රබර් සෙරෙප්පුවෙන් තට්ටු ගෙවල් සාදන කලාව

අතට අමතර මුදලක් සොයා ගන්න සරල ක්‍රමයක්
මැයි 8, 2023

 

අප ලෝකයට එන්නේ කිසිවක් නොමැතිව හිස් අතිනි. එලෙස ලෝකයට පැමිණි අපි ලෝකය වෙනුවෙන් යමක් ඉතුරු කරලා යන්න පුළුවන් නම් තමයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. අපට මේ ලෝකය ජීවත්වෙන කාලය තුළ බොහෝ දේ කරන්න අවස්ථාව ලැබෙනවා. මේ ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගෙන නිර්මාණශීලි යමක් කරන්න පුළුවන් නම් තමයි ලෝකය ලස්සන වෙන්නේ. ඒ නිර්මාණ නිසා ලෝකය ලස්සන වෙනවා පමණක් නොවෙයි ඔබේ ජීවිතයත් අර්ථවත් වෙනවා. විශේෂයෙන්ම ගෘහිණියකට මෙවැනි නිර්මාණශීලි දෑ කරන්න කාලයක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ට තමුන්ගේ නිර්මාණශීලිත්වය ප්‍රයෝජනයට ගනිමින් තමුන්ගේ අතට අමතර ආදායමකුත් සොයා ගන්න පුළුවන්. හැබැයි මෙලෙසින් අමතර ආදායමක් ලබන්න අපට තවත් කෙනෙක් කරන ව්යාපාරයම හෝ නිෂ්පාදනයම කරන්න යෑම තරමක් අවධානම්. නමුත් තමන්ට තිබෙන හැකියාව තමුන් විසින්ම හඳුනාගෙන ඒ හැකියාව ප්‍රයෝජනයට ගනිමින් අලුත් නිර්මාණශීලි යමක් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් අපේ රටේ විතරක් නොවෙයි මුළු ලෝකයේම අලෙවි කරන්න පුළුවන්.

සෙරෙප්පු නිර්මාණ කලාව කියන්නෙත් එවැනි නිර්මාණාත්මක දෑතකට කදිම ව්‍යාපාරයක්. අතේ ඇති පුංචි මුදලකින් ඉතාම සුළු පරිමාණයෙන් ආරම්භ කළ හැකි සෙරෙප්පු නිර්මාණ කලාව දැන් කාන්තාවන් අතර හරිම ජනප්‍රිියයි. නිවෙසේ වැඩකටයුතු අතර තමුන්ට ලැබෙන විවේක කාලයේදී නිර්මාණාත්මක හැකියාවෙන් සෙරෙප්පු නිර්මාණය කරලා මුදල් සොයා තරුණ තරුණියන් වගේම ගෘහණියන් බොහෝ පිරිසක් සිටිනවා. මෙවැනි නිර්මාණශීලී තරුණියන්ට අඩු මුදලකින් රබර් සෙරෙප්පු ඩිසයින් කරලා හොඳ මුදලක් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අප මෙවර හඳුන්වා දෙන්නේ.

 

මෙලෙසින් රබර් සෙරෙප්පු නිෂ්පාදනය කිරීමට අපට අවශ්ය වෙන මූලික අමුද්‍රව් කිහිපයක් තිබෙනවා. මේ අමුද්‍රව්‍ය කිහිපය මිලදී ගත් පසු ඔබට පුළුවන් ඉතාම පහසුවෙන් මේ ව්යාපාරය ආරම්භ කරන්න. ඔබට මේ ව්‍යාපාරය සඳහා ප්‍රවේශයක් ලබාගැනීමට මුලින්ම සොයාගත යුතු උපකරණ කිහිපයක් වෙයි. එනම් රබර් සෙරෙප්පු ජෝඩු කිහිපයක්, සෙරෙප්පුවේ පටිය වෙලීම සඳහා කෝඩ් වර්ග, B 6000 ගම් හෝ ගම් මැෂිමක්, නිර්මාණකරණයට අවශ්‍ය පබළු වැල් සහ ෙෆා්ම් ෂීට් මල් වර්ග, කතුරක් සහ ලයිටරයක්.

