ස්වයං රැකියාවට අත්වැලක්

මැයි 8, 2019

තමන්ගේම ව්‍යාපාරයක් අරඹන්න හිතන ඔබට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මැයි මාසය පුරා පාඨමාලා රැසක්

 

කාර්මික සංවර්ධන මණ්ඩලය නිබඳව ඔබට ළබැඳි ආයතනයකි. ඒ නිසාම ඔවුන් ඔබ වෙනුවෙන් විවිධ පුහුණු වැඩමුළු ද විවිධ කාලවලදී පවත්වනු ලබයි.

ඒ අනුව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය මැයි මාසයේ එනම් මේ මාසය තුළ පැවැත්වීමට නියමිත එක්දින තාක්ෂණික පුහුණු වැඩමුළු කීපයකි මේ.

 

 

චොකලට් මිශ්‍ර රටකජු බෝල, චොකලට් මිශ්‍ර රටකජු බාර් සහ චොකලට් මිශ්‍ර ටොෆි වැඩමුළුව - මැයි 9

මෘදු දැව සහ උණ දැව පරිසංරක්ෂණය පිළිබඳ

වැඩමුළුව - මැයි 11

කෙසෙල් පෙති, මඤ්ඤොක්කා පෙති සහ මිශ්‍ර බයිට්ස් නිෂ්පාදනය - මැයි 14

තල බෝල, තල කැරලි, තල දෝසි, තල මිශ්‍ර පැණි බෝල නිෂ්පාදනය - මැයි 16

පරිසර හිතකාමී ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන

වැඩමුළුව - මැයි 21

ස්ක්‍රීන් පි‍්‍රන්ං (කඩදාසි, ප්ලාස්ටික් රෙදි, සෙරමික් සහ ලෝහ මත) වැඩමුළුව - මැයි 22

තත්ත්වයෙන් උසස් නැවුම් පොල්තෙල් නිෂ්පාදනය - මැයි 23

ආහාර ඇසුරුම්කරණ තාක්ෂණ වැඩමුළුව - මැයි 25

කොළ කැඳ වියළි මිශ්‍රණය, ක්ෂණික පෝෂ්‍යදායි ආහාර මිශ්‍රණය සහ පේයාව නිෂ්පාදනය - මැයි 28

සෙරමික් ජුවලරි

නිෂ්පාදනය - මැයි 30

 

මෙම වැඩමුළු සිංහල මාධ්‍යයෙන් උදේ 8.30 සිට ප. ව. 4.00 දක්වා ඉහත සඳහන් කළ දිනයන් හිදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, අංක 615, ගාලුපාර, කටුබැද්ද, මොරටුව යන ස්ථානයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වේ.

මෙම වැඩමුළු වෙනුවෙන් සහතික පත්‍රයක් පිරිනැමිමට ද කටයුතු යොදා ඇත.

දීර්ඝ කාලීන පාඨමාලා

 

ඊට අමතරව පරිගණක දෘඩාංග හා ජාලකරණ පාඨමාලාවක් ඉරිදා දින 48 ක් පුරා පැවැත්වීමට නියමිතය. එය සිංහල සහ ඉංග්‍රිසි යන මාධ්‍යයන් දෙකෙන්ම පෙ. ව. 9.00 සිට ප. ව. 5.00 දක්වා පැවැත්වේ. ඒ සඳහා බඳවා ගැනීම් මේ දිනවල දී සිදුකරනු ලබයි.

 

එමෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවක් පවත්වයි. එය මැයි 26 සිට අගෝස්තු 4.00 දක්වා ඉරිදා දින 10 ක් උදේ 8.30 සිට සවස 4.30 දක්වා පැවැත්වීමට නියමිතය. මෙය සිංහල මාධ්‍යයෙන් තාක්ෂණික සේවා අංශයේ දී පවත්වනු ලබයි. එහිදී එළකිරිවල තත්ත්වය පරීක්ෂා කිරීම, අමුද්‍රව්‍ය තත්ත්වය සහ අදාළ නීති රෙගුලාසි තත්ත්ව පරීක්ෂාව, සහතිකකරණය, කිරි අපද්‍රව්‍ය බැහැර කිරීම, නව කර්මාන්තශාලා සැකැස්ම, උපකරණ සැලසුම් කිරීම සහ ඇසුරුම්කරණය පිළිබඳ දේශන පවත්වනු ලබයි.

සෙට් යෝගට් (ජෙලි / පලතුරු / රසකළ), ස්ටායාඩ් යෝගට්, යෝගට් පානය, මුදවපු කිරි, අයිස්ක්‍රීම් සහ පෙප්සිකල්, නැවුම් කිරි, පාස්චාරිත රස කළ කිරි, චීස්, අයිස් පැකට් සහ එළඟිතෙල් නිෂ්පාදනය පිළිබඳ ප්‍රායෝගික පුහුණව ලබාදෙයි.

විස්තර දැනගැනීමට

අධ්‍යක්ෂ

තාක්ෂණික සේවා අංශය,

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,

අංක : 615, ගාලු පාර,

කටුබැද්ද,

මොරටුව.

 

වෙබ්අඩවිය : www.idb.gov.lk

ඊමේල් : [email protected]

දුරකථන : 011- 2605278/2605326/7

 

ස්තූතිය - ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ

තාක්ෂණික සේවා

මොහාන් ගුණසිංහ