වර්ෂ 2024 ක්වූ May 06 වැනිදා Monday
කොණ්ඩය කපන්න සූදානම කොහොමද
කොණ්ඩ මෝස්තර කලාවේ සිත් ඇදගන්නාම කලාව කොණ්ඩ කැපීමේ කලාවයි. එය කෙනකුගේ පෞරුෂත්වය නංවාලීමට සහ පෙනුම වැඩි දියුණු කිරීමට අවශ්‍යම දෙයකි.
රූපලාවණ්‍ය ශිල්පිනියකගේ කාර්යය භාරයය වන්නේ පාරිභෝගිකයාගේ පෙනුම වැඩි දියුණු වන ආකාරයට සේවාව සැපයීමයි. එහිදී කොණ්ඩය කැපීම පිළිබඳ මනා පුහුණුවක ලබා තිබීම අතිශයින්ම වැදගත්. එමෙන්ම කොණ්ඩය කැපීම පිළිබඳ වෘත්තිමය ඉහළ මට්ටමක දැනුමක් ලබා තිබිය යුතුවේ.
සේවාව ලබාදීමේදී
කොණ්ඩය කැපීම සිදු කරන විට පළමුව සේවාලාභියාගේ තොරතුරු විමසන්න. ඉන්පසු සේවාව ලබා දෙන ස්ථානය සූදානම් කරන්න. සේවාලාභියාට අවශ්‍ය වන කොණ්ඩ කැපීම් විලාසිතාව පිළිබඳ විමසන්න. සඟරා සහ පින්තූර පෙන්වීම මඟින් සේවාලාභියාගේ රුචිය පිළිබඳ විමසිය හැකියි.
කොණ්ඩය කැපීමට ඇරඹීමට පෙර එම කොණ්ඩ විලාසිතාව ඔහුට හෝ ඇයට ගැළපේදැයි සිතිය යුතුයි. ඒ පිළිබඳ පූර්ව නිගමනයකට එළැඹීමට වයස, ශරීර ප්‍රමාණය, රැකියාව, සමාජ රටාව, තරාතිරම, මුහුණේ හැඩය, හිස් කබලේ ස්වභාවය, මුල් කොණ්ඩ මෝස්තරය ගැන සැලකිලිමත්වීම සහ කෙස්වල පෝෂණය යන සාධක යොදා ගන්න.
කොණ්ඩය කැපීමේ ක්‍රම
සාමාන්‍යයෙන් ඕනෑම විලාසිතාවකට අනුව කොණ්ඩය කැපීමේදී ඒ සඳහා ගත යුතු කාලය විනාඩි 30 ක් පමණ වේ. එබැවින් කාලය පිළිබඳ ද සැලකිලිමත් . . .
2018/12/12 තරුණි පුවත්පත බලන්න