පාසල් නිවාඩු සමයේ දරුවන්ගේ දැනුම වඩවන ඇප්ස්

මැයි 6, 2020

වෙනදාට අලුත් අවුරුද්දට පොඩ්ඩන්ට ලැබෙන පාසල් නිවාඩු කාලය කොරෝනා වසංගතය නිසා තවත් දීර්ඝ වෙලා.

අවුරුදු කාලය දුවා දරුවන්ට සතුට, ප්‍රීතිය ගෙනෙන කාලයක්. අවුරුදු ක්‍රීඩා, අවුරුදු උත්සව, අවුරුදු චාරිත්‍ර, නෑ හිත මිතුරන්ගේ හමුවීම් ආදී වෙනදා කළ සාමාන්‍ය පුරුදු මෙවර අවුරුදු සමයේදී නම් ඔබට කළ නොහැකි වුණා. මේ නිරෝධානය වන සමයක් නිසා කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට නිසෙහිම රැඳීසිටීමට සිදුවෙලා. ඉතිං නිවෙසේ සිටින දුවා දරුවන්ට මේ කාලය තුළ ඔවුන්ගේ දැනුම වඩවා ගැනීමට යමක් කළ හැකි නම් මේ ගෙවෙන සති කිහිපයට වටිනාකමක් එකතු වේවි.

ලෝකය ගෝලීයකරණය වීමත් එක්ක අනාගතයේදී අධ්‍යාපන සහ රැකියා වැනි දේවල් එක්ක ඉදිරියට යන්න තාක්ෂණික දැනුම දරුවන්ට දිය යුතු වෙනවා. මේ ඊට සුදුසුම මොහොත විය හැකියි. තාක්ෂණය හරහා දැනුම වඩවා ගැනීමට play store  හි App රාශියක්ම නිර්මාණය වී තිබෙන්නේ ඒ නිසයි. නොමිලේ download කර ගත හැකි මේ App වලින් ඔබේ දරුවාගේ වයසට ගැළපෙන App තෝරා ගන්න. නිවාඩු සමයේ දරුවාගේ මනසට දැනුම වගේම විනෝදය ගෙන එන්නත් මේ App ඔබේ දුරකථනයට එකතු කර ගන්න.

පෙර පාසල් ළමයින්ට

Alphabet and numbers for
nursery
Alphabet and number for nurseryවයස අවුරුදු 3-6 අතර වයස් සීමාවේ පසුවන දරුවන්ගේ දැනුම වැඩි කර ගත හැකි App එකකි.

 

App එක download කිරීමෙන් පසු App  තිරය මත ABC Alphabets, A paint, a paint, 123 Numbers, 1 paint යනුවෙන් tab  5ක් දැක ගත හැකියි.

ABC Alphabets tab එක click  කිරීමෙන් පින්තූර සහ ඉදිරිපත් කිරීම් සහිත ඉංග්‍රීසි හෝඩිය ලබා ගත හැකියි. එම අකුරු සහ පින්තුර ශබ්ද කිරීමට එය මත click කරන්න. ඉදිරියට යෑමට ඊළග බොත්තම click කරන්න. මේ ආකාරයට A සිට A දක්වාම ඉගෙන ගත හැකියි.

 ABC Alphabets tab කළ විට App  තිරය මත ඇඟිල්ලෙන් අකුරු ලිවිය හැකියි. එහි ඡපභඵඩ වර්ග තුනක් ඇති අතර ඉන් කැමැති ඡපභඵඩ එකක් තෝරා ගන්න. ඉන්පසු කැමැති වර්ණයක් තෝරාගෙන අකුර මත ඇඟිල්ල ගෙන යන්න. මේ අකුරු නිම කිරීමෙන් පසු දුරකථන ගබඩාවට සුරැකිය ( brush ) හැකියි.

 

a paint ( simple) tab  එක ද පෙර tab  එක ආකාරයම ගනී. පෙර සඳහන් කළ  tab  එකෙහි  capital අකුරුත් මෙම tab  එකෙහි simple අකුරුත් තිබේ.

