අඩු වියදමකින් රෙසින් පනාවක් හදමු ද?

මැයි 6, 2024

යුවතියන් හැම වෙලාවෙම ආසයිනේ ලස්සනට පිළිවෙළට ඉන්න. ඒ නිසාම යන යන තැන පනාවක්, ලිප්ස්ටික්, අයි ලයිනර්, ෆේස්වොෂ්, ටිෂූ වගේ මේකප් ටූල්ස් අඩංගු කුඩා පර්ස් එකක් අරන් යන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මේ ගෙනියන පර්ස් එකට ඔයාගේ අතින්ම හදපු පනාවක් එකතුකර ගත්තොත් කොහොම තියෙයි ද? දකින දකින අය වුණත් ඔයාගේ මේ අපූරු හැකියාව ගැන අගයාවි. එහෙනම් අපි මේ හුරුබුහුටි රෙසින් පනාව හදලා බලමු

දැන් බොහෝදෙනාට රෙසින් ගැන හොඳ අවබෝධයක් ඇති. රෙසින් නිර්මාණයක වැදගත්ම දෙය මිශ්‍රණය සකස් කිරීමත් නිර්මාණාත්මක හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමත් ය.

රෙසින් මිශ්‍රණය සැකසීමේදී රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍රකර ගන්න. මෙය මිශ්‍රකර ගත යුතුවන්නේ එක් පැත්තකටවන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුලු මතුවීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවී.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවී.

පනාවකට සුදුසු මෝල්ඩ්වර්ග කිහිපයක්ම තියෙනවා. අපි අද යොදාගන්නේ ගොඩක් යුවතියන් නිතර පාවිච්චි කරන ආකාරයේ පනාවක මෝල්ඩ් එකක්.

මේ පනාවත් තමන්ගේ නිර්මාණාත්මක හැකියාව අනුව විවිධ උපක්‍රම භාවිතකර හැඩකර ගන්න පුළුවන්.

මේ පනාව සඳහා අපි භාවිතකර තිබෙන්නේ සොලිඩ් වර්ණකයි. තමන් කැමැති වර්ණයක සොලිඩ් වර්ණකයක් ගෙන ක්ලියර් රෙසින් සමඟ මිශ්‍ර කර මිශ්‍රණය සකසා ගන්න. පනාවේ දාර කොටස්වලට ක්ලියර් රෙසින් ද අනෙක් කොටසට වර්ණක රෙසින්ද එක්කරන්න. රූපයේ පරිදි ගෝල්ඩ් ෆොයිල් එකතුකර තවත් හැඩකර ගන්න. විනිවිද පෙනෙන පනාව සකසා ඇත්තේ ක්ලියර් රෙසින් මිශ්‍රණය එකතු කිරීමෙනි. එයට සීක්වින්ස් ස්ටෝන් වැනි දේවලුත් එකතුකර මේ විදිහට තවත් හැඩකර ගන්න පුළුවන්.

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka