Whatsapp මඟින් සිංහලෙන් ලිපියක් Type කරන්නේ මෙහෙමයි

අධ්‍යාපනය ලබන දරුවන්, ගුරුවරුන් මෙන්ම වැඩිහිටියන් කියවිය යුතු ම ලිපියක්
ජූලි 7, 2021

 

Type කර ගැනීමට අවශ්‍ය අකුරු හඳුනා ගනිමු.

 

Whatsapp මඟින් ලිපියක් type කර ගැනීමේදී voice typing ඉතාමත් පහසුවෙන් භාවිත කරමින් type කර ගන්නා ආකාරය පසුගිය ලිපිය තුළින් ගෙන ආ අතර,මෙවර ලිපිය තුළින් කථා කරනුයේ Whatsapp මඟින් එදිනෙදා ලිපියක්, පණිවිඩයක් සාමාන්‍ය ආකාරයට type කර ගන්නා විට අවධානය යොමු කළ යුතු කරුණු කාරණා කිහිපයක් පිළිබඳවයි.

 

සිංහල අකුරු හැසිරවිය හැකි App එකක්

මුලින්ම ඔබ ඔබගේ ජංගම දුරකථනයේ සිංහල අකුරු හැසිරවිය හැකි App එකක් Download කර ගැනීම සිදු කළ යුතු අතර පසුව එම App එක හැසිරවීමෙන් වඩාත් පහසුවෙන් Whatsapp හරහා ලිපියක් අවම කාලයක්, තුළ අවශ්‍ය අකුරු ඉතාමත් පහසුවෙන් ටයිප් කර ගැනීමේ හැකියාව ඇත.

බොහෝ දෙනකුට Whatsapp ලිපියක් type කර ගැනීමේදී අකුරු පවතින ස්ථාන පිළිබඳව මනා අවබෝධයක් නොමැති වීම හා බොහෝ අවස්ථාවල වචන type කර ගැනීමේදී අවශ්‍ය අකුරු සොයා ගැනීමට නොහැකිවීම හඳුනාගත හැකි ප්‍රධාන ගැටලුවකි.

එහිදී මුලින්ම වචන type කිරීමට ප්‍රථම keyboard එක හැසිරවීම පිළිබඳව අපට මනා දැනුමක් පැවතිය යුතුය.

මුලින්ම අපි whatsapp type කිරීමට සූදානම් වීමේ දී සිංහල type කර ගැනීම සඳහා අදාල icon එක සකසා ගත යුතුය. පසුව අපිට වචන type කර ගැනීමට සූදානම් විය හැකිය.

 

පියවරෙන් පියවර අකුරු type කරමු

දැන් අපි යම්කිසි වචනයක් සඳහා අකුරු type කර ගන්නා ආකාරය පියවරෙන් පියවරට බලමු.

මුලින්ම අපිට "අම්මා" යන වචනය type කර ගැනීමට අවශ්‍ය යැයි සිතමු. එහිදී 'අ' අකුර type කර ගැනීමට kyeboard එකේ simple 'a' අකුර

ද, 'ම්' අකුර සඳහා simple 'm' අකුර ද සහ 'මා' අකුර type කර ගැනීමේදී simple 'm' හා simple 'a' අකුර දෙවතාවක් එකවර ටයිප් කර ගත යුතුය.

එහිදී ‘m‘ අකුර ‘මා‘ ලෙස ටයිප් කර ගැනීම සඳහා එලෙස ‘m,a,a‘ ලෙස ටයිප් කර වචනය සකසා ගත යුතුය.

බොහෝ විට මුලින්ම අප වචනයක් type කර ගැනීමේදී එම අකුර හල් කිරීම සමඟ පෙන්වන අතර එවැනි අකුරක් සාමාන්‍ය ලෙස type කර ගැනීමට සෑම අවස්ථාවකම simple 'a' අකුර භාවිත කළ යුතුය.

එනම් නිදසුනක් ලෙස 'ස' අකුර type කර ගැනීම සඳහා simple 's' අකුර සහ simple 'a' අකුර යොදා 'ස' ලෙස type කර ඉහත පියවර අනුගමනය කළ යුතුය .

'පිළිබඳව' වැනි වචනයක් type කර ගැනීමේදී එම වචනය ශබ්ද කරන ආකාරය සඳහා මුලින්ම අපි අවධානය යොමු කළ යුතු අතර පසුව එම ශබ්ද නඟන ආකාරයට අනුව අකුරු type කිරීම සිදු කළ යුතුය.

එනම් මුලින්ම 'පි' අකුර type කර ගැනීමේදී, simple 'p' සමඟ simple 'i' ද , මූර්ධජ 'ළි' අකුර ටයිප් කර ගැනීම සඳහා Capital 'L' සහ simple 'i' යොදා ගත යුතුය.

නැවතත් 'බ' අකුර type කර ගැනීම සඳහා simple 'b' අකුර සහ simple a' අකුර ද, 'ඳ' අකුර type කර ගැනීමේදී විශේෂයෙන්ම අපි 'ද' අකුර සංඤක 'ඳ' කර ගැනීමට අවධානය යොමු කළ යුතුය.

එනම් ඒ සඳහා මුලින්ම 'z' අකුර ද පසුව simple' q,a' අකුරු ද ටයිප් කරගත යුතුය. නැවතත් 'ව' අකුර ටයිප් කර ගැනීම සඳහා 'w' අකුරද simple 'a' අකුරද ටයිප් කර ගැනීමෙන් අනතුරුව සම්පූර්ණ වචනය, එනම් " පිළිබඳව" ලෙස type කර ගත හැකිය.

 

මහප්‍රාණ අකුරු ටයිප් කිරීම

එමෙන්ම මහප්‍රාණ අක්ෂර type කර ගැනීමේදී සෑම අවස්ථාවකම අදාල අකුරට ගැලපෙන සහ ශබ්ද නඟන ආකාරයට අකුර භාවිත කළ යුතුය.

නිදසුනක් ලෙස 'භ' අකුර type කර ගැනීමේදී simple 'b,h,a ' යන අකුර එකවර type කළ යුතුය.

 

එමෙන්ම කොම්බුවක් සහිත වචනයක් type කර ගැනීමේදී, නිදසුනක් ලෙස 'මො' වචනය type කිරීමේදී එම වචනය ද ශබ්ද ශබ්ද නඟන ආකාරය අනුව අපට type කර ගත යුතු වේ.

ඒ සඳහා simple 'm' සහ simple 'o' භාවිතා කළ යුතුය. නැවතත් 'මෝ' ලෙස type කර ගැනීමට නම් 'm' අකුර type කර දෙවතාවක් 'o' අකුර type කර ගැනීමෙන් 'මෝ' අකුර type කරගත හැක.

'පෘෂ්ඨය' යන වචනය type කර ගැනීම සඳහා ඉහත පියවරම අපි භාවිත කළ යුතුය. එනම් එම වචනය ශබ්ද නඟන ආකාරය පිළිබඳ මුලින්ම අවධානය යොමු කළ යුතුය.

පෘ (ප්,ර්,උ) සඳහා simple 'p', simple 'r', simple 'u' එකවර type කළ යුතුය.

 

මූර්ධජ 'ෂ් ' type කිරීමේදී capital 'S' අකුර භාවිත කළ යුතුය.

'ඨ' අකුර type කිරීමේ දී කැපිටල් 'T' ද, 'ය' සඳහා 'y' අකුර ද යොදා ගනිමින් එම වචනය ටයිප් කළ හැකිය.

 

 

කොම්බු දෙක සහිත අකුරක් type කර ගැනීමේදී, නිදසුනක් ලෙස 'දෛ' අකුර type කර ගැනීමේ දී ( ද් අ ඉ ලෙස ශබ්ද නඟන ලෙස) simple 'q' ,simple 'a' සහ 'i' අකුරු එක වර type කර ගත ගැනීමෙන් එම අකුර අපිට type කරගත හැකිය.

 

රකාරාංශය සහිත වචනයක් type කර ගැනීමේදී, උදාහරණයක් ලෙස 'ප්‍ර' අකුර type කර ගැනීමේදී simple 'p, r ,a' අකුරු එකවර type කර ගත යුතුය.

 

 

කොම්බුව සහ ගයනුකිත්ත සහිත වචනයක් type කර ගැනීමේදී උදාහරණයක් ලෙස 'යෞ ' අකුර type කර ගැනීමේදී 'y,a,u' අකුරු එකවර type කළ යුතුය.

 

 

'සඤ්ඤක ' යන වචනය type කර ගැනීමේ දී එකවර simple 'sazkzkaka' ලෙස type කළ යුතුය.

එනම් 'ඤ' සඳහා 'zka', 'ඤ් ' 'zk' ලෙසය.

 

'ඝ' ලෙස type කර ගැනීමේදී simple gha ද, ඒ සඳහාම capital 'G' සහ simple 'a' ද භාවිත කළ හැකිය.

 

'ඣ' සඳහා කැපිටල් 'J' සහ සිම්පල් 'a' ද type කළ හැකිය.

 

ඉහත ආකාරයට ලිපියක්, පණිවුඩයක් ඉතාමත් පහසුවෙන් අපිට අවම කාලයක් තුළ සිංහල keyborad එක නිවැරැදිව හැසිරවීමෙන් type කරගත හැකි අතර, පියවරෙන් පියවරට අවධානය යොමු කරමින් වඩාත් නිවැරැදිව ලෙස අකුරු type කරගැනීම හැකියාව ඔබට උදා වනු ඇත.

 

උප‍ෙදස්- කථිකාචාර්ය

මංගල කීර්ති ද පැස්කුවල්

ජනසන්නිවේදන අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය