අලුත් වසරේ සුබ අසුබ

ජනවාරි 9, 2023

 

 මකර ලග්නයට හොඳ කලක්

 මේෂ ලග්නයට සුබ ආරංචි

 මිථුන ලග්න හිමියන්ට මංගල යෝග

 කාන්තාවන්ට සුබ ඵල ගෙනෙන වසරක්

 වෘෂභ ලග්න හිමියන්ට විදෙස් ගමන්

 වෘශ්චික ලග්නයට හදිසි ධනලාභ

 

සුබසෙත පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ කර්තෘ

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

අජිත් ධර්මසිරි

 

මේෂ

පෙර පින් මහිමය පලදෙයි

 

2023 වසර ඔබට පෙර පින් මහිමය උදාවන වසරකි. ධන සම්පත් අතින් සුබයි. පිටරට ගමන් යෙදේ. කලක සිට බලාපොරොත්තු වූ දේපළ හිමිකමක් ද ඔබ සතුවෙයි. වසරෙ මුල් වකවානුව බාධක වෙතත් වසරේ මැද භාගය වන විට ලැබීම් අතින් යහපත් ය. රැකිරක්ෂා අතින් දැනට පවතින බාධක අවසන්ව වසර ආරම්භයත් සමඟ සුබවාදී ආරංචි ලැබෙනු ඇත. ගෘහ ජීවිතය කාර්යබහුල වන නමුදු වසර මැද භාගයේ සිට නිදහස් අදහස් ක්‍රියාවට නැංවීමෙන් යහපත් මානසික සුවයක් උදාවනු ඇත. තම අභිවෘද්ධිය වෙනුවෙන් බොහෝ දෙනෙකුගේ ඇප උපකාර ලැබීමට පටන් ගනී. අධ්‍යාපනය හදාරන අයට උසස් විභාග ප්‍රතිඵල මෙන්ම උසස් අධ්‍යාපනයට ප්‍රවිෂ්ට වීමට අවස්ථාව ලැබේ. ශරීර සෞඛ්‍යය අතින් කුස උෂ්ණගත, මුත්‍රාදෝෂ හටගැනීමට පුළුවන.

අය –2, වැය 04 ජය අංකය – 05 සුබ වර්ණය –රෝස

මිථුන

රැකියා අභිවෘද්ධිය

මිථුන ලග්නයට අනුව ඉතා සුබ වසරකි. අවිවාහක අයට මංගල සීනු හැඬවෙන අතර තරුණ තරුණියන් අතරේ ආදර සබඳතා ලියලනු ඇත. අධ්‍යාත්මික පැත්තට යොමුවන ඔබ සමාජසේවා කටයුතු කෙරෙත් ප්‍රසාදයට ඇගයීමට ලක්වනු ඇත. ආර්ථිකය ද යහපත්වේ. රැකියා සපලවීම නිරන්තරයෙන්ම සිදුවන අතර මෙතෙක් දුරස්ව තිබූ වෘත්තීය යළි ඔබට හිමි වීමට නියමිතය. ඒ අතර ඔබ ගන්නා තීන්දු තීරණ වෘත්තීය ස්ථාන ගත ප්‍රධානින්ගේ පැසසුමට ලක්වෙයි. ගෘහ ජීවිතයේ කාර්යබහුල වන අතර නිතර නිතර ආගමානුකූලව කටයුතුවල නිරත වීමට ද ඔබ පමුණුවයි. අධ්‍යාපනයට සුබවන අතර ඔබ තරුණ කාන්තාවක් නම් මනාලියන් හැඩගැන්වීම්, විලාසිතා මෙන්ම විසිතුරු ව්‍යාපාර පිළිබඳ අධ්‍යාපනය කිරීම, හැදෑරීම අනාගත සුබ සිද්ධිය පිණිස වෙයි. ශරීර සෞඛ්‍යය එතරම් අසුබ නොවූවද තුනටියේ ආපදා, මූත්‍ර ආපදා බහුල වීමට පුළුවන. උපරිම වතුර පානය නිසි වේලාවට ආහාරපාන ගැනීම.

