සාරි හැට්ටය නීට් එකට මහන්න

මේ කරුණු පිළිබඳ දැනුවත් වෙන්න
මැයි 6, 2024

සාරි හැට්ිටය ඇඟේ ගානට ඇඟට ඇලෙව්වා වගේ ලස්සනට,නීට් එකට, ඇඟේ හැඩතල ලස්සනට ඉස්මතු කරලා පෙන්නනවා වගේම කිසිම අපහසුතාවයක් නැතුව ඇඳගෙන ඉන්න පුළුවන් නම් ඔබත් කැමතියි නේද? ඔව් එහෙම වුණොත් තමයි සාරි හැට්ටය අඳින කෙනා වගේම සාරි හැට්ටය මහන කෙනත් සතුටු වෙන්නේ. ඒක තමයි සාර්ථකත්වය. සාමාන්‍ය සාරි හැට්ටයේ සිට මනාලි මෝස්තර දක්වා ඔබට නීට් එකට සාරි ජැකට් මහන්න පුළුවන්. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා අනෙකුත් ඇඳුම්වලට වඩා සාරි හැට්ටයක් මහන එක ටිකක් සංකීර්ණයි කියලා.

ඒකනේ සාමාන්‍ය සාරි ජැකට් එකකට ලොකු වියදමක් දරන්න වෙන්නේ.

ඉතිං මේ වියදම් කරන මුදලට සාධාරණයක් කරලා නීට් එකට ලස්සනට ෆිටෝන් ෆ්‍රී සාරි හැට්ට ඔයාටත් ඔයාගේ අතින්ම මහගන්න පුළුවන් නම් ඒ තමයි දක්ෂතාවය. ඉතිං අපි හිතුවා ඒ වටිනා දැනුම ඔයාලට තිළිණ කරන්නට පියවරින් පියවර. සාරි ජැකට් එකක් මැසීමට පෙර මිනුම් ගැනීමේ සිට කැපීම, මැසීම දක්වාම ඉතාමත් සාර්ථක දැනුම් සම්භාරයක් අද සිට ඔබ වෙත ලබා දීමට අප සූදානම්.

 

මිමි ගැනීම

මෙය ඉතාමත් නිවැරැදි විය යුතුමයි. මිමි ගැනීමේදී ඇඟට සරිලන සීරුමාරු ඇඳුමක් ඇඳ සිටීම ඉතා වැදගත්. එසේම අඳින ලද බ්‍රෙසියරය පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතුය. මිමි ගැනීමට පෙර පියයුරුවල පිහිටීම නිවැරැදි වන සේ පටි සැකසීම කළ යුතු වේ. නිවැරැදි බ්‍රෙසියරයක් පමණක් ඇඳ සිටින විට මිමි ගැනීම වඩාත් යෝග්‍ය වේ. කිසිවිටෙකත් සිරුරේ පමණට වඩා ඝනකමින් වැඩි ඇඳුම් ඇඳ සිටී නම් මිමි ගැනීම නොකළ යුතුය. තවද තනිව තමා විසින්ම මිමි ගැනීමක් නොකළ යුතුය. තව කෙනෙකුගේ උදව්වෙන් මිමි ගැනීම සිදු කළ යුතුය. සිරුර කුදුකර හකුළුවා කිසිවිටෙකත් මිමි ගැනීමක් සිදු නොකළ යුතුය. ඉණට පටියක් බැඳ මිනුම් ගැනීම තවත් වැදගත් කරුණකි.

 

රෙදි වර්ග තෝරා ගැනීම

සාරි හැට්ිටයක් මැසීමට පෙර ඔබ තෝරා ගත් රෙද්ද පිළිබඳ ඔබට හොඳ වැටහීමක් තිබිය යුතුය. මොකද ඔබ තෝරාගත් රෙද්ද පිළිබඳ ඔබට හොඳ වැටහීමක් තිබීම වැදගත්. ඔබ මේ අඳින්නේ ඇඟට තද ඇඟේ ගානටම ඇඳුමක් බැවින් ඇතුළත රෙදි (ලයිනින්) කපු මිශ්‍ර රෙද්දක් විය යුතුය.

මෙම රෙද්ද සෝදා අයන් කර ගැනීම වැදගත් වේ. මීට හේතුව පොප්ලින් රෙද්ද හැකිළීමට ලක්වීමයි. එම නිසා ඔබ රෙද්ද සෝදා අයන් කර ගැනීම වැදගත් වේ.

මිනුම් පටිය හඳුනා ගැනීම - සාරි හැට්ටයක් මැසීමට පෙර මිනුම් පටිය පිළිබඳ ඔබට නිවැරැදි අවබෝධයක් තිබීම අනිවාර්ය වේ.

 

 

උපදෙස් -

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ප්‍රවීණ මැහුම් උපදේශිකා

අනූෂා සඳමාලි