ස්වයං රැකියාවක් ලෙස බතික් කර්මාන්තයේ නියැළී මුදල් උපයාගන්න

ජනවාරි 27, 2021
ඉදිරිපත් කිරීමkenuri batik R ආයතනයේ අධිපතිනි එච්. චන්දිමා ද සිල්වා

අද සිට ඇරැඹෙන බතික් නිර්මාණ පාඨමාලාව 01

 

'බතික්' කියූ සැණින් අපේ මතකයට එන්නේ කලාත්මක ඇඳුම් නිර්මාණයි. තමන්ගේ නිර්මාණාත්මක හැකියාව උපයෝගී කරගනිමින් ඉතාමත් කලාත්මකව නිමවූ බතික් ඇඳුම් අපේ රටටම ආවේණිකය.

ඒ නිසාම ශ්‍රී ලාංකේය බතික් නිර්මාණ වලට සෙසු රටවල සංචාරකයින්ගෙන් ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එසේම අපේ රටේ ජනතාවද බතික් නිර්මාණ පිළිබඳව දක්වන්නේ අතිශය ප්‍රසන්න හැඟීමකි. ඒ වගේම බතික් ගැන මේ කාලයේ පවතින්නේ අන් කවරදාකවත් නොලැබුණ අවධානයකි. ඒ සමගම බතික් ඇඳුම් අඳින්නට පමණක් නොව ගෘහ අලංකරණයට අවශ්‍ය උපාංග නිර්මාණ බතික් වලින් කරගන්න උනන්දුව වැඩි වී ඇත. සුවපහසුවට ලස්සනට බතික් වලින් සැරසෙන්න කැමැති නමුත් තවමත් අපේ රටේ බතික් රෙදිපිළි සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදුවන නිසා බතික් ගැන ආසාවක් හිතුණත් ඒ ගැන ඔබට දෙවරක් සිතන්නට සිදු වූවා විය හැකිය. ඔබටත් ගෙදරදීම බතික් ඇඳුමක් නිර්මාණය කරගන්න පුළුවන් නම් එය කොතරම් අගෙයිද? ඔබට හා ගෙදර අයට බතික් ඇඳුමක් හදාගන්න, හිතවතුන්ට තෑගි දෙන්න, ගෙදර ලස්සන කරන්න ඇඳ ඇතිරිලි කුෂන් බිත්ති සැරසිලි ආදිය බතික් වලින්ම හදාගන්න, විනෝදාංශයක් සේම අමතර ආදායම් මාර්ගයක් ලෙසද බතික් කලාව අත්හදා බලන්න පුළුවන්. අද පටන් අප ් ඉදිරිපත් කරන බතික් පාඩම් මාලාව සමග අඛණ්ඩව එක්වී ඔබගේ හැකියාවට අවස්ථාවක් සලසා ගන්න.

මුලින්ම අපි බතික් නිර්මාණයක් කරගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාදැයි බලමු.

බතික් නිර්මාණයක් සඳහා රෙදි, ඉටි, රට දුම්මල, ලී රාමුවක්, භාජන කිහිපයක්, ළිපක් සහ නිර්මාණය කිරීම සඳහා ඇති උපකරණ කට්ටලය (ෆනල් එක, ටූල්එක සහ පින්සල්) අවශ්‍ය වෙයි. දැන් අප ආධුනික ඔබට මේ නිර්මාණ එකින් එක හඳුන්වා දෙන්නෙමු.

 

අවශ්‍ය උපකරණ හඳුනා ගනිමු.

 

 

¶ රෙදි - බතික් කිරීමට යොදාගන්නේ සියයට සියයක් කපු වලින් නිෂ්පාදිත කපු රෙදි හෝ සිල්ක් රෙදිය. බතික් සඳහා යොදා ගන්නා කපු රෙදි වන්නේ බ්ලූ ලයින් කොට්න් (ඡතභඥ තඪදඥ) සුපර් වොයිල් (ඵභනනඥප මධඪතඥ ) වොයිල් ( මධඪතඥ ) පොප්ලින් (නධනතඪදඥ ). සිල්ක් රෙදි වන්නේ පිරිසුදු සිල්ක් ( නභපඥ ඵඪතඬ ) සිල්ක් (ඵඪතඬ )

 

· ඉටි - බතික් කිරීමට ඉටි වර්ග දෙකක් යොදාගනු ලබයි. ඒවා නම් ෆැරපින් ඉටි ( ටචඪටඪද ඹචය ) සහ මී ඉටි (ඡඥඥ ඹචය ) ය. මෙම ඉටි වර්ග දෙකම අනිවාර්යයෙන් පිරිසුදු ඉටි වර්ග විය යුතුය. මී ඉටි හා ෆැරපින් ඉටි මිශ්‍රකර සාදාගන්නා ඉටි සංයෝගයක් බතික් සඳහා යොදාගනු ලබනවා. ෆැරපින් ඉටි වලට මී ඉටි මිශ්‍රකරගනු ලබන්නේ ෆැරපින් ඉටිවල තිබෙන තද ගතිය දුරු කොට (ඥතචඵබඪජඪබර ) නැවෙන සුළුබාවය වැඩිකර ගැනීමටය.

 

¸ රට දුම්මල - ඉටි මිශ්‍රනය සකස් කිරීමේදී රට දුම්මල ස්වල්පයක් ද යොදාගනු ලබයි

 

ං ලී රාමුව - රෙද්ද හොඳින් ඇද තබා ගැනීමට ලී රාමුවක් අවශ්‍ය වේ. නිර්මාණය හා රෙද්දෙහි ප්‍රමාණය අනුව ලී රාමුව වෙනස් කර ගත හැකිය.

 

ඞ භාජන - ඉටි උණුකර ගැනීම සඳහා භාජන දෙකක් අවශ්‍යය. එහිදී එක භාජනයක වතුර පුරවා අනෙක් භාජනය වතුර පුරවාගත් ගත් භාජනය තුළ බහාලිය යුතුය. (ඤධභඡතඥ ඡධඪතඪදඨ). එබැවින් වතුර පුරවා ගන්නා භාජනයට වඩා එයට බහාලීමට තෝරා ගන්නා භාජනය ප්‍රමාණයෙන් කුඩා විය යුතුය. මෙම භාජන සඳහා ඇලුමිනියම් හෝ යකඩ භාජන තෝරා ගන්න.

 

ෙ ළිප - මේ සඳහා උෂ්ණත්වය පාලනය කළ හැකි ළිපක් අවශ්‍යය. ගෑස් ළිප හා භූමිතෙල් ළිප මේ සඳහා වඩා සුදුසුය. බොහෝ විට බතික් කිරීමේදී භුමිතෙල් ළිපක් භාවිතා කිරීමට පෙළඹෙයි. එයට හේතුව එය වානිජ වශයෙන් වඩාත් ලාභදායක නිසාය. ගෘහස්ථ මට්ටමෙන් බතික් කලාව ඉගෙන ගන්නා ඔබට නිවසේ ඇති ගෑස් ළිප මේ සඳහා භාවිත කළ හැකිය.

බතික් උපකරණ ( batik tools )

ෆනල් එක - ඉටි වලින් රෙද්ද මත නිර්මාණය කිරීමට ෆනල් එක භාවිතා කරනු ලබයි.

 

ටූල් එක - සියුම් බතික් නිර්මාණ සඳහා යොදා ගනියි.

පින්සල් - බතික් නිර්මාණයේ විශාල ප්‍රමාණයක් ඉටි වලින් ආවරණය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා විවිධ ප්‍රමාණයේ පින්සල් භාවිතා කළ හැකිය.

ළිප සහ භාජන-

ඔබගේ නිවසෙන්ම සොයාගත හැකිය. අනෙකුත් සියලුම ද්‍රව්‍ය හා උපකරණ ඔබට වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකිය.

 

ලබන සතියේ බතික් කලාවට යොදාගන්නා ඩයි සහ රසායනික ද්‍රව්‍ය හඳුනා ගනිමු

 

 සටහන  
ධම්මිකා සුරංජි පතිරණ
 
 
ඡායා 
ද ආසිරි උපේන්ද්‍ර ඩයස්