අය 7 වැය 05 ජය අංකය – 07 ජය වර්ණය–තැඹිලි

 

 

සිංහ

දරු සම්පත්

 

සිංහ ලග්නයට අනුව ආර්ථික ප්‍රතිලාභ වසර ආරම්භයේ සිටම උදාවේ. නව ආයෝජන හා නවතා දමා තිබූ ව්‍යාපාර යළි ආරම්භයට සුබවේ. තමා වෙතින් ඈත්වී සිටි පිරිස් නැවත තමා කරා එයි. ඒ අතර ඥාති සබඳතා තර වේ. දරුඵල අපේක්ෂා කරගෙන සිටි අයට වාසනාවන්ත දරු සම්පත් හිමිවේ. එදිනෙදා ගෘහ ජීවිතය කාර්ය බහුල වන අතර සමාජ ඇගයීමට ලක්වන වසරකි. දේශපාලනය කරන අයකු නම් පිරිස් බලය තහවුරුවේ. තමාට තව බොහෝ දේ අධ්‍යයනය කළ යුතුව ඇති නිසා තම වෘත්තියට අදාළ ප්‍රගුණ කිරීම් අවශ්‍යවන අතර ඒ පිළිබඳ වැඩි කාලයක් ගත කිරීමට පෙලඹෙනු ඇත.

විවාහ ස්ථානය පිළිබඳ සිතනවිට බාහිර සතුරු බලවේග ක්‍රියාත්මක වීම තුළ දෙදෙනාගේ එකමුතුකම ආදර බැඳීමට විවිධ තර්ජන එල්ලවන අතර නින්දා අපහාස පවා එළඹෙන අතර කල්පනාකාරී විය යුතු වසරකි. තුනටිය ආශ්‍රිත උවදුරු දණහිස ආශ්‍රිත උවදුරු එළඹීමේ අවදානමක් පවතින නිසා අධීක වේගයෙන් වාහන පැදවීම ආදියෙන් වැළකී සිටීම සුබයි.

අය 05 වැය 06 ජය අංකය – 08 ජය වර්ණය – ළා දුඹුරු

 

වෘෂභ

ව්‍යාපාර ප්‍රතිලාභ

වෘෂභ ලග්නයට අනුව හිසේ ආවේග සමඟ වසර ආරම්භ වුවද වසරේ මැද භාගයෙන් පසු බොහෝ සුබවාදී අදහස් සිතට නැඟෙයි. කාන්තා අභිවෘද්ධීය නිසි ලෙස සැලසෙන අතර විදෙස් ගමන් හා යහපත් ආර්ථීක ප්‍රතිලාභ ද සහිතයි. වෙළෙඳ ව්‍යාපාර සපල වන අතර තමා සැලසුම් කරගෙන ආ නව ආයෝජන රැසකට අත ගැසීමට ඔබට හැකිවෙයි. කිසියම් වෘත්තීයමය ප්‍රතිලාභ පෙන්වුව ද වෘත්තීය ස්ථානගත සතුරන් ඇතිවීමේ තත්ත්වයක් මතු කෙරේ. ගෘහ ජීවිතයේ විවිධ කරුණු නිසා කාර්ය බහුලතාවන් පෙනෙන්නට ඇති අතර වියදම් පැත්ත ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතුවෙයි. සකසුරුවම හුරු වන්න. මිත්‍ර සංගම් සාද පැවැත්වීම තුළින් පාඩු සිදුවේ. අධ්‍යාපන කටයුතු උසස් වනු ඇත. කුසට අගුණ මූත්‍ර ආපදා සහිත වෙයි. අධික රුධිර පීඩනයට බලපාන නිස ආගමික කටයුතුවල නිරතුරුව සිත සන්නුන් කරගන්න.

අය 04 වැය 08 ජය අංකය – 04 සුබ වර්ණය – කහ

කටක

පිටරට ගමන්

 

කටක ලග්නයට අනුව ඔබට සුබ අසුබ සමසේ භුක්ති විඳීමට සිදුවේ. පළමු කාලසීමාව දුෂ්කර වුවද වසර මැද සිට හා අග භාගය ඉතා සුබවෙයි. තමාගේ පාඩුවේ කිසිවකුට කරදරයක්, අවහිරයක් නොවී ජීවත්වීමට වාසනාව උදාවේ. ආර්ථීක යහපත මෙන්ම නව ආයෝජන ද උදාවේ. තමා බලාපොරොත්තු ආකාරයට පිටරට ගමනකට මඟ පෑදේ. එහෙත් වියදම අධිකවීම තුළ විවිධ දුෂ්කරතා පැන නැඟීමට පුළුවන. උනන්දු විය යුත්තේ තම කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමයි. ඔබට බාහිර ලෝකයෙන් විවිධ අපහාස චෝදනා එල්ල විය හැකි වුවද වසර මැද සිට ගෞරවාදරයට පාත්‍ර වනු ඇත. විවාහක ස්ථානයට විවිධ තාඩන පීඩන නින්දා අපහාස එල්ල විය හැකි නිසා කල්පනාකාරි වන්න. අධ්‍යාපන කටයුතුවලට වසර ආරම්භය සුබ නොවූවද වසර මැද සිට සුබවෙයි. ශරීර සෞඛ්‍යය පිළිබඳ සිතනවිට ඕනෑවට වඩා කල්පනා කිරීම් පසු තැවීම් සුබ නැත. සිත සැහැල්ලු කර ගන්න. පපුවට අගුණදායි දණහිසට අනතුරුදායකයි.

