වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
සුව කරගන්න බැරි රෝග රැසක් සුව කරන පැණි වරකා-ගු ණ වරුණා

කුඩා කල පොළොස් යන නමින්ද මෝරපු පසු කොස් යන නමින්ද ඉදුණු පසු වරකා යන නම්වලින් ද හඳුන්වනු ලබන බත් ගස මිහිරි පලතුරක් ලෙසද සැලකේ. කෙසේ වෙතත් මේ බත් ගසේ ඵල විවිධ කාලයට විවිධ ආකාරයෙන් ආහාරයට ගනු ලබයි.
බොහෝ දෙනා නොදන්නා නමුත් වරකා යනු සුව කිරීමට නොහැකි රෝගී තත්ත්වයන් කිහිපයක්ම සමනය කිරීමට හැකියාවක් ඇති පලතුරකි. බොහෝ දෙනා හරිහැටි නොහඳුනන වරකාවල ගුණාත්මකභාවය මෙන්ම එහි ඇති ඖෂධීය ගුණය ද ඉමහත්ය.
ඈත අතීතයේ සිටම කොස් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ පොදුවේ සියලු දෙනාම ප්‍රිය කළ ආහාරයකි. මෙය ඈත අතීතයේ සිටම බත් සඳහා විකල්පයක් ලෙස භාවිත කළ බැවින් බත් ගස ලෙසින් ලාංකේය සමාජයේ ගෞරවයට පාත්‍ර වූ ආහාරයකි. වෑංජනයක් ලෙස මෙන්ම තම්බා ආහාරයට ගත හැකි කොස් ඉදුණු පසු රසවත් පලතුරකි. ඉදුණු කොස් ගෙඩියේ මෘදු මදුළු සහිත වර්ගය වැල වශයෙන්ද මඳක් ඝනකමින් වැඩි මදුළු සහිත ප්‍රභේදය වරකා වශයෙන් අප හඳුන්වයි.
එමෙන්ම වැල යනු කොස් ගසෙහි ස්ත්‍රී ශාකයේ ඉදුණු මදුළු ලෙසත් වරකා යනු පුරුෂ ශාකයේ ඉදුණු මදුළු ලෙසත් ජනප්‍රවාදයේ පැවසේ.
වැල සහ වරකා රසයෙන්, සුවඳෙන් හා ස්වභාවයෙන් වෙනස්ය. එහෙත් පෝෂණ ගුණයෙන් මේ දෙවර්ගය එක සමාන වේ. කොස් වාතය ප්‍රකෝප කරන ආහාරයක් වශයෙන් ප්‍රකට වුවද වැල සහ වරකා වාතය හා පිත සමනය කිරීමට සමත් ආහාරයකි. එහෙත් සවස් කාලයේදී වැල සහ වරකා ආහාරයට ගැනීම නුසුදුසුය.
ඒ බැව් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ප්‍රචලිතය. එයට හේතුවන්නේ හවස් කාලයේදී වැල සහ වරකා ආහාරයට ගැනීමෙන් එමඟින් ඒවා අජීර්ණ වීමට ඇති ඉඩකඩ වැඩිවීමය. එබැවින් වැල සහ වරකා ආහාරයට ගැනීමට සුදුසු වන්නේ දහවල් කාලයේදීය. එලෙස ආහාරයට ගැනීමේදී එයට ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් එක් කර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. එමඟින් උදරාබාධ ඇතිවීමෙන් වැළකිය හැකිය.
වරකා බංගල්දේශයේ ජාතික පලතුර ලෙස නම්කර ඇත. තන්තු බහුල ආහාරයක් වන පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ, ඛනිජ ලබන, විටමින් බි, විටමින් ඒ සහ විටමින් ඕ6 වැනි පෝෂ්‍ය පදාර්ථ ගණනාවකින් පොහොසත් පලතුරකි. එමෙන්ම විටමින් O සංකීර්ණයේ පෝෂ්‍යපදාර්ථ බොහොමයක් අඩංගු පලතුරකි.
වරකා මදුළු කෝප්පයක් ගත හොත් එහි කැලරි 155ක් පමණ ප්‍රමාණයක් ඇත. එමෙන්ම වරකාවල සුක්රේස්, ෆ්‍රක්ටෝස්, ග්ලූකොස් යන සීනි වර්ගයන් අඩංගුය.
පුද්ගලයකුට ෙදෙනික අවශ්‍ය විටමින් අවශ්‍යතාවයෙන් 25ක් හා 11 තන්තු ප්‍රමාණයක් වරකා මදුළු කෝප්පයක අඩංගුය. එබැවින් වරකා පෝෂණ ද්‍රව්‍යවලින් අනූන ආහාරයකි.
