හැඩට ඉන්න steps

ජුනි 23, 2025

ලස්සන ලාලිත්‍යයෙන් පිරුණු සිරුරක් කියන්නේ හැමෝගෙම හීනයක්. ඒ හීනය සැබෑවක් කරන හරිම පාර තමයි සුම්බා නර්තනය කියන්නේ. ඕනෑම කෙනකුට සුදුසු විනෝදයෙන් පිරුණු මේ ව්‍යායාම රටාව ගැන මූලික අවබෝධයක් ලබා දී ඇති නිසා ඔබ දැනටම සුම්බා නර්තනයට පළමු පියවර තබා ඇති. සුම්බා නර්තනය ප්‍රගුණ කිරීමේදී Merengue නර්තනයත් අමතක කරන්න බැහැ. Merengue නර්තනය කියන්නේත් සුම්බා නර්තනය සමඟ මුසුව යන නර්තන අභ්‍යාසයක්.

 

Merengue නර්තනය ඩොමෙනිකානු ජනරජයේ ප්‍රසිද්ධ වූ නර්තනයකි. ඉක්මනින් පියවර තබා, තාලයට උකුළ චලනය වන ලෙස ශරීරය චලනය කිරීම මෙම නර්තනයේ ප්‍රධාන අංගයයි. Merengue සංගීත මාත්‍රාව නැවත නැවත වාදනය කිරීම නිසා මෙම නර්තනය පහසුවෙන් අනුකරණය කළ හැකිය.

 

Merengue නර්තනය සුම්බාවලට යෝග්‍ය වන්නේ ඇයි?

 

මෙය සරලව අනුකරණය කිරීමට පහසු නර්තන රටාවලින් සමන්විත වේ. එම නිසා නර්තනය ආරම්භය එතරම් අපහසු නොවේ. සංගීතය වේගවත් මාත්‍රාවලින් සැකසී ඇති නිසා, හෘද ස්පන්දන වේගය වැඩි කරවන Cardio ව්‍යායාමයක් ලෙස සැලකිය හැකිය. ලතින් - කැරිබියානු සංගීත තේමාවන් යුතු නිසා සුම්බාවලට ආස්වාදයක් එකතු කරයි.

Merengue ගී තනු සහ ගීත ජවසම්පන්න වන අතර ලෙහෙසියෙන් පැතිර යන ස්වභාවයක් ඇත.

 

Merengue මූලික චලන වර්ග දෙකකි. එනම් merengue V step සහ merangue box step වේ. මේ චලන වර්ග දෙක ප්‍රගුණ කිරීම ශරීරය සහ මනස සුවදායක කරනු ඇත.

 

Merengue V step

 

මෙහිදී V අක්ෂරය පෙනෙන පරිදි "V" හැඩයක ආකාරයේ පාද චලනය සිදු කිරීම මෙහි ස්වභාවයයි.

V අක්ෂරය ඔබ ඉදිරියේ පොළවේ ඇතැයි සිතින් මවා ගන්න. දැන් ඔබ සිටගෙන සිටින්නේ V අක්ෂරයේ මුල. දැන් එක් පාදයක් ඔසවා V අක්ෂරයේ ආරම්භක ස්ථානයට තබන්න. අනෙක් පාදය V අක්ෂරයේ ආරම්භක ස්ථානයට තබා ශරීරයේ බර නිදහස් කරන්න.

ඉන්පසු මුලින්ම තැබූ පාදය ඔසවා V අක්ෂරයේ මුලට ගෙන එයට බර යොදන ගමන් අනෙක් පාදය ඔසවා පාද දෙකම එකට සිටින සේ එකතු කරන්න.

Merengue සංගීතය සමඟ මෙය වැඩි වාර ගණනක් පුහුණු වන්න.

උපදෙස් - සුම්බා, ලතින් අමෙරිකානු

සහ බෝල්රූම් ආචාර්ය

නලින්ද ප්‍රසාද් සුබසිංහ

 

MODEL - තක්ෂිලා

Pix by - දුෂ්මන්ත මායාදුන්න