ලග්න පලාපල

2019 12- 16 සිට 12- 22 දක්වා
දෙසැම්බර් 18, 2019

 

වෘෂභ - පැරැණි හිතවත්කම් අලුත් වේ

සිංහ - පවුලට නව සාමාජිකයකු එක්වේ

ධනු - කීර්ති ප්‍රශංසා හිමි වේ

 

 

ශාරීරික වෙහෙස

මහන්සිය ගෙනදේ

මේෂ

 

අවිවේකී සතියකි. යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. පවුලේ කෙනකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් වෙහෙසකාරී බවක් ඇති කරයි. විශ්වාසවන්ත හිතවතකුගේ පැමිණීමක් හේතුවෙන් කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට හැකිවේ. සතිය මැද කාලයේ සහෝදර පක්ෂය සමඟ ඇතිකරගත් සිත් අමනාපයක් දුරදිග යන ලකුණු ඇති කරයි. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරාගැනීමට කටයුතු සැලසෙන කාලයකි. ශරීරයට වෙහෙස මහන්සිය ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සති අන්තයේ ඔබගේ අසනීපකාරී බවක් දුරදිග යයි.

 

සිත් කලකිරීමක්

වෘෂභ

 

සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියකි. ඥාතී හිතවතකුගෙන් උදවු උපකාර හිමිකරන සතියකි. ශාරීරික අප්‍රාණික ගතිපැවතුම් ඇතිවීමෙන් වෛද්‍ය උපදෙස් පතන කාලයක් බැවින් කල්පනාකාරී වන්න. පවුලේ වැඩිහිටියකු නිසා සිත් කලකිරීම් ඇතිකරයි. සතිය මැද කාලයේ පවුලට අලුත් සාමාජිකයකු එක්වන ලකුණු පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති බැවින් සැලකිලිමත් වන්න. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. රැකියා කටයුතුවල යම් යම් ප්‍රමාද වීම් ඇති වේ.

 

සිතේ නොසන්සුන්තාවයක්

මිථුන

 

අවිවේකී බව මඟහැරෙමින් සතිය ආරම්භ වේ. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇතිවන සතියකි. නිතර පවුලේ අය සමඟ නුරුස්සන ගති, වාදවන ගති ඇති වේ. තම සහෝදරයකුගේ උපකාරයක් හේතුවෙන් අතපසුවූ කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු ඇත. තමා යන එන ගමන් පිළිබඳ විමසිලිමත්ව කටයුතු කළයුතු කාලයකි. කලබලකාරී ගති පැවැතුම් හේතුවෙන් අතපසුවීම් ඇතිකරයි. දත් අමාරු සතියේ මැද වනවිට ඇති කරයි. ප්‍රතිකාර ගැනීමටද සිදුවේ. රැකියා ස්ථානවල ඇතිවිය හැකි මතභේදයක් හේතුවෙන් සිත් කලකිරීමක් ඇති වේ. හදිසි ආදායම් මාර්ගයකට ඉඩ ලැබෙන සතියකි.

 

රැකියාව සම්බන්ධ කලකිරීමක්

 

කටක

 

වගකීම් බහුල වෙමින් සතිය ආරම්භ වේ. තීරණ ගැනීමේදී වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු කාලයකි. අන්සතු වූ වස්තු ලාභයක් හේතුවෙන් වෙහෙසී වැඩ කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට අතගැසීමට යහපත් කාලයකි. සහෝදර බහින්බස් වීමක් දුරදිග යා හැකියි. යටපත් වූ අසනීප තත්ත්වයක් නැවත මතුවීමට හැකියි. රැකියා කටයුතු සම්බන්ධව සිත් කලකිරෙන ආරංචියක් අසන්නට ලැබේ. වාහනයක් සම්බන්ධව නොසිතූ ලෙස වියදම් වැඩි කරයි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් පවුලේ ඇති වන මතභේදකාරී තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙනේ.

 

හදිසි විදෙස් ගමනකට ඇරැයුම්

 

සිංහ

පවුලේ ගැටලු කීපයක් සමතයකට පත්වෙමින් සතිය ආරම්භ වේ. අමතර ආදායම් මාර්ගවලට කටයුතු සැලසෙන කාලයක් වන අතර හදිසි මුදලක් වැයවන අන්දමේ කරුණු කීපයක් සැලසේ. රැකියා කටයුතු උදෙසා වෙහෙසී වැඩකරන කාලයකි. අලුත් ආදායම් මාර්ග කීපයක් පිළිබඳ ආරංචි දැනගන්නට ලැබේ. සතිය ගෙවී යද්දී හදිසි විදෙස් ගමනකට ඇරැයුම් ගෙන එයි. නිවෙසේ සාමාජිකත්වය වැඩිවන ලකුණු පෙන්නුම් කරන සතියකි. පවුලේ ආගමික වැඩසටහනක් හේතුවෙන් කාලයත්, ශ්‍රමයත් වැයවන අන්දමේ කරුණු කීපයක් යෙදේ.

 

විශේෂ සැලසුමක්

සාර්ථක වන ලකුණු

 

කන්‍යා

 

සිත් කලකිරීමක් හේතුවෙන් මතභේදකාරී තත්ත්වයක් සමඟ සතිය ආරම්භ වේ. හිතුමතයට කටයුතු කිරීමෙන් පාඩු කීපයක් අත් කරයි. විශේෂ සැලසුමක් සාර්ථක වන ලකුණු පෙනේ. තමා නිසා පවුලේ කෙනකුට විශාල පාඩුවක් වියහැකි සතියකි. රැකියාවේ කටයුතුවලදී වෙනදාට වඩා සැලකිලිමත් වියයුතු කාලයකි. තරග විභාගවලට සම්බන්ධ අයට සුබදායක සතියකි. සතිය මැද කාලයේ දී ගේදොර පදිංචිය වෙනස්වන බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. විදෙස්ගත අයකුගේ උපකාරයකට හිමිකම් ලැබෙන සතියකි.

 

2019/12/18 තරුණි බලන්න..........