වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
AI වැඩ කෝටියෙන් එකක්

Artificial Intelligence හෙවත් කෘත්‍රිම බුද්ධිය යනු යම් යම් ආකාරයන්ට මිනිසුන්ට සමාන ලෙස කටයුතු කළ හැකි, අධි-බුද්ධිමත් පරිගණක පද්ධතියකි. මිනිසුන් කියන දේවල් තේරුම් ගැනීම, තීරණ ගැනීම, භාෂා පරිවර්තනය, යමක් ධනාත්මකද සෘණාත්මකද යන්න තීරණය කිරීම සහ අත්දැකීම්වලින් ඉගෙන ගැනීම ආදිය මීට ඇතුළත් ය.
මිනිසුන් විසින් තාක්ෂණය උපයෝගී කරගෙන එය නිර්මාණය කර ඇති නිසා එය කෘත්‍රිම හෙවත් Artificial වේ. අද ලෝකයේ AI තාක්ෂණයෙන් කළ නොහැකි දෙයක් නැති තරම් ය. පසුගිය සතියේදී කතාබහ කළ AI ලිපියේ දෙවැනි පියවර ලෙස එයින් කළ හැකි තවත් දේ ගැන අද කතා කරමු.
බැංකු ක්ෂේත්‍රයේ වංචා හඳුනා ගැනීම
මූල්‍ය ගනුදෙනු ආරක්ෂා කිරීමට AI හි විශේෂ භූමිකාවක් තිබේ. බැංකු මඟින් AI යන්ත්‍රණ භාවිත කරමින් ගනුදෙනු රටාවන් විශ්ලේෂණය කර ඒවායේ අසාමාන්‍ය හැසිරීම් හඳුනා ගනිමින් වංචාකාරී ක්‍රියාකාරකම් පිළිබඳ අනාවරණය කරයි.
මාර්ග සහ සංචාරය
AI මඟින් සංචාරක අත්දැකීම් වැඩි දියුණු කරන අතර, මේ මොහොතේ පවතින මාර්ග තදබදයන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු සැපයීම, ගමන් කිරීමට සුදුසු මාර්ග පිළිබඳ දැනුවත් කිරීම, කාලයට උචිත තීරණවලට එළැඹීම මඟින් වඩා ආරක්ෂාකාරී මාර්ග යෝජනා කිරීම වැනි කාර්යයන් සිදු කරයි. ඔබ ඔබේම වාහනය පදවන විට මෙන්ම පොදු වාහන සේවාවක් භාවිත කරන විට ද, AI වඩාත් කාර්යක්ෂම මාර්ගය සොයා දෙමින් ඔබේ කාලය ඉතිරි කරයි.
පින්තූර හඳුනා ගැනීම
Google Lens වැනි AI තාක්ෂණ, පින්තූර හඳුනාගැනීමේ ක්‍රමවේදයන් සඳහා භාවිත කර වස්තූන් හඳුනාගෙන ඒවා පිළිබඳ තොරතුරු සපයයි. ඔබ ශාකයක් හඳුනාගැනීමට උත්සාහ කළ ද විදේශීය භාෂාවක පාඨයක් පරිවර්තනය කිරීමට උත්සාහ කළද, AI තාක්ෂණය ඒ හා සම්බන්ධ තොරතුරු සපයයි.
ඊමේල් හඳුනාගෙන ඒවා වෙන් කිරීම
විදත් ලිපි, ප්‍රමාණය ඉක්මවා ලැබී ඇති විට අවශ්‍ය ඒවාට සහ අනවශ්‍ය ඒවාට වෙන්කරමින් වෙන වෙනම ලිපිගොනුවක් තුළ බහාලීමට AI කටයුතු කරයි. Gmail වැනි මෙවලම්වල ඇති ස්මාර්ට් ප්‍රතිචාර සහ ආයාචිත තැපැල් (spam) හඳුනා ගැනීමේ හැකියාවෙන් වැදගත් පණිවිඩ ප්‍රමුඛ කරමින් අනවශ්‍ය පණිවිඩ ඉවත්කර තැබීමට කටයුතු කරයි. මෙමඟින් ඊමේල් කළමනාකරණය කර, අඩු කාලයකින් වැඩි කාර්යක්ෂම බවක් ලබා දෙන අතර එමඟින් පරිශීලකයින්ට සැබැවින්ම වැදගත් දේවල් සඳහා අවධානය යොමු කළ හැකියි.
මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයන්
AI මඟින් ක්‍රියාත්මක වන මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය ආකර්ෂණ පද්ධති සහ පෞද්ගලික උපකරණවල සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් ඇත. එය ජංගම දුරකතන විවෘත කිරීමට (unlock phone) සහ අනන්‍යතාව තහවුරු කිරීමට (verify identities) උපකාරී වන අතර, රහසිගත සංවේදී තොරතුරු වෙත ප්‍රවේශවීමට ආරක්ෂිත සහ පහසු ක්‍රමවේදයන් සපයයි. මෙම තාක්ෂණය පොදු ස්ථානවල ද ආරක්ෂාව සහ පාලනය වැඩි දියුණු කිරීම සඳහා භාවිත වන අතර එමඟින් අප සමාජයේ ආරක්ෂාව තීව්‍ර කරයි.