නළල පළල් අයට කොණ්ඩා මෝස්තර

ජුනි 16, 2025

පළලින් වැඩි නළලක් ඇති අයකුට, සිහින් දිගු මුහුණකට, සිහින් දිගු බෙල්ලක් ඇති අය සඳහා වඩාත් ගැළපෙන අපූරුතම කොණ්ඩා මෝස්තරයකි මේ.

ලෙහෙංගා විලාසිතාවකට, ගවුමකට හෝ සාරි විලාසිතාවකින් සැරසුණු මනාලියකට පවා මෙම කොණ්ඩා මෝස්තරය කදිමට ගැළපේවි.

ඉතා දිගු කොණ්ඩයක් නොවුණත් පිරුණු බවක් පෙනෙන ආකාරයට මෙම විලාසිතාව ගළපාගත හැකිවේ. යොදා ගන්නා කෙස් තීරු වෙන් වෙන් වශයෙන් පෙන්වීමට හෙයාර් ස්ප්‍රේ හොඳින් භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ.

**ඉදිරිපසින් කෙස් කොටසක් වෙන්කර පිටුපසට වන සේ පෝනිටේලයක් දමාගන්න. (1 වන ඡායාරූපය)

**ඉදිරිපසින් වෙන් කර ගත් කොණ්ඩයෙන් කොටසක්ගෙන ඡායාරූපයේ පෙනෙන ලෙස සුළු වශයෙන් බැක් කෝම්බ් එකක් කරගන්න. බැක්කෝම් කරගත් කොටස පිටුපසට වෙන්නට රඳවා ක්ලිප් එකක් ගසා ගන්න. (2වන ඡායාරූපය)

**පසුව ඉදිරිපසින් රැල්ලක් ආකාරයට කෙස් තීරුවක් ගෙන පිටුපසට රඳවා ගන්න. එය හොඳින් ස්ථාවර කරගැනීමට හෙයාර් ස්ප්‍රේ භාවිත කරන්න.( 3වන ඡායාරූපය)

**පසුව 4, 5 ඡායාරූපවල දැක්වෙන ආකාරයට දෙවන සහ තුන්වන රැල්ලක් ආකාරයට තබා හෙයාර් ස්ප්‍රේ කරගන්න.

**ඉදිරිපසින් ඉතා කුඩා කෙස් තීරු දෙකක් ගෙන අයන්කර මුහුණට වැටෙන ආකාරයට දමාගන්න. (6වන ඡායාරූපය)

**7, 8, 9, 10, 11 ඡායාරූපවල දක්වා ඇති ආකාරයට කුඩා තීරු වශයෙන් ගෙන පිටුපසට වන ලෙස හෙයාර් ක්ලිප් රඳවා ගන්න.

උපදෙස් :

ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා

නදීකා පෙරේරා

 

MODEL- ජයමාලි

PIX BY -  Avinka Photography