23 Numbers tab  එක  click කිරීමෙන් 1 සිට 20 දක්වා අංකත් ඊට ගැළපෙන පින්තුරත් ලබා දේ. ඒවා මත  click කිරීමෙන් ශබ්ද කරන ආකාරය ගැන අවබෝධයක් ලබා ගත හැකියි.

 

1 paint tab  එක ඇත්තේ අංක ලිවීමටය. මෙය පෙර පාසල් යන දරුවන්ට වගේම පෙර පාසල් යන්න බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ටත් වටිනා App එකකි.

ශිෂ්‍යත්ව විභාගයට - Hapan 5

 

මෙය 5 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සැකසු බුද්ධි පරීක්ෂණ අනුමාන ප්‍රශ්න සහිත App  එකකි.

5 වසර ශිෂ්‍යත්ව විභාගය ඔබේ දරුවාගේ අධ්‍යාපන ගමන් මගේ වැදගත්ම සන්ධිස්ථානයකි. මේ කඩඉම ජයගන්නට 'හපන් 5' සමඟින් දැන් ඔබේ දරුවාගේ ශිෂ්‍යත්ව ගමන පහසුවෙන් ජයගන්න අත්වැලක් වේවි.

ඩ්චනචද 5 App
 එක ඤධඹදතධචඤ කිරීමෙන් පසු App
 තිරය මත ටඪපඵබ දචථඥ සහ තචඵබ දචථඥ ඇතුළත් කරන ලෙසට සඳහන් බචඡ එකක් දිස් වේ. එය ඇතුළත් කරන්න. එවිට App
 තිරය විවෘත වේ.

මෙය 3,4,5 ශ්‍රේණිවල විෂයය නිර්දේශයට අදාලව නිර්මාණය කර ඇත. බහුවරණ ප්‍රශ්න ආකෘතියට සකස් කළ හැකියි. සෑම ප්‍රශ්න පත්‍රයකම අවසානයේදී ලැබුණු ලකුණු ගණන ලබා දේ. ලකුණු ලබාගත හැකි ප්‍රගති සටහනක් ද සහිතයි. මේ නිවාඩු කාලයේදී මෙවන් ඒර්‍ථර්‍ථ එකකට ඔබේ දරුවාව හුරු කරවන්න.

 

සාමාන්‍ය දැනුමට
General Knowledge in sinhala for
Sri Lankans

වයස අවුරුදු 10 සිට වැඩිහිටියන්ටත් දැනුමක් ලබා ගත හැකි ප්‍රයෝජනවත් App එකකි.

මෙම App එකෙහි ලෝකය පිළිබඳ විද්‍යාව, තාක්ෂණය, ඉතිහාසය, භූගෝලය සහ වෙනත් ප්‍රශ්න සහ තොරතුරු විශාල ප්‍රමාණයක් ඇත

එමෙන්ම මෙහි බහුවරණ ප්‍රශ්න අඩංගු වන අතර එමඟින් සිසුන්ට සහ වෘත්තිකයින්ට තරඟ විභාග සඳහා සූදානම් වීමට, සංකල්ප නැවුම් කිරීමට සහ විශ්වාසය වැඩි කිරීමට උපකාරී වේ.

එක් එක් ප්‍රශ්නය  click  කිරීමෙන් ඊට පිළිතුරු ලබා දිය හැකියි. අවසානයට ඔබ දුන් පිළිතුරුවල වැරැදි නිවැරැදිභාවය පරීක්ෂා කරන්නත් පුළුවන්.

ඒ වගේම පසුව කියවීමට වැදගත් ප්‍රශ්න පිටු සලකුණු කර තබා ගන්නත් පුළුවන්. මේ ප්‍රශ්න මිතුරන් හා ඵඩචපඥ කිරීමට හැකි වීම අනෙක් වාසියයි.

 

මේ නිවාඩු සමය අර්ථවත්ව ගත කරන්නට මේ App  අත්වැලක් කරගන්න.

 

උපදෙස්

අනුරාධ කාරියවසම්

ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක