මල් ගොමුවේ පුංචි සුරඟනන්

පෙබරවාරි 26, 2024

මලින් පිරුණු මල් ගොමුවක මල් නෙළන හරි ලස්සන සුරඟනන් දෙදෙනෙක්... මේ වගේ සැරසිල්ලකින් පුංචි දෝණිගේ කාමරය සරසන්න හැකි නම් කෙතරම් අගනේ ද? මේ හරි අපූරු නිර්මාණය පේපර් ක්විලීන් ක්‍රමයට ඉතා පහසුවෙන් නිර්මාණය කරගත හැකියි. විවිධ වර්ණ යොදාගෙන කරන මේ නිර්මාණයෙන් දියණියගේ කාමරයට වෙනස්ම කලඑළියක් ගෙන දේවී.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පේපර් ශේඩරය

ක්වීලින් ටූල් එක

ගම්

කතුරක්

පැන්සලක්

ටුවිසරයක්

ක්‍රීම්, කහ, තද කොළ, ළා කොළ, තැඹිලි, රතු, ළා දම්, දුඹුරු, ළා රෝස සහ මෙරුන් වර්ණ වලින් A4 කොළ

ළා කොළ පැහැ A4 බෝඩ් එකක්

 

නිර්මාණය කරගන්නා ආකාරය

 

පළමුව ළා කොළ පැහැති A4 බෝඩ් එක ගෙන එහි රූපයේ පෙන්වා ඇති පරිදි දළ සටහනක් ඇඳගන්න. ඉන්පසු රූපයේ පෙනෙන පරිදි අවශ්‍ය වර්ණවලින් පේපර් ශේඩරය ආධාරයෙන් A4 පටි කපා ගන්න.

නිර්මාණය කිරීමේදී ප්‍රථමයෙන් ඇඳගත් දළ සටහනේ මැද සිටින සුරඟනන් දෙදෙනාගේ හැඩයට ඒ ඒ අදාළ තැන්වලට ගැළපෙන වර්ණවලින් A4 කොළ කපා අලවා ඒ වටා අදාළ වර්ණයන්ගෙන් A4 පටි අවශ්‍ය හැඩයට අලවා ගන්න. සුරඟනන් දෙදෙනාගේ කොණ්ඩය උඩ කොටස තැඹිලි, ක්‍රීම්, මෙරුන් පැහැති A4 පටි දිගු අතට කොණ්ඩයේ හැඩය පෙනෙන පරිදි ටුවිසරයක් ආධාරයෙන් හැඩකර අලවා ගන්න. තැඹිලි, මෙරුන් පාටින් ලූස් රෝල් සාදා අවශ්‍ය ප්‍රමාණයට අලවා ගන්න. කොණ්ඩයේ පහළ කොටස මෙරුන් පැහැති A4 පටි දික් අතට පහළට අවශ්‍ය ලෙස හැඩකර ලූස් රෝල් ද සමඟින් අලවන්න.

ඇඟ කොටස කහ, තැඹිලි, ළා කොළ පටිගෙන හැඩකර ද පියාපත් ද රූපයේ පෙනෙන පරිදි A4 පටි ගෙන හැඩකර ද පියාපත් ද රූපයේ පෙනෙන පරිදි A4 පටිගෙන හැඩකර අලවා අවශ්‍ය තැන්වලට ලූස් රෝල් ද සාදා අලවා ගන්න.

තද කොළ, ළා කොළ, A4 පටි අවශ්‍ය හැඩයට සකසා අලවා සී ස්ක්‍රොල්, ලූස් ස්ක්‍රොල්, එස් ස්ක්‍රොල්, මාකිස් හැඩතල ද සාදා අලවා ගන්න. පෙනෙන පරිදි ක්‍රීම්, කහ සහ ළා රෝස පාටින් ලූස් රෝල් ද සාදා දම් පාට මල්වලටත්, ලූස් රෝල් සාදා අනෙකුත් මල් ටියර් ඩ්‍රොප් හැඩයට සාදා අලවා ගන්න. තටු අදාළ වර්ණයන්ගෙන් A4 පටිගෙන එකට අලවා තටු සාදා අලවා ගන්න.

 

උපදෙස්

අත්කම් නිර්මාණ ශිල්පිනී

බිස්මි රංගනා කුරුවිට ආරච්චි

හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ, නොවිධිමත් අධ්‍යාපන අත්කම් උපදේශිකා,