වර්ෂ 2025 ක්වූ July 14 වැනිදා Monday
ලැපරස්කොපි සැත්කමින් ගර්භාෂ ගෙඩිය ඉවතට

නූතන තාක්ෂණයේ බලමහිමය වෛද්‍ය විද්‍යාව හරහා පියවර ගණනාවක්ම ඉදිරියට ගොසිනි. හඳුනා නොගත් රෝග බොහොමයක් හඳුනාගන්නට, ඒ ඔස්සේ විවිධ ප්‍රතිකර්ම කරන්නට හැකියාව ලැබී ඇත. නූතන තාක්ෂණයේ සීඝ්‍ර දියුණුව ලැපරස්කොපි තාක්ෂණය හරහා අපට සමීප වු අන්දමයි මේ.
තාක්ෂණයේ උපරිම ඵල නෙළා ගනිමින් වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂ කඩඉම් රැසක් පසුකරලීමට ලැපරස්කොපි මයෝමෙක්ටම් ශල්‍යකර්ම සමත් ව ඇත. ලැපරස්කොපි තාක්ෂණය මීට වසර ගණනාවක පටන් පරීක්ෂණ සඳහා යොදා ගනිද්දී තවත් වසර කිහිපයක පටන් ලැපරස්කොපි මයෝමෙක්ටම් ශල්‍යකර්ම ද සිදුවේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය කුමාර දිසානායක හා ඉන්දීය ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රාජේෂ් මෝඩි එක්ව කළ වැඩමුළුවක සුවිශේෂී ශල්‍යකර්මයක් වෙත සැවොමගේ අවධානය යොමු විණි. විශේෂඥ වෛද්‍ය කුමාර දිසානායක මහතා මෙවැනි ලැපරස්කොපි ශල්‍යකර්ම සතියකට කිහිපයක්ම සිදුකරයි. මෙදින එය වැඩමුළුවක් ලෙස පැවතියෙන් නාරි හා ප්‍රසව වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, පුහුණු වෛද්‍යවරුන් එය ත්‍රිමාණ (3ච්) තාක්ෂණය ඔස්සේ නැරඹීය.
එදින ලැපරස්කොපි ශල්‍යකර්මය සඳහා බඳුන් වූයේ අවුරුදු 42 ක කාන්තාවකි. ඇගේ ගර්භාෂයේ තිබුණු කිලෝ 1 යි ග්‍රෑම් 25 ක ෆයිබ්‍රොයිඩ් එකක් මෙලෙස ලැපරස්කොපි ශල්‍යකර්මය හරහා ඉවත් කෙරුණි.
විවෘත ශල්‍යකර්මයකින් තොරවම
ශල්‍යකර්ම යැයි කියූ සැණින් බොහෝදෙනකුගේ සිතට නැඟෙනුයේ එම අවයවය ආශ්රිත ප්‍රදේශය විවෘත කොට කරනා ශල්‍යකර්ම (ර්‍ණනඥද ඉභපඨඥපර) යි. ලැපරස්කොපි තාක්ෂණය ඔස්සේ එසේ විවෘත කිරීමකින් තොරවම ශල්‍යකර්ම කළ හැකි වේ. එය පරීක්ෂණය සිදු කරමින්ම ඊට අවශ්‍ය ප්රතිකර්මය ද කළ හැකිවීම වාසි බොහොමයක් අත්කර දෙන්නකි.
නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය කුමාර දිසානායක ලැපරස්කොපි ශල්‍යකර්ම සිදු කරනුයේ දැනට වසර 2 ක 2 1/2 ක පටන් ය. ඒ මහතා ලැපරස්කොපි විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සංකීර්ණ කොටස් හැදෑරුවේ නාරි හා ප්‍රසව විශේෂඥ, ලැපරස්කොපි විශේෂඥ රාජේෂ් මෝඩි වෙතිනි. මේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා එක්ව මෙරට දී සිදු කළ දෙවැනි වැඩමුළුව මෙය යි. විශේෂඥ වෛද්‍ය කුමාර දිසානායක ද ඉන්දියාවට ගොස් එහිදී ද විශේෂඥ වෛද්‍ය රාජේෂ් සමඟ එක්ව වැඩමුළු පවත්වයි.
එදින මෙම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාට අමතරව නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනකු, හෙදියන් කිහිපදෙනකු හා තාක්ෂණික නිලධාරී දෙදෙනකු ඇතුළුව දහ දෙනකුගෙන් පමණ සැදුම්ලත් කණ්ඩායමක් මෙම ශල්‍යකර්මය සඳහා සහභාගි විය.
ෆයිබ්‍රොයිඩ් එක පිටතට
හිරිවැට්ටවීමක් නොව සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කොට සිදු කළ මෙම ශල්‍යකර්මය සඳහා විනාඩි 50 ක පමණ කාලයක් ගතවිණි. ශල්‍යකර්මයට ලක් වූ එම කාන්තාවගේ සෙන්ටිමීටර් 10 - 12 ක් පමණ වූ කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 25 ක ෆයිබ්‍රොයිඩ් එක එලෙස ඉවත් කෙරුණි. මෙහිදී පෙකණිය ආසන්නයෙන් මිලිමීටර් 10 ක පමණ කැපුමක් සිදුකොට කැමරාව යැවූ අතර මිලිමීටර් 5 හේ කැපුම් 3 ක් සිදු කරමින් වම් පැත්තේ 2 ක් හා දකුණු පැත්තේ එකක් ලෙස අදාළ උපකරණ ගර්භාෂය වෙත යැවේ. ඒ අනුව කැපුම් සියල්ල 4 කි. එහිදී පළමුව මිලිමීටර් 5 ක් ලෙස කළ කැපුමකින් එකක් මිලිමීටර් 12 ක් දක්වා විශාලකර මොසිලේටර් නම් උපකරණයෙන් ගෙඩියේ සියලුම කොටස් පිටතට ගනියි. එහි ඇති බ්ලේඩ් තලයෙන් ගෙඩිය කෑලි කෑලිවලට කැපී පිටතට පැමිණේ.
2018/12/19 තරුණි පුවත්පත බලන්න