වර්ණවල මනෝභාවය ගැන දැනුවත් වෙමු

බතික් නිර්මාණ කලාව
ජූලි 28, 2021

 

පසුගිය බතික් පාඩම් තුළින් අප ඔබට වර්ණ පිළිබඳ විවිධ වූ දැනුම ලබා දුන්නා මතක ඇති. අද අප මේ ලිපියෙන් වර්ණ පිළිබඳ ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු එහෙත් බොහෝ පිරිසක් සැලකිල්ලක් නොදක්වන මාතෘකාවක් පිළිබඳව දැනුවත් වෙමු.

එනම් 'වර්ණවල මනෝභාවය' පිළිබඳවයි.

වර්ණවල මනෝභාවය

වර්ණවල මනෝභාවය කියන්නේ මොකක්ද? දැන් ඔබට මේ ප්‍රශ්නය පැන නැඟේවි.

සෑම වර්ණයකටම ඊට අනන්‍ය වූ මනෝභාවයක් ඇත. වර්ණ (පාට) තුළින් මිනිසාගේ හැඟීම් පිළිබිඹු කිරීම එහි තේරුමයි. මේ බව මනෝවිද්‍යාඥයින් විසින් විවිධ පර්යේෂණ තුළින් ලොවට හඳුන්වා දී තිබේ. ඔවුන් පවසන පරිදි පුද්ගලයකුගේ වර්ණ සහ මනාපයන් දැන ගැනීමෙන්, ඔහුගේ මනෝවිද්‍යාත්මක ගුණාංග, වැදගත් චරිත ගුණාංග, ආශාවන් හා අකැමැත්තන් සොයා ගත හැකි බවයි.

වර්ණවල මනෝභාවයන් පිළිබඳ දැනුම බතික් නිර්මාණකරුවන්ට අවශ්‍ය වන්නේ ඇයි?

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ බතික් පිළිබඳව ඇති වූ නව පිබදීමත් සමඟ බතික් කලාවේ නියැලෙන ආධුනික නිර්මාණකරුවන් බොහෝ පිරිසක් බිහි වූ බව නොරහසකි. එසේ නව පිබිදීමක් ඇතිකර දුන්නාට පවතින රජයට මා ස්තුති වන්ත වෙමි. එහෙත් මා සියලු ආධුනික, නිර්මාණකරුවන්ට ඉතා කරුණාවෙන් මෙසේ පවසමි. "නිසි ගුරුවරයකු යටතේ පුහුණුව ලබා ගන්න. එසේම අන් අයගේ නිර්මාණ සොරා ගන්නේ නැතිව තමාගේම නිර්මාණ නිසි ප්‍රමිතියකින් සිදු කිරීමට, හැකි සෑම විටම වගබලා ගන්න." එසේ නොකළහොත් දශක 6කට වැඩි කාලයක් පැවතුණු අපගේ බතික් කලාව නුදුරු අනාගතයේදීම අභාවයට පත්වනු ඇත.

බතික් නිර්මාණකරුවන් මෙසේ වර්ණවල හැඟීම් (මනෝභාවයන්) පිළිබඳ දැනගත යුත්තේ අපගේ ගැනුම්කරුවා සමාජය ඉදිරියේ අපහසුතාවන්ට ලක් නොකිරීමටයි.

මෙය උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කර ගනිමු. අපගේ ගැනුම්කරුවකුට දහවල් කාලයේ ඇති එළිමහන් උත්සවයක් සඳහා ඇඳුමක් අප ලවා නිර්මාණය කර ගැනීමට අවශ්‍ය වූවා යැයි සිතමු. ඔබ ඔහුට තද රතු පැහැයෙන් බතික් ඇඳුමක් නිර්මාණය කර දුනහොත් ඔහුට එම උත්සව අවස්ථාවේදී කුමක් සිදුවේවිද? එසේ දහවල් කාලයේදී තද රතු පැහැති ඇඳුම නිසා ඔහු අන් අය ඉදිරියේ අපහසුතාවයකට පත් වනවා නොඅනුමානයි. එසේ වුවහොත් ඔහු නැවතත් ඔබ කරා ඇඳුම් නිර්මාණය කර ගැනීම සඳහා පැමිණේවිද? එය ඔබගේ බතික් ව්‍යාපාරයට කෙසේ බලපාවිද? මඳක් ඒ පිළිබඳව සිතා බලන්න.

