සොඳුරු යුවතිය හැඩ කරන රක්ත වර්ණ විලාසිතා

මැයි 1, 2023

 

අලුත් අලුත් ඇඳුම් අඳින්න අපි හැමෝම දක්වන්නේ පුදුම කැමැත්තක්. A වුණත් මේ පවතින ආර්ථික රටාව A කැමැත්තට හරස් කපනවා වෙන්න පුළුවන්.

හැමදාම ඔබට ළැබැඳි තරුණී නිරතුරුවම අලුත් වන විලාසිතා ඔබට ගෙන Aමට සූදානම්. ඔබේ දෑතින්ම මසාගත් මේ විලාසිතාව ගමනට බිමනට කදිමට ගැළපෙන විලාසිතාවක් බවත් කිව යුතුමයි. නවතම විලාසිතාවන්ට ඇල්මක් දක්වන ඔබටම මෙය නිර්මාණය කර ගැනීම හරහා අලංකාරය මෙන්ම ඔබ පිළිබඳ අභිමානයද ගොඩනඟා ගන්න පුළුවන්.

මේ අලංකාර ඇඳුම හරියටම මසන්නේ කොහොමදැයි අපි දැන් බලමු.

කඳ කොටස, උරහිස, පපුව වට, ඉණ වට, කර පළල, කර ගැඹුර, අත දිග, අත වට, කලිසම, ඉණවට, කලිසම සඳහා උස, කකුල වට ප්‍රමාණය, කර වට උස

 

කඳ කොටස උරහිස දෙකට බෙදන්න. පපුවට හතර බෙදා අඟල් 1ක් එකතු කරන්න.

ඉණවට

අතවට දෙකට බෙදා අඟල් 1ක් එකතු කරන්න.

මෙම ඇඳුම සඳහා රෙදි යාර 2 1/2 පමණ ප්‍රමාණවත් වේ. (ශරීර ප්‍රමාණය අනුව වෙනස් වේ)

ටොප් එක බල වාටිය මත තබා ගන්න. ඉන් පසු 1 පිටුපසට කොට රේඛාවක් ඇදගන්න. (බොත්තම් වාසි) A ඇඳගත් රේඛාවේ සිට මේ ලකුණු කරන්න.

A -B රේඛාව මත උරහිස 2න්  බෙදා එම අගය ලකුණු  B සිට පහළට 1/2 ලකුණු කර AC රේඛාව ඇඳ ගන්න. (උරහිස රේඛාව)

ඉන්පසු A  සිට පහළට උරහිස  පහළට ලකුණු කර DE රේඛාව ඇඳගන්න. එහි පපුව වට /4+1 එක අගය ලකුණු කරන්න.

ඉන්පසු C හා E රේඛා යා කර එහි හරි මැද ලෙස ලකුණු කර 1/2 පිටුපසට ලකුණු කර අත කට ඇඳගන්න.

D සිට පහළටත් උරහිස /2 අගයම ලකුණු කර F - G රේඛාව ඇඳ එහි ඉණවට / 4+1 එක අගය ලකුණු E- G රේඛාව යා කර අංශය ඇඳගන්න.

A - I කර පළල ලකුණු කර A -බ් ඉදිරිපස කර ගැඹුර ලකුණු කර ඉදිරිපස කර ඇඳගන්න. පිටුපස කර A - ම් ලකුණු කර පිටුපස කර ඇදගන්න.

 

 

රෙද්ද දෙකට නවාගන්න. නැම්ම දිගේ මිමි ලකුණු කරන්න. A සිට පහළට සම්පූර්ණ අත උස ලකුණු කර A-B 4" ලකුණු කර BC රේඛාව ඇඳගන්න. (4“ සම්මත අගයකි)

B - C රේඛාව මත උරහිස / 2 අගය ලකුණු කරගන්න.

අත දිග ලකුණු කළ තැන සිට හරහට ඉරක් ඇඳගන්න. D රේඛාව එහි අතවට / 2+1 අගය ලකුණු කරන්න.

ඉන්පසු යට වාටිය සඳහා 1 පමණ තබා C -D හා A C යා කර ගන්න.

A - C හරි සමාන කොටස් හතරකට බෙදා  අඟල් 1/2ද පහළින් 1/2 ඇතුලට ද ලකුණු කර අත් හැඩය ඇඳගන්න.

 

 

ඉණවට / 4+1 එන අගය රෙද්ද නැම්මට නවා ගත් ස්ථානයේ සිට හරහට ලකුණු කරන්න. A ලෙස නම් කරන්න.

A සිට පහළට 2“ ලකුණු කර Waist Band  ඇඳ ගන්න.

*එතැන් සිට පහළට කරුවට උස ලකුණු කර (B) කරුව ඇඳගන්න. BC රේඛාව ඇද එහි ඉදිරියට 2 1/2 ලකුණු කර E ද E සිට 3“ ලකුණු කර F ද  ඇඳ ගන්න.

කලිසම උස ලකුණු කර කකුලවට  දෙකට බෙදා අඟල් එකක් එකතු කර එන අගය G රේඛාව මත ලකුණු කරන්න.

E හා F H වෙත යා කරන්න. E H රේඛාවේ දිග මැන F H රේඛාව ලකුණු කර පිටුපස පළුවද ඇඳගන්න. ඉන්පසු Qash Band එක වෙන්කර ගන්න.  ඉදිරිපස පළුවක් හා පිටුපස පාළුවක් සකසා නැම්මට තැබු රෙද්දක් මත තබා

මසා ගන්න

ටොප් එක උරහිස් මූGටු කර අත මසා ගන්න. බොත්තම් දැමී්ම සඳහා Open එක මසාගන්න. අංශය මසා නිම කර ඉදිරිපස යටකොටසට කැමැති ප්‍රමාණයක පටියක් අල්ලා ගන්න.

කලිසම කොටස Waist Band එක මසා කරුව කොටස ඉදිරිපස හා පිටුපස මසා ගන්න. ඉන්පසු යට වාටිය මසාගන්න.

 

උපදෙස් -

මැහුම් උපදේශිකා සිතාරා නවරත්න

 

ඡායාරූප - ශාන් රූපස්සර