වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
අයිස් කෝටුවෙන් නයිස් වැඩ ගොඩක්
ඔයාගේ ජීවිත කාලය තුළ කොයිතරම් අයිස්පලම් කාලා තියෙනවද? අයිස්පලම් කාලා අයිස්පලම් කෝට්ට විසික් කරනවා නේද? අද ඉඳන් ඵලක් ඇති වැඩක් කරමුද? මේක පොඩිත්තන්ට අපූරු ක්‍රියාකාරකමක් වේවි. ඒ මේ අත විසිකරන අයිස් පලම් කෝටු නිසා පරිසරය අපවිත්රත් නොවේවි.
අවශ්‍ය ද්‍රව්‍ය
අයිස්පලම් කෝටු (popsicle stick)
හිස් වීදුරු ජෑම් බෝතලයක් හෝ ඉවතලන කුඩා ටින් එකක්
හොට් ග්ලූගන්
රතු වර්ණයෙන් හෝ ඔබට කැමැති වර්ණයක ටූවයින් නූල්
වර්ණ කිහිපයකින් ෆැබ්රික් තීන්ත හා පින්සලක්
සාදන අයුරු
මුලින්ම ජෑම් බෝතලය හොඳින් පිරිසුදු කරගෙන පසෙකින් තබාගන්න.
අයිස්පලම් කෝටු එකිනෙක වර්ණයන්ගෙන් යුතුව වර්ණ ගන්වාගන්න.
පැය කිහිපයකින් එය වියළීමෙන් පසු ග්ලූගන් එක ආධාරයෙන් එක පෙළකට සිටින සේ අලවාගන්න. ඉන්පසු ජෑම් බෝතලයේ පිටත වැසෙන සේ වටේට අල්වාගන්න.
අලංකාරයට අඟලක පමණ ප්‍රමාණයෙන් ඉහළින් සහ පහළින් ටුවයින් නූල වට 3-4ක් ඔතාගන්න.
අවශ්‍ය නම් ඔයාලට වෂී ටේප්, භාග පබළු, සීකුවින්ස්, රිබන් වර්ග, ලේස් රෙදි හෝ රේන්ද වර්ග මෙය සැරසීම සඳහා භාවිත කරන්න පුළුවන්. එසේත් නොමැතිනම් අයිස්පලම් කෝටුවල වර්ණ නොගන්වා වුවද පාවිච්චි කරන්න පුළුවන්.
දුවගෙ පුතාගෙ පාඩම් කරන මේසෙ උඩ තියන්න. කෑම මේසෙ මල් බඳුනක් ලෙස, ර්චඬඥභන බඩු දාන්න, දත් බුරුසු රඳවන්න, මුළුතැන්ගෙයි හැඳි ගෑරුප්පු රඳවන්න හෝ පාසලේ ගුරුතුමියට තෑගි කරන්නත් කදිමයි. කොහොම නමුත් නව නිර්මාණ පෙළකට හිමිකම් කිව හැකියි. මේ ආකාරයට පොප්සිකල් ස්ටික් භාවිත කර ඉතා අලංකාර වටිනා නිර්මාණ රැසක් හදන්න පුළුවන්.
අත්කම් නිර්මාණ ශිල්පිනී
සුලෝචනා සෙව්වන්දි