 

මූලික වශයෙන් මේ අමුද්රව්ය ඔබ සොයාගත් පසු ඔබට මේ නිර්මාණශීලි කටයුත්ත ඉතා හොඳින් ආරම්භ කිරීමේ හැකියාව පවතී. මේ උපකරණ ඔබට ඉතාම අඩු මුදලට ලබා ගත හැකි ස්ථානයක් වන්නේ පිටකොටුවේ දෙවැනි හරස්වීදියයි. එම වීදියේ තොග වශයෙන් මේ අමුද්‍රව්‍ය අලෙවි කරන සාප්පු ගණනාවක් පවතින අතර, අඩු මුදලකින් මේ සියලුම දෑ සොයා ගැනීමේ හැකියාව පවතී. මෙහිදී ඔබ රබර් සෙරෙප්පු මිලදී ගැනීමේදී ඉතාම බුද්ධිමත් වන්න. ඉතා හොඳ තත්ත්වයේ රබර් සෙරෙප්පු හා මිල අඩු, ශක්තිය අඩු සෙරෙප්පු වර්ග ද පවතී. ඔබ මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී නිර්මාණයේ කල් පැවැත්ම ගැන වඩාත් හොඳින් සිතන්න. එබැවින් මෙලෙස නිර්මාණය කරන සෙරෙප්පු සඳහා හොඳ තත්ත්වයේ රබර් සෙරෙප්පු තෝරා ගන්න.

දැන් මේ උපකරණ Online ක්රමයට නිවෙසටම ගෙන්වා ගැනීමට ද හැකියාව පවතී. ඔබට කොළඹ පිටකොටුවට පැමිණීමට නොහැකි නම් මුලින්ම සුළු ප්‍රමාණයක් Online මාරග‍ෙයන් නිවෙසට ගෙන්වා ගන්න. ඉන්පසු ඔබ කළ යුත්තේ ඔබේ නිර්මාණශීලිත්වය භාවිතා කරමින් සෙරෙප්පු හැඩකර නිර්මාණය කර ගැනීමයි. එහිදී මුලින්ම කළ යුත්තේ සෙරෙප්පුවේ පටි කෝඩ් යොදා ගනිමින් වෙලා ගැනීමයි. පටියේ මුල සිට අග දක්වා හොඳින් වෙලාගත් පසු අගිස්ස ලයිටරයක් යොදාගෙන පුළුස්සා ගන්න. මෙසේ පටි වෙලාගත් පසු සෙරෙප්පුව හැඩ කිරීමේ කටයුත්ත කළ යුත්තේ ඔබගේ නිර්මාණශීලී හැකියාව ප්‍රයෝජනයට ගනිමිනි. එහිදී පබළු හා ෆෝම් සීට් මල් වර්ග මේ සඳහා යොදාගත හැකි අතර, එයට අමතරව ඔබට සිතෙන ආකාරයේ නිර්මාණාත්මක අමුද්‍රව්‍ය ද මේ සඳහා යොදා ගැනීමට හැකියාව ඇත.

 

මුලින්ම මේ සඳහා ප්‍රවේශයක් ගැනීම සඳහා ඔබගේ පවුලේ සාමාජිකයන්ට නිර්මණකර පළඳින්න. ඒ සඳහා ඇති ආකර්ෂණය අනුව වෙනත් අයගෙන්ද ඉල්ලීම් නිරායාසයෙන්ම ලැබෙනු ඇත. මෙසේ ඔබේ නිර්මාණ සඳහා අගයක් ලැබෙන විට ඒ සඳහා මිලක් තීරණය කරන්න. ඔබට අමුද්‍රව්‍ය සඳහා වැය වන මුදලට අමතර කුඩා මුදලක් ලාභ ලැබෙන දෙල මුලින්ම මේ කටයුත්ත ආරම්භ කරන්න. ඒ සඳහා ඇති ඉල්ලුම අනුව ඔබ ව්‍යාපාරය දියුණු කර ගන්න. එයට අවශ්‍ය උපකරණ හා අමුද්‍රව්‍ය ව්යාපාරයේ දියුණුව අනුව තීරණය කරන්න. එවිට ඔබට ඉතාම සාර්ථක ව්‍යාපාරයක් කෙටි කාලයක් තුළ ෙලාඩ නඟා ගැනීමට හැකිවනු ඇත.