එබැවින් අප වර්ණ පිළිබඳවත්, ඒවා නිර්මාණයකදී භාවිත කළ යුතු ආකාරයත් අපි ඔබට පසුගිය පාඩම් මාලා තුළින් දැනුවත් කළෙමු. ඒ ආකාරයෙන්ම වර්ණවල මනෝභාවයන් පිළිබඳව දැනගැනීමෙන් ඔබේ ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් උචිත ආකාරයට ඔවුන්ගේ ගුණාංගවලට ගැළපෙන ආකාරයෙන් නිර්මාණයක් සිදුකිරීම තුළින් ඔබගේ ව්‍යාපාරය අන් අය අතර කැපී පෙනෙනු ඇත.

එසේ නම් අප එක් එක් වර්ණයන්ගේ මනෝභාවයන් පිළිබඳව දැනුවත් වෙමු

සුදු

 

* පිරිසුදු බව

* දුක්බර බව

* සාමකාමී බව

* සිල්වත් බව

* නැවුම් බව

* සෞභාගමත් බව

* අඳින්නාගේ පෙනුමද වර්ධනය කර පෙන්විය හැකිය.

 

කළු

* අඳුරු බව

* දුක්බර බව

* අන් අය අතර කැපී පෙනෙයි

* අපහැදිලි බව

* අපවිත්‍ර බව

* ඒකාධිපති වාදය

* ලිංගික ආකර්ෂණීය බව

 

නිල්

* සීත බව

* පුරුෂයින්ගේ ආකර්ෂණීය බව

* පෞරුෂත්වය

* නිදහස් බව

* සීමා රහිත බව

* සාමකාමී බව

* විශ්වාසනීය බව

* සහයෝගීතාවය

* බුද්ධිමත් බව

* අධිෂ්ඨානශීලී බව

 

කහ

* මිතුරු බව

* සතුට දැනවීම

* ධනාත්මක චින්තනය

වර්ධනය වේ

* නිර්මාණාත්මක බව

* වගකීම් විරහිත බව

* අවධානය

* ප්‍රතික්ෂේප කළ නොහැකි බව

* කැපී පෙනෙන සුළු බව

 

තැඹිලි

* ආරක්ෂාකාරී බව

* ජයග්‍රාහී බව

* නැවුම් බව

* දිරි ගැන්වීම

* ආකර්ෂණීය බව

* අන් අය අතර කැපී පෙනීම

 

කොළ

* ස්වභාවික බව

* නැවුම් බව

* නිදහස් බව

* ඇසට ප්‍රිය වර්ණයකි

* ප්‍රබෝධමත් බව

* ආරක්ෂාකාරී බව

* ගැඹුරු බව තද කොළ

පැහැයෙන් දැක්වේ

 

දම්

* රාජකීය බව

* ගැහැනු බව

* සිහින දකින්නකු බව

* අත්භූත සිතුවිලි ඇතිකරයි

* ස්වයං විවේචන දරයි

 

රෝස

* ළදරු හැඟීම

* ආදරණීය බව

* ලාලිත්‍ය

* විනෝදකාමී බව

 

රතු

* ආදරණීය බව

* දීප්තිමත් බව

* ඒකාධිපති හැඟීම

* ලිංගික ආකර්ෂණය

* සරාගී බව

* සතුට

* පොහොසත් බව

* කලහකාරී බව

* අවධානය

* භයානක බව

 

දුඹුරු

* ස්වභාවික බව

* කර්කෂ බව

* පරණ බව

* ශක්තිමත් බව

* ආකර්ෂණීය බව අඩුවේ

* විශ්වාසනීය බව

 

මෙය ඉතාමත් කෙටි හැඳින්වීමක් පමණි. අන්තර්ජාලය තුළින් වර්ණවල හැඟීම් පිළිබඳ ඔබට තව බොහෝ කරුණු දැන ගැනීමට හැකිවේ.

 

ඉදිරිපත් කිරීම

kenuri batik ආයතනයෙහි

අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා

 

 

 ඡායා - ආසිරි උපේන්ද්‍ර ඩයස්

 නිරූපණය - මදූ