අය 04 වැය 07 ජය අංකය – 03 ජය වර්ණය – නිල්

 

කන්‍යා

වෘත්තීය ජය

 

කන්‍යා ලග්නයට අනුව ඉතා සුබ වසරකි. තම ආර්ථිකය ඉතා උසස් වන අතර, විවිධ පරිත්‍යාග කිරීම් උරුමකම් සහිත වෙයි. රැකියාවේ අභිවෘද්ධිය ආරම්භයේ පටන්ම සිදුවන අතර පිටරට ගමන් පිටරට රැකියාවලට පවා වසර මැද සිට හේතුවෙයි. තම ගෘහ ජීවිතයේ කාර්යබහුල වුවද තම අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ හා කැපවීම් නිසා ඒවායේ ප්‍රතිලාභ බහුලවේ.

වසර මුල් වකවානුව විවිධ සතුරු උවදුරු බලපැවැත්විය හැකි නමුත් තම බුද්ධිමත් භාවය හා සෝදිසිය නිසා ඒවා වළක්වා ගැනීමට හැකිය. දේපළ හිමිකම්ද පවතින අතර ක්‍රීඩාව කලාව මෙන්ම නිර්මාණශීලි බව හේතුකොටගෙන ඉදිරියට යා හැක. අධ්‍යාපනය පැත්තෙන් වුවද තමා ඉගෙන ගන්නාදේ අනාගත සුබසිද්ධියට හේතුවන නිසා ග්‍රන්ථකරණය විලාසිතා යන අංශ කෙරේ සිත යෙදවීම සුබයි. ශරීර සෞඛ්‍යය පැත්තෙන් විශේෂයෙන් උගුරේ ආපදා තෛරොයිඩ් ආපදා හා තුනටියේ ආපදා පෙන්වයි. ප්‍රවේශම් වන්න.

අය 02 වැය 06 ජය අංකය – 9 ජය වර්ණය - තැඹිලි

 

තුලා

දේපළ හිමිකම්

තුලා ලග්නයට අනුව දේපළ හිමිකමක් වසර ආරම්භයේදීම සිදුවෙයි. පිය පාර්ශ්වයේ සහාය හිමි වනු ඇත. ව්‍යාපාර සපල වේ. ආදායම් සරුවේ. එදිනෙදා ගෘහ ජීවිතය කාර්යබහුල වේ. නිවෙසේ නිතර නිතර උත්සවශ්‍රීයක් දක්නට ලැබේ. තම රාජකාරියට අමතරව සමාජ සුබසාධක කටයුතු කෙරේද යොමුවීමෙන් පිරිස් බලය නොඅඩුව ලැබෙන අතර මහජන ප්‍රසාදය අත්වනු ඇත. රැකියාවට අමතරව ව්‍යාපාර සපල වන අතර ඖෂධ ව්‍යාපාර, කෑම බීම ව්‍යාපාර ඉතා උසස් ආදායම් ලබාදීමට හේතුවෙයි. අධ්‍යාපනික මට්ටමද සුබවන අතර කලින් මුහුණදී සිටි විභාග සම්මුඛ පරීක්ෂණවලින් උසස් ප්‍රතිඵල භුක්ති විඳීමට අවකාශය ලැබේ. ශරීර සෞඛ්‍යය එතරම් අයහපත් නොවන අතර විටින් විට ඇතිවන වා,පිත්, සෙම් රෝග නිසා පීඩා විඳීමට සිදුවේ. රාත්‍රි කාලයේ ස්නානය සුබ නොවන අතර බර ඉසිලීම් හා සෙම වඩන ආහාර පාන සුබ නොවනු ඇත.

