මල්වැනි පුංචි දරුවන් විකෘති කාමාතුරයන්ගෙන් බේරා ගනිමු

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා
අගෝස්තු 12, 2020

“ඔවුන් දැක දැකත් නොදකින නිසාද, අස අසාත් නොඅසන නිසාද, වටහා නොගන්නා නිසාද, නුඹලාට උපමා මඟින් කතා කළෙමි.“

ක්‍රිස්තුස් වහන්සේගේ වචනවලින් පැවසූ දෙයක් ශුද්ධ වූ බයිබලයේ සටහන්ව ඇත්තේ එලෙසිනි. සැබැවින්ම මිනිසුන්ට මෙතරම් දෑ අසන්නට ලැබුණත් තවමත් සමාජයේ සිදුවන දෑ දකින විට අපගේ හදවත් බොහෝ සෙයින්ම කම්පා කරවයි.

අප මිනිසත් බව ලබන්නේ මහත් පිං මහිමයකින් යැයි බුදුරජාණන් වහන්සේ වදාරන්නට ඇත්තේ කෙතරම් ගැඹුරු වූ අරුතකින්ද? එහෙත් මිනිසත් බව ලබා උපන් අප අතර ඇතැමුන් සිදු කරන ක්‍රියාවන් කෙතරම් පහත් දැයි විටක අපට හැඟේ.

එවන් වූ අමානුෂීය ක්‍රියාවන් පෙළක් පසුගිය සතියේ අපි ඔබ හමුවේ තැබුවෙමු. එහෙත් එවන් අමානුෂීය ක්‍රියාවන් අපට මාධ්‍ය මඟින් අසන්නට ලැබීම මහත් කම්පාවකි.

ඇතැමුන් මෙය අර්ථ දක්වන්නේ වර්තමානයේ පවතින මාධ්‍ය නිදහස හා තරගකාරීත්වය හමුවේ මෙවැනි ක්‍රියා අමු අමුවේම විද්‍යුත් මාධ්‍ය මඟින් හෙළි කරන බවයි. සංවේදී සිදුවීම් හමුවේ මිනිසුන්ගේ ආකර්ෂණය අවධානය දිනා ගැනීමට විද්‍යුත් මාධ්‍ය මෙවැනි සිදුවීම් ප්‍රවෘත්ති මඟින් විකාශනය කිරීම කෙතරම් කාලෝචිත දැයි විමසන්නට කාලය පැමිණ තිබේ.

එහෙත් වගකීමක් ඇති මාධ්‍යයක් ලෙස අප මෙම සිදුවීම් මහත් පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

එසේම මෙවැනි ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන්ට විරුද්ධව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග හා දඩුවම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අපගේ යුතුකම යැයි සිතමු. මෙවැනි ක්‍රියා සමාජයේ සිදුවන්නේ ඇයි දැයි විමසුම් ඇසින් දකින්නට මිනිසුන්ගේ බුද්ධියට කතා කරන්නට මෙම පත්තිරු සටහන් පෙළ ඔබ හමුවේ තබමු.

පසුගිය සතියේ අපට අසන්නට ලැබුණු තවත් එක් සංවේදී සිදුවීමකි මේ. ගලේවල ප්‍රදේශයේ අට හැවිරිදි පිරිමි දරුවකුට ලිංගික හිංසා පමුණුවා මරා දමා තිබුණි.

 

2020/08/12 තරුණි පුවත්පත බලන්න