පොඩිත්තන්ගේ කාමරයට හරි ලස්සන කතිර මැහුම්

සැප්තැම්බර් 11, 2023

කතිර රටාවලට තියෙන ඉල්ලුම දවසින් දවස ඉහළ යන්නේ අප විසින් සපයන කතිර මැහුම්වල ඇති සුපැහැදිලි හා නිවැරැදිතාව නිසාමයි. ඔබගේ ඉල්ලීම් පරිදි අපි ඉතා පහසුවෙන් මසා නිමකළ හැකි අලංකාර කතිර මැහුම් ගෙන එන්නට සූදානම්. අද මේ කතා බහ කරන නිර්මාණයක් ඔබගේ නිවෙස අලංකාරය කරගැනීමට මෙන්ම දවසේ ආරම්භය ජවසම්පන්න කරගැනීමටත් මහෝපකාරී වේවි.

පොඩිත්තන්ගේ කාමරය සැකසීමට ඉතාමත් යෝග්‍ය මේ කතිර රටා ඔයාලත් මසාගන්න.

මනා ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව මසා ගන්නේ නම් ඔබටත් මෙවැනිම නිර්මාණයක හිමිකාරිනිය වන්නට පුළුවනි. ඒ වගේම මෙවැනි නිර්මාණ කිහිපයක එකතුවකින් පුංචි ස්වයං රැකියාවක් වුණත් ඇරඹිය හැකියි.

* අඟලට කොටු 11 හෝ 14 සුදු

පැහැති අයිඩා රෙදි කොටසක්

* නොම්බර 24 හෝ 26 ටැපැස්ට්‍රි ඉදිකටු

* රාමුවක්

* කතුරක්

 

 

මෙය අඟල් සෙන්ටිමීටර් 180 x 150 ප්‍රමාණයේ නිර්මාණයකි.

අඟලට කොටු 12 නම් සෙන්ටිමිටර් 38.10 × 31.75 ද අඟලට කොටු 14 නම් සෙන්ටිමීටර් 32.66 × 27.21 ද අඟලට කොටු 16 නම් සෙන්ටිමීටර් 28.57 × 23.81 ද ලෙසින් කොටු ගණන් කරමින් නිර්මාණය කරගන්න. මේ සඳහා නූල් පොටවල් තුනක් භාවිත කළ යුතුය. එමෙන්ම නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කැබැල්ලක් කපාගත යුතුය. ඒ සඳහා හතර පැත්තෙන්ම අඟල් දෙක බැගින් හෝ අඟල් තුන බැගින් තබා ගන්න. අඟල් දහයෙන් දහයට නූල් ඇඳගැනීම මඟින් මෝස්තර මැසීම පහසුවෙන්ම කරගත හැකියි. වෙ‍ෙළඳපොළේ air issabel නමින් පෑනක් ඇත. එය මඟින් ද රෙද්දේ කොටු ඇඳ ගත හැකියි. එය පැය විසි හතරක් වැනි කාලයක් තුළ මැකී යයි. ඔබ කිසිවිටෙකත් කොටු වෙන්කිරීමට පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න.

ඒවා සංකේත මඟින් අප ලබා දී තිබේ.

 

උපදෙස්:-

ප්‍රවීණ කතිර මැහුම්

නිර්මාණ ශිල්පිනී පූර්ණා කුලරත්න