නොරිස්සුම දියුණුවට බාධකයක්...

ඔක්තෝබර් 23, 2019

 

ජීවිතය දිනීමට යන ගමනේ දී ජය ලැබීමට අපහසු වන කාරණා අප හමුවට පැමිණේ. ඇතැම් කාරණා අප නොදැනුවත්ව ම අපෙන් සිදුවන අතපසුවීම් ය. එහෙත් ඒවා හඳුනා ගැනීමෙන් ජීවිතයේ සාර්ථකත්වය කරා යන ගමන නිසි මංපෙත් ඔස්සේ යාමට ඔබට හැකියාව ලැබේ.

මේ අනුව දියුණුවට අකුල් හෙලමින් අපව ආපස්සට ගෙන යන කරුණු පහක් පිළිබඳ අපි ඔබට හඳුන්වා දුනිමු. එම කරුණු පහ අතරින් පළමුවැන්න වන 'සැප සෙවීම' යන කාරණාව මත අපි දියුණුවට යන මාර්ගය නොදැනුවත්ව ම ආපස්සට හරවා ගන්නා බව පැහැදිලි කළෙමු. ඒ අනුව මෙම දියුණුවට අකුල් හෙලන කාරණා පහෙන් දෙවැන්න වන 'නොරිස්සුම' ගැන කතා කරමු.

නොරිස්සුම යන්න පැහැදිලි කිරීමේ දී අපට එය විවිධ අයුරින් විග්‍රහ කළ හැකිය. යම් පුද්ගලයකු ඔබට 'අනේ ඔයා නම් රත්තරං මනුස්සයෙක්' යැයි පැවසූ විට එයට ඔබ තුළ නොරිස්සුමක් ඇති නොවේ. එහෙත් යමෙක් ඔබගේ දුර්ගුණයක් හෝ දුර්වලතාවක් ගැන පැවසූ විට එය ඔබගේ සිත තුළ යම් නොරිස්සීමක් ඇති කිරීමට හේතු වේ. මෙය අප හැමකෙනා තුළම පවතින ස්වභාවයකි.

 

2019/10/23 තරුණි බලන්න..............

 

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

 

දීපාල් සූරියආරච්චි