ඔන්ලයින් ෂොපිං සිස්ටම් එකේ වාසි ගොඩයි

සැප්තැම්බර් 29, 2021

ඕනෑම බඩුවක් ගන්න කලින් බලන්න ඕන දේ තමයි වගකීම් සහතිකයක් ලබාදෙනව ද කියන එක. ඒ විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් ඒ වගකීම් සහතිකය ලබාදෙන්නේ කවුද කියන එකත් හොයලා බලන එක වටිනවා.

ගැන කියපු කාරණාව ගැන නැවත හිතන්න වෙනවා. වෙන තැනක දාහට තියෙන බඩුව, ඒ විදියටම මෙතන තියෙන්නේ 1500 ට නම්, ඒකෙන් 30% ක ඩිස්කවුන්ට් දුන්නත් වැඩක් නෑ. ඒ ඩිස්කවුන්ට් එකත් එක්ක බැලුවත් අපි රුපියල් 50 ක් වැඩිපුර ගෙවලා. ආන්න ඒ නිසා එහෙම හොර ඩිස්කවුන්ට් ගැන නැතුව හරි ඩිස්කවුන්ට් ගැන සැලකිලිමත් වුණාට වරදක් නෑ. විශේෂයෙන්ම ක්‍රෙඩිට් කාඩ්වලට දෙන ඩිස්කවුන්ට් නම් ගොඩක් වෙලාවට ෂුවර් කරන්න පුළුවන්.

පහසුව

 

ඔන්ලයින් ෂොපින් කරන කොට තමන් කඩේට ගිහින් බඩුවක් ගන්නකොට තියෙන වෙහෙස මහන්සිය ඇත්තෙම නෑ. ඒ වගේම කාලයත් සෑහෙන්න ඉතුරුයි. මොකද, විනාඩි ගාණක් ඇතුළතදී ෆෝන් එකෙන් වුණත්, කම්පියුටර් එකෙන් වුණත් අපිට ඕන බඩුවක් ඕඩර් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් කඩේකට ගියාට පස්සේ අපිට ඕන බඩුවක ස්පෙසිෆිකේෂන් අනං මනං අපි කඩේ අයගෙන් අහලා දැනගන්න ඕන. ගොඩක් වෙලාවට එයාලා කියන දෙයක් තමයි. හැබැයි අපිට ඔන්ලයින් ෂොපින් කරනකොට ඒ විස්තර ඔක්කොමත් ෂොපින් සයිට් එකේ හෝ ඇප් එකේ දාලා තියෙන නිසා පහසුයි.

ඊට පස්සේ ගෙවීම් කටයුතු එහෙමත් පහසුයි. කාඩ් වලින් ගෙවන්න බෑ බෑ වගේ නම්, කෑෂ් ඔන් ඩිලිවරි දාගන්න පුළුවන්. ඒකත් පහසුයි. නමුත් කෑෂ් ඔන් ඩිලිවරි සේවාව ලබා ගත හැකි වන්නේ ලංකාවේ වෙබ් අඩවිවලින් බඩු ඕඩර් කරනවානම් පමණයි.

 

සල්ලි ඉතුරුයි

 

ඔන්ලයින් ෂොපින් කරනකොට මුලින්ම සල්ලි ඉතුරු වෙන්නේ අපිට ට්‍රාන්ස්පෝට් කොස්ට් එකක් නැති නිසා. ඒ කියන්නේ අපි ගිහින් බඩු අරගෙන එන්න නම් යනකොටත් කීයක් හරි වියදම්, එනකොටත් කීයක් හරි වියදම්. ලොකු බඩුමුට්ටු අරගෙන එනකොට නම් ප්‍රවාහනේට තවත් අමතර වියදම්. හැබැයි එහෙම බලනකොට අපිට බඩු ගෙදරටම ගෙනැල්ලා දෙන සේවාවක් හරිම ආර්ථිකමය වශයෙන් ලාභදායීයි. හැබැයි ඒ ලාබේ හරියට ගන්න නම්, ඒ අය ඩිලිවරි වලට කොච්චර ගන්නවද, ඩිලිවරි ෆ්‍රීද, සැඟවුණු ගාස්තු එහෙම තියෙනවද කියලා හරියට හොයලා බලන්න ඕන.

ඒ ඇරෙන්න ගොඩක් වෙලාවට ඔන්ලයින් ෂොපින් කරනකොට අමතර ඩිස්කවුන්ට් ලැබෙනවා. අන්න ඒකෙනුත් අපිට සල්ලි ඉතුරුවක් වෙනවා. 

 

ඔන්ලයින් ෂොපින් සිස්ටම් එකේ මේ වගේ වාසි ගොඩක් තියෙනවා. වංචාවන්ට හසු නොවී ගුණාත්මක බඩු හරිම විදිහට ඕඩර් කරන හැටි ලබන සතියේදී කතා කරමු.