සොඳුරු රිබන් මලෙන් බිත්තිය සරසමු

මැයි 8, 2023

නෙක වර්ණ රටා මැවිය හැකි සොඳුරු කලාවක් ලෙස රිබන් එම්බ්‍රොයිඩරි කලාව හඳුන්වන්න පුළුවන්. එම කලාවෙන් විවිධ නිර්මාණ බිහි කරන්නට ඔබ නිරතුරු සූදානම්  බවත් අප දන්නා දෙයක්.

රිබන් එම්බ්‍රොයිඩරි භාවිතයෙන් කාන්තා සහ ළමා ඇඳුම්, බිත්ති සැරසිලි, කුෂන් කවර, අත් බෑග්, පසුම්බි වැනි දෑ බහුල වශයෙන් අලංකාර කරගත හැකියි. විශේෂයෙන් ම බිත්ති සැරසිලි ලෙස භාවිත කෙරෙන දර්ශන ඉතාමත් අලංකාර ලෙස ස්වාභාවික පෙනුම ඉස්මතුවන සේ නිර්මාණය කිරීමට රිබන්වලට ඇත්තේ අපූර්ව හැකියාවකි.

බලන්න මේ නිර්මාණයේ සුන්දරත්වය ..හරිම අපූරුයි නේද..

මෙය ත්‍රිමාණ නිර්මාණයක් ලෙසින් සකසා ඔබේ විසිත්ත කාමරයේ බිත්තිය සරසන්නටත් කදිමයි. ස්වයං රැකියාවක් සොයන අයටත් ස්වයං රැකියාවක් ලෙස පවත්වාගෙන යා හැකි කඳිම කලාවකි.

 

ළා දම් පාට බේබි රිබන්

තද දම් පාට වර්ණයෙන් අඟල් 1/2 සිල්ක් සෙමින් රිබන්

ඔලිව් ග්‍රීන් ඔගැන්සා බේබි රිබන්

ළා කොළ පැහැ බේබි රිබන්

අඟල් 10 × 18 ප්‍රමාණයේ ලිනන් හෝ අමු රෙදි

‍රෝස, දම්, තැඹිලි, කහ පින්තාරූ තීන්ත

 

 

 

ලිනන් හෝ අමු රෙදි කොටස ගෙන රූපයේ දැක්වෙන පරිදි දම්, රෝස, තඹිලි සහ කහ යන පින්තාරු තීන්ත භාවිතකර ශේඩ් වෙන අාකාරයට වර්ණ ගන්වා ගන්න. වර්ණ ගන්වා ගත් මේ ලිනන් රෙදි කොටස හොඳින් වියළා ගන්න. තෙත ගතිය ඉවත් වූ පසු රෙදි කොටස මත මල් අවශ්‍ය ස්ථානය ලකුණුකර ගන්න. ඉන්පසු ඩාර්ක් ග්‍රීන් බේබි රිබන් එකෙන් මලේ රේණු ලෙස ෆ්‍රෙන්ච් නොට්ස් දමා ගන්න. ඉන්පසු ළා දම් පාට බේබි රිබන් එකෙන් යට සිට රේණු දෙසට ස්ට්‍රේට් ස්ටිච් එක ළඟින් දමා ගනිමින් පළමු වටයේ පෙති ටික මසා ගන්න. පළමු වටයේ හිඩැස් අතරින් ඒ ආකාරයෙන්ම දෙවන වටයේ පෙති ටික මසා ගන්න. රූපයේ පෙනෙන ආකාරයට බෝලයක් ලෙස ඩේසි මල මසා ගන්න. ලා දම් පාට අඟල් 1/2 සිල්ක් සෙටිං රිබන් එක ගෙන ඒ ආකාරයෙන්ම මලේ තුන්වැනි රවුම මසා ගන්න. අවසානයේ මලේ ඇති වටේ පෙති සඳහා අවසන් මල් පෙති රවුමේ සිට පිටතට ස්ට්‍රේට් ස්ටිච් දමමින් රූපයේ පෙනෙන ආකාරයට අවසන් මල් පෙති ටික ද මසා ගන්න. අවසානයට ඔලිව් ග්‍රීන් බේබි රිබන් යොදා ගනිමින් අවශ්‍ය තැන්වලට කොළ මසා ගනිමින් අලංකාර කරගන්න.

 

උපදෙස්

අත්කම් උපදේශිකා

ශලින්ද්‍රි අලෝකා