විශේෂයෙන්ම වරකා සම්බන්ධයෙන් මෑතකදී කරන ලද පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ වරකා පිළිකා මර්දනය කිරීමට හැකියාවක් ඇති පලතුරක් වන බවයි. විශේෂයෙන්ම අන්ත්‍රවල ඇති වන පිළිකා මර්දනයට සමත් ආහාරයක් ලෙස අමෙරිකාවේ ජාතික පිළිකා ආයතනය කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
වරකා තුළ පිළිකා මර්දනය කිරීමට හැකියාවක් ඇති විශේෂ සංයෝග කිහිපයක් අඩංගුය. අයිසෝප් ලේවින්ස් ලිග්නැන්ස් නමැති ප්‍රති පිළිකා සංයෝගවලින් අනූන වරකා ආහාරයට ගැනීම මඟින් පිළිකාවලට (විශේෂයෙන් අන්ත්‍රවලට) එරෙහිව ක්‍රියාත්මක විය හැකි බව සොයාගෙන ඇත.
එමෙන්ම වරකාවල අඩංගු සැපොනින් නම් සංයෝගය මඟින් පිළිකා ෙසෙලවල බන්ධනයක් ඇති කර එම සෙල වර්ධනය අඩාල කරගත හැකි බව වරකා සම්බන්ධයෙන් කරන ලද නවතම විද්‍යාත්මක පර්යේෂණ මඟින් සොයාගෙන ඇත. එමෙන්ම වරකාවල අඩංගු සැපොනින් සංයෝගය නිසා ලියුකේමියා ෙසෙල සමඟ යම් ආකාරයකට සටන් කිරීමට හැකියාවක් ද ඇති බව සොයාගෙන ඇත.
වරකා ආහාරයට ගැනීමෙන් ඊස්ට්‍රජන් හෝමෝනය මඟින් ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් කාන්තාවන්ගේ සෞඛ්‍යයට ලැබෙන බවද මෑතකදී කරන ලද විද්‍යාත්මක පර්යේෂණ මඟින් සොයාගෙන තිබිම විශේෂත්වයකි. මේ හෙයින් වරකා කාන්තාවන්ගේ සෞඛ්‍යයට ඉතා ප්‍රතිඵලදායි පෝෂ්‍යදායී ආහාරයකි. වරකාවල අඩංගු ප්‍රතිඔක්සිකාරක සංයෝග මඟින් පොදුවේ සියලුම පිළිකාවලට එරෙහිව සටන් කිරීමට හැකියාවක්ද ඇති බව විද්‍යාත්මකව කරන ලද පර්යේෂණවලදී සොයාගෙන ඇත.
වරකා ආහාරයට ගැනීමෙන් ආමාශය මහබඩවැල්, කුඩා බඩවැල් වැනි ඉන්ද්‍රියයන්හි වියළි ස්වභාවය අඩුකර තෙත් ස්වභාවයක් ඇති කර එම ඉන්ද්‍රියයන් පිරිසුදු කිරීමේ හැකියාවද ඇතිවේ. වරකා මදුළුවල ඇති තන්තු බහුල බව නිසා මළ බද්ධය නැති කර මළ පිටවීම හොඳින් සිදු කර ගැනීමට හැකි වේ. ශරීරය ශක්තිමත් වීමට අක්මාව ශක්තිමත්වීමට හා හමේ පැහැපත් බවක් ඇති කර ගැනීමට මෙන්ම කිරි මවුවරුන්ගේ කිරි පිරිසුදු කර ගැනීමට මතක ශක්තිය හා ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට වරකා ආහාරයට ගැනීමෙන් හැකිවේ.
ගැබිනි සමයේ වරකා ආහාරයට ගැනීමෙන් දරු ප්‍රසූතිය පහසුවන අතර දරුවන් නොමැතිව පීඩාවට පත්වන අඹුසැමි යුවළකට මඳසරුභාවයට පිළියමක් ලෙස යම් සහනයක් ලබා ගැනීමට වරකා ආහාරයට ගැනීමෙන් හැකිවේ.
වරකාවල හා වැල සුගන්ධය එහි අඩංගු විශේෂිත වූ රසායනිකයක් මඟින් ඇතිවේ. වරකා ප්‍රභේද කිහිපයකි. ඒවා පැණි වරකා, ගිනි වරකා ආදී වශයෙන් දැක ගත හැකිය. ගිනි වරකා රතු පැහැයට හුරු තැඹිලි පැහැයෙන් යුත් වරකා මදුළුවලින් යුක්තවේ. පැණි වරකා ඉතාම පැණිරසයෙන් යුත් රසවත් බවෙන් වැඩි ආහාරයකි.
වරකා මදුළු පමණක් නොව කොස් ගසේ කොළ, පොතු, මුල් හා කොහොල්ලෑ ද විවිධාකාරයේ රෝගී තත්ත්වයන් කිහිපයක් සඳහා මහඟු ඖෂධයකි.