ජූනි 30 සිට ජූලි 06 දක්වා

ජුනි 30, 2025

 

මකර ලග්න හිමියන්ට ධනය - ආර්ථිකය ශක්තිමත් වන සතියකි.

කන්‍යා ලග්න හිමියන්ට පෙර පිං ඵල දෙන කාලයකි.

 

 

මේෂ

 

ධනය අතින් තරමක් යහපත් වන යෝග අැත. පෙර කුසල් මතුවන කාලයකි. ව්‍යාපාරවල දියුණුවක් ඇත. අධ්‍යාපනයට ඉතා සුබ වේ. මංගල කටයුතුවලට යහපත් වෙයි. තරමක් වැඩ අධික කාලයක් වේ. සුුළු සුළු ලෙඩ රෝග මතු කරයි. අත් පා අපහසුතා මතුවේ.

 

වෘෂභ

 

ගේ දොර අලංකාරයට කාලය වැයකරන සතියකි. මංගල කටයුතුවලින් යහපත උදාවේ. අන් අය සමඟ කටයුතු කිරීම පහසු කරන කාලයකි. ගේ දොර වාහන මිලට ගන්නා කාලයකි. අන් අයගේ අවධානය ලබන අතර ප්‍රිය වචන ලබයි. පිනට දහමට ද නැඹුරු වේ. විදෙස්ගත බලාපොරොත්තු සාර්ථක වේ.

 

මිථුන

 

හැකියාවට තැනක්, තත්ත්වයක් හිමිවන කාලයකි. අන් අයට ඔබ ඉස්මතු වී පෙනේ. දරුවන්ගේ කටයුතු සිතට සහනය ගෙනේ. කලා අංශයේ අයට දියුණුවක් ලබයි. අධ්‍යාපනික කටයුතුවල උසස් ප්‍රතිඵල ඇති වේ. ප්‍රේම සබඳතා ගොඩනැඟේ. අලස නිදිමත ගති ඇති වේ. ඒවා සමනය කරගෙන යා යුතුය.

 

කටක

 

අන් අයගේ ආකර්ෂණය හිමිවේ. මෙතෙක් තිබූ බලාපොරොත්තු ඉෂ්ට වේ. පවුලේ සුළු සුළු ගැටලු මතු වේ. නමුත් ඒවා සමනය කරගෙන යා හැකිය. අධ්‍යාපනයට සුබ වන අතර පෙර පින් බලයෙන් ධනය ලැබීමකට යෝග ඇත. සෙම් රෝග හා පිත් අාශ්‍රිත රෝග නිතර සාදයි. දේපළ සම්බන්ධ කටයුතු යහපත් කරයි.

 

සිංහ

 

අහිමි වූ රැකියා නැවත හිමිවන හා නව රැකියා ඇති කරයි. තරමක් නුරුස්සන ගති කේන්තිකාර ගති ඇති කරයි. ගේ දොර ආර්ථික ප්‍රශ්න මතු වේ. නමුත් තරමක සහනයක් ලබන සතියකි. නොගැළපෙන ඇසුරු ලබයි. අධ්‍යාපන කටයුතුවලට ඉතා සුබ සතියකි. උත්සාහයෙන් ඉගෙන ගනී. නිතර අනතුරු හා අත්, පා බිඳීම් අනතුරුවලින් ප්‍රවේසම් වන්න.

 

කන්‍යා

 

සතිය මැද කාලය වන විට බලාපොරොත්තුවක් ඉටු වන අතර අනුකම්පා සහගත ගති හා පිනට දහමට නැඹුරු වන කාලයකි. පෙර පින් ඵල දෙන කාලයකි. විවාහ ජීවිතයේ තරමක් ගැටලු මතු කරයි. ප්‍රශ්න ඇති වේ. දරුවන්ගේ සතුටු සිතුවිලි ඇති වේ. වයිරස් රෝග හා සෙම් රෝග නිතර මතුවේ.

 

තුලා

 

අන් පාර්ශ්වයන් සමඟ සීමාවක් සහිතව වැඩ කටයුතු කළයුතු වේ. තීන්දු අපහාස ලැබීමේ භාග්‍යය ඇත. කටයුතුවලට බාධා ඇත. නමුත් බාධා ඉවසා යාමෙන් ප්‍රතිඵල ළඟා වන සතියකි. සුළු ධනලාභ ද හිමි වේ. වකුගඩු සහ උදර රෝගවලින් ප්‍රවේසම් වන්න.

 

වෘශ්චික

 

මංගල කාරණා ස්ථිර කරන පින්වත් දරු සම්පත් ළඟාවන සතියකි. පවුලේ කටයුතු ඉතා සාර්ථක වේ. අධ්‍යාපනයට සුබ වේ. රැකියාවේ ද අන් අයගේ උපකාර හිමි කරයි. පවුලේ කරන කටයුතුවලින් ලැබීම් ඇති කරයි.

 

ධනු

 

තරමක් පීඩා සහිතව යන සතියකි. සිත් පීඩා මතු වේ. සතුරු කරදර ඇති වේ. එම කරදර පිළිබඳ පෙර දැන ගැනීමට හැකිවන සතියකි. පෙර පින් බලයෙන් සුළු ලැබීමක්, බලාපොරොත්තුවක් ඉෂ්ටවන සතියකි. ව්‍යාපාරවලට බාධා ඇතත් රැකියා අංශයේ දියුණුවක් ඇතිවේ. ඉන් සිතේ සහනය හිමි කරයි. ශාරිරික අපහසුතා මතු වේ.

 

 

මකර

 

ධනය ආර්ථිකය ශක්තිමත් වන සතියකි. තම දරුවන්ගේ කටයුතු ඉෂ්ට වේ. සාර්ථක වේ. අලුත් දේවල් ලැබීම් ඇති කරයි. කලා අංශවල අයට ඉතා සුබ වේ. අධ්‍යාපනයට ඉතා සුබ වේ. පෙර අසුබ වූ බොහෝ දේ සුබ පැත්තට හැරෙන යෝග ඇත. රෝගී තත්ත්ව මතුවේ. ශරීර සෞඛ්‍යය තරමක් අසුබය.

 

 

කුම්භ

 

දේපළ, ඉඩකඩම්, භූමි සම්බන්ධ දේවල්වලින් ඉහළ ලාභ හිමි වේ. ගොවිතැන් කරන අයට සුබ කාලයකි. උරුම හිමිකම් ද හිමි වේ. මවු පාර්ශ්වයේ ලැබීම් මතු කරයි. පින් දහම් කටයුතු හා වන්දනා ගමන්වලට ද යහපත් වන කාලයකි. තම දක්ෂතාවලින් යහපත උදාවේ.

 

මීන

 

යටපත් වූ තම දක්ෂතා ඉස්මතු වන අතර සමාජ තත්ත්වයන් හිමි වේ. තම දුර්වලතා හඳුනාගෙන යහපත් ගමනක් යාමට යෝග හිමිවේ. තම සහෝදර ඥාති සබඳතා ශක්තිමත් වේ. තම කටයුතු ඉතා හොඳින් කරන සතියකි. අන් අය තම මතයට නතු කරගන්නා කාලයකි. මංගල කටයුතුවලට සුබ වේ. ගමන් බිමන් හිමිවේ. අසනීප ගති නිතර මතුවේ.

 

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