිස්නා මෙන්ම බෑග් හා ළමා ඇඳුම් හැඩ කරන්නට මේ ලස්සන මල් කිනිත්ත භාවිත කළ හැකියි.

ඊට අමතරව පොත් කවර සඳහා මෙන්ම මේ මෝස්තරය එක බැගින් මැදට හා කොන් හතරට මසා ගැනීමෙන් කුෂන් කවරයකටත් භාවිත කළ හැකියි.

 

සුදු පාට අයිඩා රෙදි

ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල

කපු කැරැලි නූල්

රාමුව, කතුර

 

 

මෙය අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්දේ මසා ගන්නේ නම් දළ වශයෙන් සෙන්ටි මීටර් 9.98x10.70 ප්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ.

අඟලට කොටු ප්‍රමාණය මත තෝරාගත් රෙදි වර්ගය අනුව නූල් පොටවල් ගණන තෝරා ගන්න. මෙය ඔබට කොටු ගණන්කර මසාගත හැකියි. ළා නිල් පැහැයෙන් දැක්වෙන රේඛා කළු වර්ණ කැරැලි නූල් පොට දෙකක් භාවිතකර ආපසු මැස්මෙන් මසා ගන්න. මේ මෝස්තර අයිඩා රෙද්දේ මසා ගැනීමෙන් පසු එම කොටස් කපා නිර්මාණයට යොදා ගන්නා අමු රෙදි හෝ ලිනන් රෙදි මත තබා මසාගන්න.

කුෂන් කවරයක් සඳහා මසන්නේ නම් කුෂන් කවරයට අවශ්‍ය ප්‍රමාණය මැහුම් වාසි සහිතව අයිඩා රෙද්දෙන්ම කපා එහි මැද හා හතර කොනේ මසාගන්න. සුබ පැතුමකට ද මේ මල් පොකුර මසාගත හැකියි.