ඉතුරු කෑම නැවත නැවත රත්කරලා කන්න හොඳ ද?

කෑම බීමවලින් ඉල්ලන් කන ලෙඩක්
පෙබරවාරි 17, 2021

 

පමණට වඩා පිසූ අල, පාන් වගේ පිටි කෑමවලින් ඇක්‍රිලමයිඩ් නම් පිළිකා කාරක විස සංයෝගය නිපදවෙනවා. ඒ නිසා රන් පැහැය ඉක්මවා යන තුරු කිසිදු පිටි කෑමක් බදින්න, පිස ගන්න එපා.

මත් වතුර පිළිකා කාරකයි. ඒ නිසා මත් වතුර පානය කරන්නන් එය සුදු පානයක් ලෙස අර්ථ දක්වන්න උත්සාහ ගත්ත ද රැවටෙන්න එපා. සැමියන්ටත් රැවටෙන්න දෙන්න එපා.

මයික්‍රොවේව් බටර් පොප්කෝන් පිළිකා කාරකයි වගේම අපේ ශරීර සෞඛ්‍යයට හානිකරයි.

හයිඩ්‍රජනීකෘත තෙල් (Hydrogenated Oils )

හයිඩ්‍රජනීකෘත නැත්නම් ට්‍රාන්ස් මේදය අඩංගු තෙල් උග්‍ර ලෙසින් පිළිකා කාරකයි.

බැදපු අර්තාපල් පෙති, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සඳහා යොදා ගන්නේ ද හයිඩ්‍රජනීකෘත තෙල්. මේවා පිළිකා කාරකයි. එපමණක් නො වෙයි මේවායේ ලුණු අධික නිසා අධික රුධිර පීඩනයට ද මඟ පාදනවා.

සුදු සීනි

සුදු සීනි බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී පිළිකා කාරක රසායන නිපදවෙයි. රුධිරයේ සීනි මට්ටම ද වැඩි වෙයි.

ටින් කළ ආහාර

ටින් කළ ආහාරවල ඇති රසායන සිරුරේ සමතුලිතතාව බිඳ දමනවා. පිළිකා අවදානම වැඩි කරනවා.

දුම් ගසා පිලිස්සූ මස්

පිළිකා අවදානම වැඩි කරනම ආහාරයක්

 

ගෘහණිය කියන්නේ සකසුරුවම් කමේ අත්පොත. මේ නිසාමයි ඇයට නිවෙසේ සිරිකත කියන්නේ. මුළුතැන්ගෙය ඇයගේ ඉතිරි කිරීමේ හැකියාව කියා පාන කැඩපතක් වගෙයි. බොහොමයක් ගෘහණියන්ට කැම බීම අපතේ යාම ඇඟෙන් ඇටයක් ගැලවී යනවා හා සමාන අත්දැකීමක්.

කුසගිනි ඇතත් නැතත් දරුවා ඉතිරි කළ කෑම ඇය ඉවත් නො දමා ආහාරයට ගන්නවා. මෙලෙස අනවශ්‍ය විදියට ආහාර ගැනීම නිසා බෝ නො වන රෝගවලට ගොදුරු වන අය පවා සිටිනවා. අපතේ දැමීමට ඇති අකැමැත්ත නිසා ඇය කරන තවත් වරදක් තිබෙනවා. ඒ එකම ආහාරය නැවත නැවත රත්කර කෑමට ගැනීම. ආහාර නැවත නැවත රත් කිරීමට තවත් හේතුවක් තිබෙනවා. ඒ තමයි කාර්ය බහුලකම. කෑම ශීතකරණයේ තබා ලේසියට යළි යළිත් රත්කර කෑමට ගන්නා අය අද කාලයේ ඕනෑ තරම්. හේතුව කුමක් වුණත් මේ පුරුද්ද ඇත්තටම ගෘහණිය වන ඔබේත් පවුලේ අයගේත් සෞඛ්‍යයට හිතකරද? සමහර ආහාර නැවත නැවත රත් කිරීම සුදුසු නැහැ. එය නැති විසක් ශරීරගත කරගැනීමක්, නැති ලෙඩ ඇතිකර ගැනීමක් වෙන්න පුළුවන්.