අය 08 වැය 7 ජයඅංකය - 04 ජය වර්ණය – රතු

 

ධනු

ගෘහ ජීවිතයට සතුට

ධනු ලග්නයට අනුව මේ වසර ඉතා සුබයි. ආර්ථික අභිවෘද්ධිය මෙන්ම සිතේ සතුට උදාවේ. හදිසි ධන සම්පත්ද හිමිවේ. නවතා දමා තිබූ ව්‍යාපාර නැවත ආරම්භ කෙරේ. කාන්තාවක නම් ඔබ ඔබගේ ආර්ථික දියුණුව උදෙසා විවිධ ක්‍රියාදාමයන් අනුගමනය කරනු ඇත. වෘත්තිය ජයග්‍රහණද ඔබ කරනු ඇත. වෘත්තීය ජයග්‍රහණද ඔබ රැකියා කරන ස්ථානයේ ප්‍රධානින්ගේ ඇගයීමටද පැසසුමටද ලක්වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායක වෙයි. අවිවාහක අයට මංගල යෝගද තරුණ තරුණියන්ගේ ආදර සබඳතා සවිමත් වීම්ද පෙන්වයි. ඔබ ස්වයං අධ්‍යාපනයට හුරුවෙයි. දෙයක් දැක බලා සිට හෝ අවබෝධ විඥානයෙන් ප්‍රගුණ කිරීමට පෙලඹේ. ඉන් ජය ලබයි. ගෘහ ජීවිතයේ කාර්යබහුලකම ඒ නිසාම සිදුවේ. පොදු ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ අනුව ඒ අයට පිහිටවීම් දුරස්ව සිටි අය තමාට ළංෙවීම් පෙන්වයි. ශරීර සෞඛ්‍යයට අනුව යටිබඩට අගුණයි. පාදයේ වළලුකර ආශ්‍රිත උවදුරු විය හැකිය. ප්‍රවේශම් වන්න. ගින්දර විදුලිය ආශ්‍රයෙන් උවදුරු විය හැක.

අය 07 වැය 05 ජය අංකය – 09 ජය වර්ණය – රෝස

 

කුම්භ

විවිධ ආකාරයේ ලැබීම්

කටක ලග්නයට අනුව උදාවූ වසර ඉතා සුබයි. විවිධ ආකාරයේ ලැබීම් සහිතයි. වසර ආරම්භයේ සිට ආර්ථික තත්ත්වය උසස් වන අතර වසර මැද භාගයේ සිට තව තවත් එය ප්‍රවර්ධනය වනු ඇත. ඒ අතර තමා කරගෙන ආ අතරමග නතරකර තිබූ ව්‍යාපාර යළි ආරම්භ කරන අතර, ඒවා යල්පැන ගිය තත්ත්වයෙන් මුදාගෙන නවීන අංගෝපාංග සහිතව නවීකරණය කර ඉදිරියට පවත්වාගෙන යාමට උනන්දුවෙයි. ලැබීම් යහපත් වන අතර රැකියා ස්ථානගත යහපතද පවතී. සතුරු උවදුරු එළඹුණ ද ඒවා මැඬ පැවැත්වීමට අවශ්‍ය හාත්පස ඔබට හිමිවේ. එසේම ගෘහ ජීවිතය සතුටුදායක මෙන්ම තම විවාහ සහකරු හෝ සහකාරිය වෙතින් ලැබෙන නොමද සහාය තුළින් ඉදිරියට යාමට අවශ්‍ය ශක්තිය ලැබේ. අධ්‍යාපන අංශය පිළිබඳ උනන්දුව හා නව තාක්ෂණික උපකරණ පිළිබඳව ඇති උනන්දුව නිසා තම කටයුතු සාර්ථක කර ගැනීමටත් පහසු කර ගැනීමටත් හැකිවේ. සෞඛ්‍ය මට්ටම මධ්‍යස්ථ වන අතර පපුවේ වියළි ගතිය, නහර ආශ්‍රිත උවදුරු පෙනෙන්නට තිබේ.

අය .. – වැය 06 ජය අංකය – 4 ජය වර්ණය – කොළ

 

වෘශ්චික

හදිසි ධන ලාභ

වෘශ්චික ලග්නයට අනුව හදිසි ධන ලාභ පෙන්වයි.දේපළ ඉඩකඩම් ලාභ මෙන්ම යම් යම් යටපත් වූ හිමිකම් මේ වසර ආරම්භයේ සිටම හිමිවෙයි. ගෘහ ජීවිතයේ වවිධ අභියෝග හිමිවෙන අතර විවාහ ස්ථානගත යම් මතභේදයන් නිසා වසර මැද භාගයේ සිට සිත් පීඩා මතු කෙරේ. බොහෝවිට ඔබට මිතුරු වෙසින් එන සතුරන් හඳුනාගෙන කටයුතු කිරීම වැදගත් වනු ඇත. අධ්‍යාපනය අතින් එතරම් ඉදිරියට යාමක් නොවුවද තමා කිසියම් ආහාරයක විවිධ භාෂා හැදෑරීමට ඇති උනන්දුව වැඩිවේ. තම අභිලාෂයෙන් මුඳුන්පත් කර ගැනීමේදී විවිධ තරාතිරමේ අය යොදා ගැනීම නිසා විවිධ අකටයුතුකම් ඒ අය තුළින් විය හැක. පිරිස තෝරා බේරා හොඳ නරක හොඳින් අවබෝධ කරගෙන කටයුතු කරන්න. ශරීර සෞඛ්‍යය අතින් මුත්‍රා දෝෂ යටිබඩේ දෝෂ අතින් වකුගඩු ආසාදිත සහිත පුද්ගලයන් ඉතා ප්‍රවේශම් විය යුතුය. තෙල්, සැර උෂ්ණ ආහාර වලින් වැළකිය යුතුය.

