සොබාදහමේ චමත්කාරය අපූරුවට ගෙනෙන මල් ගොමුව

ඔක්තෝබර් 9, 2023

සුවහසක් තරුණී පාඨකයන්ගේ ඉල්ලීම ඉටු කරමින් ආරම්භ කළ කතිර මැහුම් ඉස්කෝලේ

අපි මේ ගත කරන්නේ හිතට තරමක් පීඩාකාරී කාල වකවානුවකි. කොයි කාගෙත් ආර්ථික තත්ත්වය එතරම් සතුටුදායක නොවේ. ඉතින් මනා ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව මෙවැනි කතිර රටා මසා ගන්නේ නම් ඔබටත් පුංචි ස්වයං රැකියාවක හිමිකාරිණියක වන්නට පුළුවනි.

මේ සොබාදහමේ චමත්කාරය අපූරුවට ගෙනෙන මල් ගොමුවකි.

අඟලට කොටු 11 හෝ 14 සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්බර 24 හෝ 26 ටැපැස්ට්‍රි ඉදිකටු

රාමුවක්

කතුරක්

මෙය අඟල් 24.13 x 28.85 ප්‍රමාණයේ නිර්මාණයකි. අඟලට කොටු 11 රෙද්ද භාවිත කරන්නේ නම් නිර්මාණය තරමක් විශාල වේ. එමෙන්ම ඒ සඳහා නූල් පොටවල් තුනක් භාවිත කළ යුතුය. මෙම නිර්මාණය සඳහා අඟලට කොටු 14 හා පොටවල් 2 යොදා ගෙන ඇත. එමෙන්ම නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කැබැල්ලක් කපාගත යුතුය. ඒ සඳහා හතර පැත්තෙන්ම අඟල් දෙක බැගින් හෝ අඟල් තුන බැගින් තබා ගන්න. අඟල් දහයෙන් දහයට නූල් ඇඳගැනීම මඟින් මෝස්තර මැසීම පහසුවෙන්ම කරගත හැකියි.

වෙළඳපොළේ air issabel නමින් පෑනක් ඇත. එය මඟින් ද රෙද්දේ කොටු ඇඳ ගත හැකියි. එය පැය විසි හතරක් වැනි කාලයකින් මැකී යයි. ඔබ කිසිවිටෙකත් කොටු වෙන්කිරීමට පෑනක් හෝ පැන්සලක් භාවිත නොකරන්න. මෙම නිර්මාණය සම්පූර්ණ කතිර මැස්මෙන් මසා ඇත.

 

උපදෙස්:-

ප්‍රවීණ කතිර මැහුම්

නිර්මාණ ශිල්පිනී

පූර්ණා කුලරත්න