බණ්ඩාරවත්ත සැලෝන් අදීෂා හිමිකාරිනිය අදීෂා රුවන්මලී

ඔක්තෝබර් 24, 2022

 

රට වටා සිටිනා රූපලාවණ්‍ය ප්‍රතිභා දෑත් සොයා යන ගමනේ අද අපි ගම්පහ, බණ්ඩාරවත්ත සැලෝන් අදීෂා වෙත පිය නැගුවෙමු. සුන්දරත්වය දකින්න, අත් විඳින්න කැමැති ඔබ වෙනුවෙන් ඇය රූපලාවණ්‍ය සත්කාර පෙළක්ම සිදු කරනු ලබයි.

පාසල් යන අවධියේ සිට රූපලාවණ‍ය කෙරෙහි ඇල්මක් දැක්වූ ඇය තමන් සතු සහජ දක්ෂතාව තවදුරටත් ඔප් නංවා ගැනීම උදෙසා රූපලාවණ්‍ය පාඨමාලා රැසක්ම හදාරා තිබේ. රංජනා සේතුංග, ජයන්ති පංචලතා යන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පිනියන්ගෙන් රූපලාවණ්‍ය ශිල්පය හදාරා මේ වනවිට ඇය NVQ - Level 4 සහතිකලාභිනියකි.

එමෙන්ම ඇය රූපලාවණ්‍ය පිළිබඳ ආයුර්වේද සත්කාර ද තම රූපලාවණ්‍යයේදී සිදු කරනු ලබයි. ඒ අනුව සැලෝන් අදීෂා වෙත පිය නගන ඔබට කුරුලෑ, සාමාන්‍ය, වියළි, වියපත් ඕනෑම ගැටලු සහිත සමකට ආයුර්වේද සත්කාර කරනු ලබයි. ඒ සඳහා විශේෂ ෆේෂල් ගණනාවක්ම සිදු කරයි. එසේම ඇස් වටා කළු වීම වැළැක්වීම, විඩාබර දෙපා සඳහා දුර්වල වූ හිසකෙස් සඳහා ද විශේෂිත වූ රූපලාවණ්‍ය සත්කාර පෙළක්ම ඇය සතුයි. එවැනි ස්වාභාවික සත්කාර එකම වහලක් යටින් සිදු කර ගැනීමට සැලෝන් අදීෂා අපූරු තෝතැන්නකි. මේ රූපලාවණ්‍ය සත්කාරයන්ට අමතරව ඇය ඔබට එම ශිල්පීය දැනුම ලබා දීමට කටයුතු කරනු ලැබේ.

"මා වෙත පැමිණෙන සේවාදායිකාවට ඉතාමත් වගකීම් සහගතව බටහිර සහ ආයුර්වේද යන ක්‍රමවලට සේවාව ලබා දීමට මා සූදානම්. ආයුර්වේද රූ රහස්වලට මුල්තැන ලබාදෙන මගේ රූපලාවණ්‍යාගාරයේ උඩරට, පහතරට, බටහිර ආදී ඕනෑම ආකාරයකට ඔබේ රුචිකත්වය අනුව ඔබව හැඩකර දීමට මා සූදානම්. එයට අමතරව ඇහිබැම සැකසීම, ෆේෂල් කිරීම, ක්ලීන් අප්, ඔයිල් මසාජ්, බියුටි, බ්‍රයිඩ්ල් යන අංශයන්ට අයත් රූපලාවණ්‍ය සත්කාර සිදු කරනු ලබනවා. මගේ මේ රූපලාවණ්‍ය කටයුතු සඳහා මගේ ආදරණීය මව, සොහොයුරා මෙන්ම ආදරණීය සැමියා හරිත ගාර්ඩින් සර්විස් අධිපති මදුෂංක ශ්‍රීනාත් හෙට්ටිආරච්චි නිරතුවරුවම මා හට සහයෝගය ලබා දෙනවා."

ඉතින් ඔබත් ගම්පහ අවට සිටී නම් නවීන තාක්ෂණයෙන් යුත් 100% ක් දේශීය රූපලාවණ්‍ය සත්කාර සිදු කර ගැනීමට සැලෝන් අදීෂා වෙත පියනැඟිය හැකියි.