පාපිසි ගොතන්න ඉගෙනගනිමු

පෙබරවාරි 26, 2020

 

පළමු අදියරට මේස දරණුවක්

 

නූල්වලින් ගොතන්න හුරුවුණු ඔබට තවත් අලුත් දෙයක් හඳුන්වා දෙන්නයි අද සූදානම. ඒ තමයි ටී ෂර්ට් යාන් එකෙන් ගොතන්න කියාදීම. මේ සඳහා ඔබේ අත හොඳින් හුරු විය යුතුයි. ආරම්භයේ දී නම් ඔබට තරමක අපහසුවක් දැනේවි. ඒත් පසුව එය හුරුවේවී.

ඒ සඳහා අපි පළමුව ටේබල් මැට් එකක් ගොතන්න හුරු වෙමු. මේ ටේබල් මැට් හෙවත් මේස දරණූු එකම විදිහට හය බැඟින් ගොතා පැකට් කරගත්තොත් ඔබට පහසුවෙන් අලෙවි කරගන්නත් පුළුවන්, මේ මේස දරණුව තමයි ඔබේ මූලික පාපිස්ස. ලස්සන පාටවලින් ගොතලා පන්සල්වලටත් මේ මේස දරණු පූජා කරන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

ටී ෂර්ට් යාන් බෝලයක්

මිලිමීටර් 6.5/7/8 යන ප්‍රමාණයන් තුනෙන් එක් ප්‍රමාණයක කටුවක්

අපි ගොතන්න ඉගෙන ගනිමු

වූල් ගොතා ඇති, නැති කාටත් මෙය ගොතන්න ඉගෙනගන්න පුළුවනි. පළමුවෙන්ම ස්ලිප් නොට් එක එනම් ලිස්සන ගැටය (ගෙතුමක ආරම්භක ගැටය) දමන්න ඉගෙන ගන්න. එය අංක 1, 2, 3, 4 රූපවලින් පෙන්වා තිබෙනවා. ඒ අයුරින් ලිස්සන ගැටය යොදා ගන්න. අපි මේ දක්වා පහදා දුන් සියලු පාඩම් ටික එකතුකර ළඟින් තියාගන්න.

 

උපදෙස්

වූල් ගෙතුම් හා නූල් රේන්ද

ගෙතුම් නිර්මාණ ශිල්පිනී

කේ. එම්. දර්ශනී

 

2020/02/26 තරුණි බලන්න