ලග්න පලාපල

මාර්තු 11, 2020

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ

 

වියදම් අධික වේ

මේෂ

විදෙස් ගමනක් වෙනුවෙන් සැලසුම් සකස් කරගන්නා කාලයකි. එමෙන්ම බහුවිධ මූලාශ්‍රවලින් ආදායම් ලැබිය හැකි බවක් පෙනේ. වැඩිමහල් සොයුරකුගෙන් උපකාරයක් හිමිවිය හැකියි. දුර බැහැර ගමනක් හේතුවෙන් වියදම් අධික වේ. ක්ෂණික කෝපය හේතුවෙන් පාඩු කීපයක් ඇති වේ. අසල්වැසි බහින් බස්වීමක් දුරදිග යා හැකියිවරින්වර නීති සහන පැතීමට සිදුවේ.

ව්‍යාපාරික කටයුතුවලින් වාසි

වෘෂභ

පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. කෙටි ගමන් බහුල වන බවක් පෙනේ. ව්‍යාපාරික කටයුතුවලින් වාසිදායක තත්ත්වයක් ඇති කරයි. විදෙස්ගතවීමට, සැලසුම් ඇති වේ. තමාට පාඩු විය හැකි කාලයක් බැවින් කල්පනාකාරී වන්න. මවුපස ඥාති කෙනකුගේ අසනීපයක් හේතුවෙන් වෙහෙසී වැඩ කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලීම යහපත් වේ.

විශ්වාසය බිඳ වැටීමක්

මිථුන

දුරබැහැර යන ගමන් හේතුවෙන් නොසිතූ ලෙස කරදර ඇති වේ. උසස් අධ්‍යාපන කටයුතුවලට තරමක් දුරට බාධාකාරී තත්ත්වයන් ඇති කරයි. සැලසුම් සහගත කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවේ. තම සේවා ස්ථානයේ කාර්යබහුල බවක් නිතර ඇති කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වියදම් කිරීමට සිදුවේ.

ඉවසීමෙන් කටයුතු කළයුතු කාලයකි

කටක

විදෙස්ගත හිතවතකුගේ පැමිණීමක් සිදුවිය හැකි කාලයකි. නිතරම තමා පිනට දහමට යොමුව කටයුතු කරන බවක් පෙනේ. තමා නොකළ වරදකට දඬුවම් හිමි කරයි. ඥාතියකු පිළිබඳ සිත් තැවුලක් අසන්නට ලැබේ. පවුලේ සමගියට සමාදානයට කටයුතු සැලසේ. උස් ස්ථානවල කරන කටයුතුවලින් වැළකී සිටීම අවාසි කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ. සෙම් රෝග ඇතිවන කාලයක් බැවින් ප්‍රවේසම් වන්න.

ගනුදෙනුවලට වාසි

සිංහ

විදෙස් ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වෙමින් සතිය ආරම්භ වේ. අමතර වගකීමක් තමා වෙත පැවරෙන අතර හිතවතකුගේ සහාය ඇතිව කටයුතු කීපයක් නිමාකර ගැනීමට අවස්ථාව සැලසේ. උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිවන කාලයකි. විදෙස් ලැබීම් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. නැතිවූ දෙයක් තමාට නැවත හිමිකරයි.

විදෙස් අයගෙන් ලැබීම් ඇතිවේ

කන්‍යා

වෙනදාට වඩා අවිවේකී බවක් ගෙනදෙන සතියකි. තීරණ ගැනීමේදී හොඳින් දුරදිග සිතා බලා කටයුතු කරන්න. ප්‍රේම සබඳතාවලට මාපිය විරෝධය හිමිවන කාලයකි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ. වැඩිහිටියකුගේ වගකීමක් තමා මත පැටවෙන කාලයකි. විදෙස් අයගෙන් ලැබීම් ඇති කරයි. තමා උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. වාහන

 

 

2020/03/11 තරුණි බලන්න