ආලින්දයේ හැඩටයි ගමන්මලු හැඩකරන්නයි

කදිම කතිර රටා
මාර්තු 18, 2024

අාදරණීය කාන්තා ඔබේ මාසයේ, තරුණී වෙතින් පිදෙන සෙනෙහෙබර තිළිණයකි මේ. ආලින්දය සරසන කුෂන් කවරයක් වගේම ගමන් මලු හැඩකරන කතිර රටාවකි. මේ නිර්මාණ පෙළට වඩාත් සුන්දරවූත් අලංකාරවූත් පෙනුමක් ගෙන දෙන්නේ කපු කැරැලි නුල්ය. නුල් කැරැල්ලක පොටවල් 06ක් ඇති අතර අඟලට කොටු ගණන් කරමින් සොඳුරු නිර්මාණයකට ඔබත් මෙලෙස ජීවය දෙන්න.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක් 11ක් 14ක් 16ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්

නොම්මර 18, 24 සිට නොම්මර 26 දක්වා ටැපැස්ට්‍රි ඉදිකටු

අවශ්‍ය වර්ණ කපු කැරැලි නූල්

රාමුවක්

කතුරක්

නිර්මාණය කිරීම

ඔබ තෝරා ගන්නා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. මේ නිර්මාණය අඟලට කොටු 12ක් ඇති අයිඩා රෙද්දේ මසන්නේ නම් වඩාත් පහසුය. එසේම මෙය ඔබට අවශ්‍ය ප්‍රමාණය ගෙන කොටු ගණන්කර මැසිය හැකියි. නැතිනම් නිර්මාණයේ මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ.

මෙම නිර්මාණය කුෂන් කවරයකට, ගමන් මල්ලකට ගළපා ගත හැකි බැවින් එය මැසීමට රාමුවක් යොදා ගන්නේ නම් වඩාත් පහසුයි.