‘මැහුම් කලාවේ නිම් වළලු පුළුල් කරන චාරිකාව‘

නූල් හා ඉඳිකටු ගැන මේ තොරතුරුත් වැදගත්
මැයි 23, 2022

 

 

ඔබ වෙළෙඳපොළෙන් මිලදී ගන්නා නූල් පන්දුවේ ලේබලය කියන්නේ, දැනුම විශාල ප්‍රමාණයක් අඩංගු අත් පොතක් වගේ දෙයක්. එය දැන් ඔබට අවබෝධ වී ඇති. එහෙම නම් ලේබලය ගලවලා බලමු එතැනින් ඉදිරියට යන්නෙ කොහොමද කියලා.

ඇඟලුමක් වේවා, වෙනත් මැස්මක් වේවා එහි ප්‍රමිතියට, කල් පැවැත්මට තීරණාත්මක ලෙසින් බලපාන සාධකයක් තමයි නූල් කියන්නේ. අවස්ථානුකුල වාසිය, ලාභය ගැන හිතලා තත්ත්වයෙන් බාල නූලක් භාවිත කිරීමෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදු වෙනවා. ඒවා තමයි,

* මැස්මේ පෙනුම බාලවීම

* මැස්ම රැලි වැටීම/රෙද්දේ පළුදු ඇතිවීම

* මැස්මට අවශ්‍ය කරන ඇදෙන සුලු බව නැතිවීම

* මැස්මේ ප්‍රමිතිය නොමැතිවීම

* නූල වරින්වර කැඩීයාමෙන් අඛණ්ඩ මැස්මකට බාධා වීම

* නූල් ස්ලිප්වීම ඝනත්වයෙන් වැඩි නූල් භාවිත කරන්නේ ඇයි?

* මැස්මට හොඳ ශක්තිමත් බවක් සහ පැවැත්මක් ලබාදීම

* මැහුම් රේඛාවන් වඩාත් හොඳින් ඉස්මතුවූ පෙනීම අවශ්‍ය වන අවස්ථාවලදී

 

නූල් ගැන වගේම ඒවාට ගැළපෙන ඉඳිකටු මොනවාද යන දැනුමත් අත්‍යවශ්‍යමයි

මූලිකවම Tkt 120 නූල සඳහා 14 ප්‍රමාණයේ ඉඳිකටුව ද, Tkt 75, 50 නූල් සඳහා 16 / 18 ප්‍රමාණවල ඉඳිකටුද භාවිත වෙයි. 'Tkt' ලෙස දක්වා තිබෙන්නේ නූලේ ඝනත්වය තීරණය කෙරෙන සංකේත නාමයයි.

 

නූලේ ඝනත්වය (Tkt) ඉඳිකටු වර්ගය

180 8

140 9 / 10 / 12

120 14

75 16 / 18

50 20

30 22

 

නූලේ ඝනත්වය අනුව වැඩි වශයෙන් මසනු ලබන ඇඳුම් වර්ග මොනවාද?

මේ අවබෝධය ඔබ මැසීමට සූදානම්වන මැස්මට ගැළපෙන නූල් වර්ගය තීරණය කිරීමට පහසුවක් වෙනවා.

* නූලේ ඝනත්වය 180 - දුහුල් රෙදි (තුනී) භාවිත කර මසනු ලබන ඇඳුම්

* නූලේ ඝනත්වය 120 - ෂර්ට්, බ්ලවුස්, නිටඩ් නිපැයුම්, කාන්තා පිරිමි යට ඇඳුම්

* නූලේ ඝනත්වය 75 - කලිසම් - දිග / කොට

* නූලේ ඝනත්වය 50 - ජීන්ස් (ඩෙනිම්) කලිසමේ සහ ඕවර්රෝල්

* නූලේ ඝනත්වය 20 / 30 - ලෙදර් නිෂ්පාදන

මේ පැහැදිලිකිරීම් තවත් ගැඹුරට යනවා නම් වගුවක් මඟින් තවදුරටත් පැහැදිලි කර ගන්නට පුළුවන්. මේ දත්ත හඳුන්වන්නේ 'මෙට්‍රික් අගයන්' යනුවෙන්.

 

ටෙක්ස් (Tex)අගය මෙට්‍රික් අගය යාන් අගය

T 60 50 20/2

T 45 75 40/3

T 30 120 60/3

T 18 180 60/2

 

 

 

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්