මොනවද මේ ආහාර?

නිවිති, කැරට් කොළ, සැල්දිරි වගේම ඕනෑම කොළ එළවළුවක් නැවත රත් කිරීම සුදුසු නැහැ. ඒවායේ නයිට්‍රේට් යහමින් අඩංගුයි. ඒවා නැවත රත් කිරීමේදී පිළිකා කාරක රසායන නිපදවෙනවා. යකඩ අඩංගු පලා වර්ග නැවත රත් කිරීමේදී නිපදවෙන විස ද මඳසරු බවට සහ පිළිකාවලට හේතු වෙනවා. බත් නැවත රත් කිරීමේදී බැක්ටීරියා විනාශ වුණත් බීජාණු බත නිවුණු පසු යළි ගුණනය වෙන්න පුළුවන්.

බිත්තර ප්‍රෝටීනවලින් පොහොසත්. අධික ලෙස ප්‍රෝටීන අඩංගු ආහාරවල අධිකව නයිට්‍රජන් අඩංගුයි. මේ නයිට්‍රජන් බිත්තර නැවත රත් කිරීමේදී ඔක්සිජන් සමඟ එක්වී පිළිකා කාරක විස නිපදවෙනවා. බිත්තරයක් තැම්බූ පසු නැවත රත් නො කර කෑමට ගැනීම වඩාත් සුදුසුයි.

කුකුළු මස්

කුකුළු මස් නැවත රත් කිරීමේදී එහි ප්‍රෝටීන ස්වභාවය වෙනස් වෙනවා. එවිට ජීර්ණාබාධ ඇති වන්න පුළුවන්.

අර්තාපල්

අර්තාපල්වල විටමින් ඕ6, විටමින් ඛ්, පොටෑසියම් ආදී පෝෂක ගබඩාවක්. ඒත් මේවා නැවත රත් කළොත් ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් නම් විස නිපදවෙන්න පුළුවන්. මේ බැක්ටීරියා වර්ධනය නො වන්න නම් ඒවා ශීතකරණයේ තබන්න. දිනක් දෙකක් තුළ කෑමට ගැනීමට බැරි වුණොත් ලෝබ නැතුව ඉවතට විසි කරන්න.

බිම්මල්

මිලදී ගත් පසු ඉක්මනින්ම පිස කෑමට ගත යුතු පෝෂ්‍යජනක ආහාරයක් බිම්මල්. බිම්මල් නැවත රත් කිරීමේදී ප්‍රෝටීන බිඳ වැටී ජීර්ණ ක්‍රියාවලියට බාධා සිදුවන්න පුළුවන්. ඒ වාගේම මේවායේ අඩංගු නයිට්‍රජන් ඔක්සිජන් සමඟ එක්වී විස නිපදවෙනවා. ඒ නිසා නැවත රත් නො කර සීතලට බිම්මල් කෑමට ගන්න.

ඔලිව් තෙල් ඇතුළු cold-pressed oils

ඔලිව් තෙල්, කැනෝලා තෙල් ආදිය ගුණදායක වුණත් ( cold-pressed oils ) මේවා උෂ්ණත්වයට හරිම සංවේදීයි. සෙන්ටිග්‍රේට් 40 දී විතර මේවා නරක් වීමට ගන්නවා. තෙල් නැවත නැවත රත් කිරීමේදී ට්‍රාන්ස් මේදය නිපදවෙනවා. විසැති සංයෝග නිපදවෙනවා. මේවා පිළිකා කාරකයි. මේ සංයෝග සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරනවා. හදවත් රෝග වැලඳීමේ ඉඩ වැඩි කරනවා. කිසිදු තෙලක් දුම් දමන මට්ටමට රත් කරන්න එපා.

බීට්රූට්

බීට්රූට් නිවිති වගෙයි. අධික ලෙස නයිට්‍රේට් අඩංගු නිසා නැවත රත්කර කෑමට ගැනීමේදී අපහසුතා ඇති වෙනවා.

 

උපදෙස් කායික රෝග විශේෂඥ වෛද්‍ය

වරුණ ගුණතිලක