අය 07 වැය 07 ජය අංකය – 09 ජය වර්ණය – කහ

 

මකර

නඩුහබවලින් නිදහස

 

මකර ලග්නයට අනුව පිටරට ගමන් සපල වේ. වියදම් අධික වේ. එහෙත් විවිධ පාර්ශ්ව තුළින් ලැබෙන පරිත්‍යාග හා සහයෝගය ඉහළ මට්ටමක පැවතීම නිසා සිතා සතුට සහනය උදාවේ. වසර ආරම්භයන්ට ලැබීම අතර කලක සිට තමාට අහිමිවී තිබූ දේපළත් හිමිවීමේ ප්‍රවණතාවක් පවතී. පැවති නීති ගැටලු නඩුහබවලින් සහනය උදාවේ. ගෘහ ජීවිතය වැඩිපුරම අන් අය වෙනුවෙන් මිස තම සුබසාධනය වෙනුවෙන් ක්‍රියා කිරීමට ඇති කාලය සීමාවේ. තමා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක ප්‍රගතිය නිසා රැකියා ස්ථානගත නිලධාරින්ගේ පැසසුමට බදුන්වේ. ඒ අතර අධ්‍යාපනය අතින් තම ජීවිතය ආගමික සහජීවනය ගෙන දෙන විෂයයන් ෙකරේ යොමුවේ. තමාට වැඩිපුර ආගමික නායකයන් ඇසුරු කිරීමට හැකිවීම නිසා ඒ පිළිබඳ අධ්‍යාත්මික ඥානය හිමිකර ගැනීමට යොමුවනු වසරකි. ශරීර සෞඛ්‍යය අතින් පපුව දණහිස, ආශ්‍රිත උවදුරු, ශ්වසන ආපදා පෙණහළු ආපදාවලට ඉක්මනින් බදුන් වන නිසා ප්‍රවේශම් වන්න.

අය 07 වැය 09 ජය අංකය – 02 ජය වර්ණය – නිල්

 

 

මීන

සැලසුම් සාර්ථකයි

මීන ලග්නයට අනුව ඔබට සුබ සිත්ධිය පහල වන නව නිර්මාණ හැකියාව මතු කරන වාසනාවන්ත වසරකි. තමා අත ගැසූ සෑම කටයුත්තක්ම සාර්ථක වනු ඇත. රැකියා ස්ථානගත වුවද ඉතා උසස් තත්ත්වයට පත්වේ. නව ආර්ථීක සැලසුම් ක්‍රියාවට නැංවේ. තමා ඉදිරිපත්කොට තිබූ වෘත්තීය මට්ටමේ යෝජනාවක් සාර්ථකව ක්‍රියාවට නැංවීමට යෝජනාවක් සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකිවීම නිසා රැකියාවේ සුබවාදී පරිවර්තනයක් දක්නට ලැබේ. විටින් විට කාර්ය බහුල වන ගෘහ ජීවිතය තුළ තම ශරීරික අපහසුතා නිතර දැනෙන්නට ලැබුණද තම අධ්‍යාත්මක ගුණ වගාව නිසා සතුටුදායක ජීවිතයකට මඟ සැලසේ. අධ්‍යාපනික මට්ටම උසස් වන අතර මීට පෙර මුහුණදී සිටි විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ඉතා විශිෂ්ට පල උදාවනු ඇත. පැවැති හතුරු බලවේග මැඬපැවැත්වෙන අතර උදාවූ වසරත් සමඟ සමාජ සුබසාධන කටයුතු රැසකට අත ගසනු ඇත. ශරීර , සෞඛ්‍යය අතින් තුනටියට ආපදා උරහිසට ආපදා මතු කරන නිසා ප්‍රවේශම් වන්න.

අය 05 වැය 06 ජය අංකය – 08 ජය වර්ණය – රෝස