ලග්න පලාපල

ජූලි 28, 2021

මේෂ ලග්නය

ආර්ථික ප්‍රතිලාභ

මේෂ ලග්නයට අනුව මේ සතිය ඔබට සුබ සතියකි. චන්ද්‍රයා 12, 01, 02, 03 ස්ථානගත වෙමින් ගමන් ගන්නා අතර ආර්ථික ප්‍රතිලාභ තම ආත්ම ගරුත්වය සුරැකෙන ගෞරවණීය සතියක්ද වෙයි. විශේෂයෙන් ගුණාත්මක බවින් යුතු ආහාරපාන ලැබීම නිවසේ උත්සවශ්‍රීයක් ඉසිලීම මෙහිදී කැපී පෙනෙනු ඇත.

 

වෘෂභ ලග්නය

අනාගත නව සැලසුම්

චන්ද්‍රයා 11, 12, 01, 02 යන ස්ථානවල ගමන් කිරීමේදී සතිය ඇරැඹෙන්නේ ආර්ථික ප්‍රතිලාභයක් සමඟිනි. විශේෂයෙන් ඔබට ඉදිරි ආර්ථික සැලසුම් කීපයකට අවස්ථාව උදාවන අතර පිටරට යෝග, ආගමානුකූල කටයුතු කෙරේ වැඩි ඉඩක් සැලසෙනු ඇත. තම රාජකාරි කටයුත්තකට සතිය මැද භාගයේ දුරබැහැරකට යාමටද සිදුවෙයි.

 

මිථුන ලග්නය

නැවැතුණු ව්‍යාපාර යළි ක්‍රියාවට

මිථුන ලග්නයට අනුව මේ සතිය ඔබ ජීවිතයේ තීරණාත්මක සුබවාදී බවකට හේතුයි. රැකියාවේ උසස්වීමක්, නව ප්‍රතිලාභ හිමිකමක් හා නවතා දමා තිබූ ව්‍යාපාරයක් යළි ක්‍රියාවට නංවා අලුත් මුහුණුවරකින් පවත්වාගෙන යාමට පියවර ගන්නා සතියකි. තම පාදයේ වළළුකර ආශ්‍රිත උවදුරක් නිසා එදිනෙදා කටයුතුවලට බාධා පැමිණෙනුද ඇත.

 

කටක ලග්නය

ආගමික කටයුතුවලට මුල් තැන

කටක ලග්නයට අනුව මේ සතිය ඉතා පුණ්‍යවන්ත වෙයි. සුවිශේෂී ආගමික කටයුතු රැසකට සහභාගි වන අතර නිවෙසේ එබඳු ආගමික කටයුත්තක් සංවිධානය කෙරෙන සතියකි.

තම ඥාතීන් වෙනුවෙන් වැඩි කැපවීමක් දැරීමටද සිදුවන අතර ඒ අය වෙතින් ප්‍රසාදය පිළිගැනීම ලැබෙනු ඇත.

 

සිංහ ලග්නය

හදිසි අනතුරු

සිංහ ලග්නයට අනුව මේ සතියේ ආරම්භක දින දෙක තුන ඔබ ඉතා ප්‍රවේශම් විය යුතුය. තමාට හදිසි අනතුරකට හදිසි මුදල් වැයවීමකට බොහෝ දුරට ඉඩ ඇත. නමුත් සතිය මැද භාගයේ සිට නව ආදායම් මාර්ග පෑදෙනු ඇත.

අනතුරුව සිතට සතුට ගෙන දෙනු ඇත.

 

කන්‍යා ලග්නය

සමාජයේ හොඳ පිළිගැනීමක්

කන්‍යා ලග්නයට අනුව මේ සතිය ආරම්භ වන්නේ චන්ද්‍රයා 07, 08, 09, 10 යන ස්ථානවල ගමන් කරමිනි.

අවිවාහක අයට මංගලයෝග, නව යොවුන් වියේ සිටින අයට තම ජීවිතයේ සතුට උදාවන සහසම්බන්ධතා මතු කෙරෙනු ඇත.

නිර්මාණශීලී අයට තම නිර්මාණ එළිදැක්වීමට සමාජයේ හොඳ පිළිගැනීමක් මතුවන බව පෙනේ.

 

තුලා ලග්නය

කලකිරීම් බහුලවේ

තුලා ලග්නයට අනුව මේ සතිය ආරම්භය හා මැද භාගය ඉතා ප්‍රවේසම අත්‍යවශ්‍යයි. තමාට හදිසි ආපදා තත්ත්වයක් පෙන්වන්නේ චන්ද්‍රයා 06, 07, 08, 09 යන ස්ථාන පසු කරමින් යන නිසාය. තම ජීවිතයේ අමිහිරි අත්දැකීමකට හසුවන අතර විවාහ අපේක්ෂකයින් තම කටයුතු කෙරෙහි කළකිරෙන බවක්ද දක්නට ලැබේ.

 

වෘෂ්චික ලග්නය

වාසනාවන්ත දරු සම්පත්

වෘෂ්චික ලග්නයට අනුව ඔබට සතිය ආරම්භ වන්නේ නි‍ෙවසට නව සාමාජිකයකු එක්වීමෙනි. මින් අදහස් කරන්නේ දරුපල අපේක්ෂාවෙන් සිටි අයට එම බලාපොරොත්තු සපල කරමින් වාසනාවන්ත දුවකගෙ - පුතකුගේ උරුමය අත්වන බවයි. යටිබඩට යම් අපහසුතාවක් හා අසාත්මිකතාවක් නිසා කරදර විඳීමට සිදුවේ.

 

ධනු ලග්නය

නිවාස හා වාහන ප්‍රතිලාභ

ධනු ලග්නයට අනුවමේ සතිය ඔබට ඉතා සුබවාදී වෙයි. වාහන ලාභ, නව නිවාස උරුමය පෙන්වයි. නව නි‍ෙවසක් තැනීමට මුල් අඩිතාලම දැමෙන සතියකි. තවද ආර්ථික ප්‍රතිලාභ පරිත්‍යාග හිමිවන අතර රැකියා ස්ථානගත සුබවාදී බවකි. පැවැති සතුරු කරදර අවසන්වන රැකියා ස්ථානගත පැහැදිලි පසුබිමක් සැකසෙනු ඇත.

 

මකර ලග්නය

ඉඩම් ලාභ

මකර ලග්නයට අනුව ඔබට මේ සතිය සුබවාදී වෙයි. චන්ද්‍රයා 03, 04, 05, 06 යන ස්ථාන පසුකරමින් ඔබට යටපත්වූ උරුමයක් හිමිකර දීමට සමත් වෙයි. මැණික් පතල් කරගෙන යන අයට වාසනාවන්ත මැණික් උරුමයක්ද, නව ඉඩමක තිබූ නඩුවක් තමාගේ වාසියට තීන්දු කර ඉඩමේ පූර්ණ අයිතිය ඔබට හිමිවෙනු ඇත.

 

කුම්භ ලග්නය

ශ්‍රමයට අනුව උසස් ප්‍රතිලාභ

කුම්භ ලග්නයට අනුව ඔබට මේ සතිය සුබයි. චන්ද්‍රයා 02, 03, 04, 05 යන ස්ථාන පසුකරමින් යද්දී හදිසි ධන ලාභයක් උරුම කර දීමට සමත් වෙයි. එය ඥාතියකුගේ පරිත්‍යාගයක් විය හැකි අතර තම දූ දරුවන් නිසා ලැබෙන වාසි සහගත ලැබීම්ද වන්නට පුළුවන. එදිනෙදා කාර්යබහුල වෙයි. ශ්‍රමය කැපකිරීමට සිදුවෙයි. එහි ප්‍රතිඵල ඉහළ වෙයි.

 

මීන ලග්නය

කුසලතා සමාජගත වේ

මීන ලග්නයට අනුව චන්ද්‍රයා 01, 02, 03, 04 යන ස්ථානවල ගමන් කිරීම ඔබ නව පුද්ගලයකු ලෙස සමාජයට අවතීර්ණ වීමකි. තමාගේ කලා කුසලතා ඔප් නැංවෙන අන්දමේ කටයුතු සමාජගත කිරීමට ඔබට හැකිවෙයි. එදිනෙදා තමා අදහස් ආගමික කටයුතු කෙරෙහි ප්‍රතිඵල උදා කර ගැනීමට කැපවන සතියකි. හිසට පපුවට සෙම අධිකවන සතියක්ද වෙයි.

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි