ඔබේ ගැටලුවට අංක විද්‍යාෙවන් පිහිට

පෙබරවාරි 12, 2024

 

ගතවී යන, උදාවන හැම තත්්පරයකම වටිනාකමක් රැඳෙනවා. ඇත්තෙන්ම අද දවස වගේම හෙට දවසත් හිතට ගෙන දෙන්නේ නැවුම් බලාපොරොත්තු. ඔබ ඒ පැතුමන්, අරමුණු එකිනෙක ජයග්‍රහණය කරගන්න නොකරන දෙයක් නැහැ නේද? ඇත්තටම අනාගතයේ වෙන්නෙ මොකක්ද? කොහොමද වෙන්නෙ කියලා දැනගන්න කාගෙ කාගෙත් යටි සිත උනන්දුයි.

 

මේ කාරණාවේදී ජ්‍යොතිෂයෙන් ලැබෙන පිටිවහල අතිශය වැදගත්. ඒත් හැමෝටම කේන්දරයක් එහෙමත් නැත්නම් හඳහනක් නැහැනෙ. හඳහනක් නැතත් දැන් අංක විද්‍යාව තුළින් අනාගතයට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාටත් අනාගතය ගැන, අධ්‍යාපනය ගැන, පවුල් ජීවිතය ගැන විවිධ ගැටලු ඇති. තරුණී අප ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම් ලබා දෙන්න සූදානම්.

පේ ලිපිනය... අංක විද්‍යාවෙන් පිහිට,

තරුණී, ලේක්හවුස්,

කොළඹ - 10.

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp  කරන්න.

 

විවාහ වීමට වාසනාවක් ඇති ද?

 

ප්‍රශ්නය

32 හැවිරිදි මාගේ උපන් දිනය වන්නේ 1992. 12. 18. මෙතෙක් මා හට පෙම්වතෙක් ද සිට නොමැත. වයස ගෙවී යන නිසා මව විවාහ යෝජනා කිහිපයක් බැලුවත් එකක්වත් හරි ගියේ නැත. අංක විද්‍යාවට අනුව දිනෙක මට විවාහ වීමට හැකියාවක් තිබේ ද?

 

පිළිතුර

 

1992.12.18 දින උපන් ඔබගේ පුද්ගලික අංකය 09 වේ. දෛව අංකය 06 වේ. මෙදින උපන් ඔබ ශක්තිය ජවය සහිතව ඉදිරියට යෑමේ ගුණාංගය උපතින්ම ගෙනා අයෙකි. ඔබගේ වේගවත්භාවය, කවුරුත් නොතකන ගතිය සහ වේගවත්බව නිසා ඔබ මුලා විය හැකිය. පීඩා, නින්දා අපහාස ලැබිය හැකිය. ඉවසීම ප්‍රගුණ කළ යුතුමය. සුදුසුකම් ඇත්නම් ඉහළටම යා හැකිය. තැනකට ගිය විට කැපි පෙනීමේ ලක්ෂණ ඇති අයෙකි. රජයේ සේවයට හොඳින් ගැළපේ. විදෙස්ගත වීමේ භාග්‍යය ද හිමි අයෙකි. බුද්ධිය මෙහෙයවා කරන රැකියා, අණසක පතුරුවාගෙන ඉන්න තැනක නායකත්වයට සුදුසු අයෙකි. වයස 33 ඔබේ ජීවිතයේ ප්‍රබලම හැරවුම් ලක්ෂයයි. ඔබගේ විදෙස්ගත වීමට සහ විවාහයට සුබම වයස අවුරුදු 33 ය. නිතරම සුබවාදීව සිටින්න පුරුදු වන්න.

 

 

විදෙස්ගත වීමේ සිහිනය ඉටු වෙයිද?

 

ප්‍රශ්නය

වසර කිහිපයක සිට මා විදෙස්ගත වීමේ අරමුණෙන් ඒ වෙනුවෙන් වෙහෙසෙමි. උපන් දිනය වන්නේ 2000.07.11. මේ වසරේදී බොහෝ දුරට විදෙස්ගත වීමේ වාසනාව මට හිමි වෙයි කියා සිතමි. මේ වසර ඒ සඳහා සුබ ද? මාගේ විවාහ වීමේ සිහිනය සැබෑ වෙයි ද?

 

පිළිතුර

 

2000.07.11 උපන් ඔබගේ පුද්ගලික අංකය සහ දෛව අංකය අංක 2 වේ. ඔබට උපතින් ගෙනා හැකියාව ඇතත් ඒවා හරියාකාරව කරගැනීමට නම් ඔබ ශක්තිමත් මනසින් යා යුතුමය. හැකියාව ඇතත් හංගාගෙන සිටින ගතියක්, පොඩි දෙයක් වුණත් හිතමින් පස්සට යන ගතිය, පසුතැවෙන ගතිය, තමා සියල්ල දරාගනිමින් විඳවන ගතිය ඇත. බර වැඩට එතරම් සුදුසු අයකු නොවේ. මනසින් ඉක්මනින් කඩා වැටෙන අයෙකි. එය හඳුනාගෙන සුබවාදීව ඉදිරියට යන්න. පසුතැවෙන ගතිය අඩු කරන්න. උපතින්ම විදෙස්ගත වීමේ භාග්‍ය ඇත. හොඳ විවාහයක් උරුමයි. 1, 10, 19, 28 යන දිනයන්වල ඉපැදුණු අයකු විවාහයට තෝරා ගන්න. වයස 23, 25, 28, 29, 37 ඔබගේ ජීවිතයේ සුබවාදී හැරවුම් ලක්ෂ්‍යයි. මෙම වයස්වල ඔබේ ජීවිතයේ විශේෂ සිදුවීම් සිදුවන කාලයන් වේ.

 

 

උපදෙස්

ප්‍රවීණ අංක විද්‍යාවේදිනි

ලක්ෂි පුෂ්පලතා පෙරේරා