මැෂිමේ උපාංග හඳුනා ගනිමු

ජනවාරි 17, 2022

 

තරුණී ‘මැහුම් ඉස්කෝලේ‘ ආරම්භ කළේ නිර්මාණශීලී කාන්තාවන්ට අතට මිටට කීයක් හරි හොයා ගන්න රෙදිපිළි ආශ්‍රයෙන් කෙරෙන ස්වයං රැකියා, පුංචි පහේ ඇඟලුම් කම්හලක සිහිනය සැබෑ කර ගන්න දැනුම වගේම අත්වැල් සපයන්නයි. ඒ සමඟම හෙළ සංස්කෘතියේ ඇඳුම් විලාසිතා පුරාණය සොයා ගෙන අතීතයට චාරිකාවක් ගෙන යන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.

කෙසේ වෙතත් සාමාන්‍ය වශයෙන් වුවද විධිමත් බවක් දැක්වෙන්නේ දහනම වසරක් තිස්සේ උඩරට රාජධානියේ සිරකරුවෙකුව සිටි බ්‍රිතාන්‍ය ජාතික රොබට් නොක්ස් ගේ කෘතියෙනි. ‘එදා හෙළ දිව‘ නමින් සිංහලයට පරිවර්තිත එහි, උඩරට ප්‍රභූ පැලැන්තියේ විශේෂිත ඇඳුම් පිළිබඳව මෙලෙස සඳහන්ව තිබේ.

“උත්සව අවස්ථාවලදී සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින් සැරසෙන පිරිමි කෙටි හැට්ටයකින් තම සිරුර වසා ගනිති. විශිෂ්ටතම ලියවැල්, මැහුම් වැඩ යෙදූ තුප්පොට්ටි සයක් හෝ අටක් හෝ ඇඳ ගනිති. උකුළ තරම් මහත් වනසේ පිම්බූ හැට්ටයකින් ඔහුගේ උරහිස් අස්වාභාවික පෙනුමකින් යුක්ත වන සේ පළල් කෙරෙයි. සිංහල පිරිමින්ගේ ඇඳුම කපු හෝ හණ රෙද්දෙන් කළ හැට්ටයකි. ඉණෙන් රෙද්දක් විළුඹ තෙක් පැළඳ, එහි කෙළවර දෙකකුල් මැදින් ඉණට ගෙන එහි රඳවති. එවිට එහි පෙනුම කලිසමෙක් සේය. යම් ප්‍රභූත්වයක් ඇති අය මහත් ආඩම්බරයෙන් රතු හිස් වැස්මක් පළඳිති..

(එදා හෙළදිව - රොබට් නොක්ස්)

හොඳයි එහෙමනම්...

අපි දැන් පාඩමට යොමු වෙමු.

ගෙදර මැෂිමක් තියෙනවා තමයි. ඒත් ඉතින් මැෂිමෙ තියෙන උපාංග ටික හඳුනාගෙන ඉන්න එපායැ සේරටම කලින්. අතේ හුරුවට මැහුව්වා වුණාට ඒ ඒ කොටස හඳුන්වන නිවැරැදි නම් මොනවාද කියල නොදන්වා වෙන්න පුළුවන්. ඇඟලුම් කම්හලක සිහිනය දකින ඔබට මේ දැනුම ඉතාම වටිනවා. පහත දැක්වෙන අංක සහිත විස්තරය රූප සටහන සමඟ ගළපා ගන්න.

 

01. Table - ටේබල්

02. Too Drower - ටූල් ඩ්‍රෝවර්

03. Treadle - ත්‍රෙඩ්ල් (පැඩ්ල්)

04. Stand - ස්ටෑන්ඩ්

05. Knee Lift - නී ලිෆ්ට්

06. Moter - මෝටර්

07. Power Swithc - පවර් ස්විච්

08. Bell Cover - බෙල්ට් කවර්

09. Reverse Switch Control -

රිවර්ස් ස්විච් කොන්ට්‍රෝල්

10. Hand Wheel - හෑන්ඩ් වීල්

11. Thread Spindle - ත්‍රෙඩ් ස්පින්ල්

12. Thread Stand - ත්‍රෙඩ් ස්ටෑන්ඩ්

13. Thread Spindle - ත්‍රෙඩ් ස්පින්ල්

14. Display - ඩිස්ප්ලේ

15. Head - හෙඩ්

16. Pan - පෑන්

 

මේ යෙදුම්වලට සිංහල වචන ගළපන්න ගියොත් බලන කෙනෙකුට සමහරවිට මහා විහිළුවක් වගේ පෙනෙන්නත් පුළුවන්. අනෙක් අතට ඇඟලුම් ක්ෂේත්‍රෙය් දී හඳුන්වන්නේ මේ විදිහට ම තමයි. ඒ නිසා මේ වචන මේ විදිහටම මතක තබාගැනීම පහසුවක්.

තවත් විස්තර ලබන සතියේ.

 

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්