හිතේ ඇඳුණු කදිම ගවුම ඔබේ අතින් මසාගන්න

ඔක්තෝබර් 9, 2023

සෑ ම යුවතියක්ම ලස්සනට හැඩවන්න කැමැතියි. ඒ නිසාම යුවතියන් ඇඳුම් පැලඳුම්වලට දක්වන්නෙත් මහත් රුචිකත්වයක්. එහෙත් තමන්ගේ හිතට ගැළපෙන ඇඳුමක් සොයා ගැනීමට නම් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් හිතේ ඇඳිලා තියෙන ඇඳුම තමන්ටම මසා ගන්න පුළුවන්නම් ඒක කොයි තරම් අපූරුද?

 

මේ කොටු කර සහිත ගවුමකි. පහළටම ඇති ඉදිරිපස විවරය සඳහා බොත්තම් පේළියක් අල්ලා ඇත. එය මේ ගවුමට අලුත්ම විලාසිතාවක් ගෙන දී තිබේ.

 

මේ ගවුම මසා ගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. එහෙත් අපි ඉතාමත් පහසු සරලම ක්‍රමය අනුව අද මේ ගවුම මසා ගනිමු.

මෙන්න ඒ සඳහා අවශ්‍ය මිමි

 

* උරහිස අඟල් 16

* කරවට අඟල් 15

* කර ගැඹුර අඟල් 5

* ඉණ දක්වා උස අඟල් 15

* උකුළ දක්වා උස අඟල් 23

* උස අඟල් 32

* පපුව වට අඟල් 35

* ඉණ වට අඟල් 30

* උකුළ වට අඟල් 38

 

පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබාගන්න. බලවාටියේ සිට අඟල් 2ක් තබා නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඒඕ වේ. ඕ සිට අඟල් 1 3/4

ක් පහත්කර ඒ ලක්ෂ්‍යයට යා කරන්න. එය ඒඛ් වේ.

 

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර ඒ සිට පහතට ලකුණු කරන්න. එය ඒච් වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය ඒඛ් රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඒඡ් වේ. ච්ඡ් යාකර මූලික කර අඳින්න. අවශ්‍ය කර ගැඹුර පහත්කර කර අඳින්න.

 

ඡ් සිට පහතට ඉණ දක්වා උස උකුළ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර හරහට රේඛා අඳින්න.

 

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර ඒ සිට පහතට ලකුණු කරන්න. එය ඒජ් වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

 

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ජ්ට් වේ.

 

ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඩ්ධ් වේ.

 

උකුළ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය බ්ම් වේ. ට්ධ්ම් යාකර අංශය අඳින්න. ඬ සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය ම්ඹ් වේ. ඹ් සිට ඇතුළට අඟල් 1ක් ලකුණුකර ම්ට යා කරන්න.

 

අත්කට වක්‍රය ඇඳීම සඳහා ඛ් සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. ඛ් සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

කරට යොදා ඇති මන්තය නැතිනම් ෆිල් එක සඳහා ෆ්ලෙයාඩ් සාය ආකාරයට හෝ ෆුල් ෆ්ලෙයාඩ් සාය ආකාරයට නවා කපා ගත හැකියි.

පසුපස

ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මේ සිට අඟල් 1/2ක් අඩුවෙන් තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කර අඳින්න.

අත

 

අත සඳහා රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය ඒඕ වේ. හරහට රේඛාව අඳින්න. ඒ සිට පහතට උස පහත්කරන්න. එය ඒඛ් වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය ඒ සිට හැඩේට ලකුණු කරන්න. එය ඒච් වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණුකර අත්කට වක්‍රය අදින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදන්න. එම පිළිතුරට මැහුම් වාසි හා රැලි සඳහා එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඕඡ් වේ. ඡ්ච් යා කරන්න. මූලික අත සාදාගත් පසු රැලි සඳහා රූපසටහනේ පරිදි ලකුණුකර බෝරිච්චි අත සාදා ගන්න.

 

මෙලෙසින් මසා ගන්න.

 

* උරහිස මසන්න.

* අත රැලිකර සාදා අත අල්ලා ගන්න.

* අංශය මසන්න.

* වාටිය මසන්න.

* ඉණට පටියක් මසා අල්ලා ගන්න.

 

 

උපදෙස් -

මැහුම් නිර්මාණ ශිල්පිනී

දිලූෂි දසනායක