ලග්න පලාපල

මාර්තු 3, 2021

 

මේෂ ලග්නය

සිතැඟි පරිදි පැතුම් ඉටු වේ

 

මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ගෘහ ජීවිතය මෙන්ම යුග ජිවිතය ද සතුටුදායක වෙයි. අවිවාහක අයට මංගල සීනු හැඬවේ. තම සිතැඟි පරිදි බලාපොරොත්තු සපල වේ. පෙර පිං මතුවේ. රැකියා සපලවේ. ව්‍යාපාරය අත ගැසීමෙන් උසස් ආර්ථික තත්ත්වයක් උදාවෙයි. මුත්‍ර දෝෂ, කොන්ද, තුනටියේ ආපදා මතු කෙරෙනු ඇත.

 

වෘෂභ ලග්නය

ඖෂධ ගන්නේ ප්‍රවේශමින්

 

වෘෂභ ලග්නය හිමි ඔබට යම් තරමක විවාහ ගැටලුවක් ඇතිවීමට පුළුවන. සැකය හා වැරැදි අවබෝධය මත තම ආදර සම්බන්ධතා දෙදරා යන තත්ත්වයක් උදා වේ. ඒ නිසා තමා තවත් කෙනකු සමඟ කරන කතා බහ ඉතා සුපරික්ෂාකාරී ලෙස කළ යුතුවෙයි. යටි බඩ ආශ්‍රිත උවදුරු පෙන්වයි. ශරීර පැහැපත් භාවය සලසා ඔබ ගන්නා ඖෂධ විස විය හැකියි. මින් අදහස් කරන්නේ ලේ විසවීම් වැනි තත්ත්වයන් උද්ගත විය හැකි බවයි.

 

මිථුන ලග්නය

වාසනාවන්ත දරු උපත්

 

මිථුන ලග්නයට අනුව ඔබට මේ සතියේ මිශ්‍ර පල උදාවේ. ආර්ථික ලාභ, දරු සම්පත් උදා වේ.

කලක් දරුවකු පිළිබඳව තිබූ බලාපොරොත්තුව මාස කීපයකට පසු සපල වේ. රැකියා, ආර්ථික අභිවෘද්ධිය ද පවතී. කිසියම් විසිතුරු දේවල් අලෙවි කිරීමේදී ඔබට වැඩි ලාභයක් උපයා ගත හැකියි.

මල් වගාව විසිතුරු මත්ස්‍ය ව්‍යාපාර කරන අයට මෙන්ම මනාලියන් හැඩ ගැන්වීම් හා ඒ අයගේ මංගල ආභරණ හා උත්සව භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරික අයට සුබවෙයි. යටි බඩේ අසාත්මිකතා තත්ත්වයක් පැන නගී.

සැර, උෂ්ණ ආහාර අගුණයි

කටක ලග්නය

ව්‍යාපාර සපලවේ

 

කටක ලග්නය හිමි ඔබට කිසියම් ආර්ථික ලාභයක් සමඟ වාහන, ඉඩම්, නිවාස හිමිකමක් පෙනෙන්නට තිබේ. තම දෑතේ සවියෙන් උදාකර ගන්නා ව්‍යාපාරයක ප්‍රතිලාභ උසස් වෙයි.

රැකියා ස්ථානගත දියුණුව, වේතනයේ උසස්වීමක් සුබවාදී ස්ථාන මාරුවක් ඇති වේ. දුර බැහැර ගමනකට හේතු මතු කරන නමුදු ඔබ එබඳු ගමන්වලින් බැහැරව සිටීම පවා සුබ වේ. ඊට හේතුව පිට පළාතක දී ඔබට වඩාත් අනතුරු පෙන්වන නිසායි.

සිංහ ලග්නය

සුවිශේෂ උරුමයක්

 

සිංහ ලග්නය හිමි ඔබට මේ සතිය දේපළක හිමිකමක් පෙන්වයි. එසේම කලක් තිස්සේ තමාට හිසරදයක්ව තිබූ නීති ගැටලුවක් හෝ පවත්වාගෙන ආ නඩුවක් සාධාරණ තීන්දුවක් මඟින් අවසන් වන ලකුණු පෙනේ.

ඒ හා සම්බන්ධ උරුමයක් හෝ මුදල් ප්‍රතිලාභයක් ද හිමි වේ.

තමා කරගෙන ආ බොහෝ පරිශ්‍රමයන්ගෙන් යහපත් ප්‍රතිඵල උදාවන සතියකි.

කන්‍යා ලග්නය

උසස් නිර්මාණශීලී බවක්

 

කන්‍යා ලග්නයට අනුව ඔබ මේ සතියේ කරන නිර්මාණශීලී කටයුත්තක උසස් ප්‍රතිපල උදා වේ. සාරිවැඩ ගැන්වීම, විසිතරු මල්කම් නිර්මාණ හෝ කේක් නිර්මාණ මෙන්ම ඇඳුම් ව්‍යාපාරවලින් උසස් ආදායම් හිමි වේ.

සතිය මැද භාගයේ හදිසි මුදල් අලාභයකට වුවද ඉඩ ඇති නිසා සුපරික්ෂාකාරී ලෙස ගනුදෙනුවල නිරතවීම යහපත් වනු ඇත. තුනටියට, උගුරට අසාත්මිකතා පැන නගී.

 

තුලා ලග්නය

මුහුණු අලංකරණයට වැඩි ඉඩක්

 

තුලා ලග්නය හිමි ඔබට මේ සතිය සිය මුහුණෙන් අලංකාරය සඳහා වැඩි කාලයක් ගතකිරීමට සිදු වේ.

හේතුව සතිය පුරා බොහෝ උත්සව සඳහා ඔබට ඇරැයුම් ලැබෙන නිසාය.

තවත් විටෙක ඔබ නිවෙසේ පැවැත්වීමට නියමිත මංගල උත්සවයක් හෝ ඔබ මනාලියක හෝ මනාලයකු වන දිනය මේ සතිය ඇතුළත විය හැකි බැවිනි.

වෘෂ්චික ලග්නය

අවිවේකී සතියක්

 

වෘෂ්චික ලග්නයට අනුව ඔබ වාසස්ථානයෙන් පිට, දුර පෙදෙසක කටයුත්තකට යාමට හේතුවෙයි.

විශේෂයෙන් කිසියම් වෘත්තීය කටයුත්තක් නිසා අවිවේකය දැඩිව දැනෙනු ඇත.

පාදයේ කිසියම් හදිසි අනතුරක් නිසා හෝ වළළුකර ආශ්‍රිත පෙරළීමක් ඇමැට්ටියක් හේතුකොටගෙන අපහසුතාවට පත්වේ. ප්‍රවේශම් වන්න.

වඩ වඩාත් ආගමික කටයුතු කෙරේ යොමුවිය යුතු හා ඉන් ඉතා උසස් මානසික සුවයක් උදාකර ගත යුතු සතියකි.

ධනු ලග්නය

යහපත් ආයෝජනයක්

 

ධනු ලග්නයට අනුව මේ සතිය තම ආර්ථික ප්‍රතිලාභයකට හේතු වේ.

අය පක්ෂය උසස් වන අයුරින් සතිය ආරම්භවේ. තමාට ලැබීමට තිබූ ණය මුදලක් හෝ ව්‍යාපාරයකට සූදානම් කොට ඉතිරිකර තිබූ මුදලක් යහපත් ආයෝජනයකට යොමු කිරීමට ඔබට හැකි වේ.

මානසික සුවය සුරක්ෂිත වන අයුරින් කටයුතු කරන්න. හවුල් ව්‍යාපාර සුබ නැත.

 

මකර ලග්නය

රැකියා හා ආර්ථික සපලතාවක්

 

මකර ලග්නය හිමි ඔබට මේ සතිය රැකියා ස්ථානයේ උසස් වීම් සමඟ යහපත් ආර්ථික ප්‍රතිලාභයක් ද දකින්නට ලැබේ. තම සිතැඟි අනුව මිස අන් අයගේ උපදෙස් අනුව ක්‍රියා නොකරන්න. තමා නොමඟ යැවෙනසුලු උපදෙස් ලැබෙන්නට පුළුවන. තමා ඇඳුම් පැළඳුම් කෙර් නිරපරාදේ කළ වියදම් කළ ධනයක් සම්බන්ධව පසුතැවෙන සතියකි. දණහිස ආශ්‍රිත උවදුරු පෙනෙන්නට තිබේ. ප්‍රවේශම් වන්න.

 

කුම්භ ලග්නය

ආගමික ස්ථානයකට පරිත්‍යාග

 

කුම්භ ලග්නයට අනුව මේ සතිය ඔබගේ පෙර පින පළදෙන වාසනාවන්ත සතියකි. කිසියම් උරුමයකට මඟ පෑදේ. පුන්‍යවන්ත කටයුතු රැසකට කැපවී ක්‍රියා කෙරේ. ආගමික ස්ථානයක ඉදකිරීම් සඳහා මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමට අවස්ථාව උදා වේ. ආර්ථික අතින් ද ඔබ ශක්තිවන්තයකු කරයි. වැයට වඩා අය වැඩි වේ

 

මීන ලග්නය

අන් අයගෙන් උසස් සහාය

 

මීන ලග්නයට අනුව මේ සතිය ආරම්භය කිසියම් උවදුරකට හේතු විය හැකි වුවද සතිය මැද භාගයේ සිට ඒ සියල්ල අකාමකාවී සිතේ සතුට අභිවෘද්ධිය උදාවී තාමට අන් අය වෙතින් උසස් සහයෝගයක් ලැබේ.

කලක් නතරවී තිබූ සමාජ කටයුත්තක් යළි පටන් ගැනීමට හැකිවේ. ඒ වෙනුවෙන් ඔබ කැප කරන කාලය බොහෝ දෙනකුගේ ප්‍රශංසාවට හේතු වනු ඇත.

ආර්ථික යහපත මෙන්ම සිතේ සතුට උරුම කෙරන සතියකි.

 

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි