ජාත්‍යන්තර පොත ප්‍රදර්ශනය සැප්තැම්බර් 18 සිට 27 දක්වා හිදී....

සුව රැකවරණය ලබමින් සාහිත්‍ය මල් වැස්සේ තෙමෙන්න
සැප්තැම්බර් 16, 2020

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය

ශ්‍රී ලාංකේය සාහිත්‍ය කෙත අස්වද්දන්නට වැටෙනා අමා පැන් පොදක් බඳු වූ මහා සාහිත්‍ය මංගල්ලය පැවැත්වෙන සාහිත්‍ය මාසයයි මේ. පොතපතට බෙහෙවින් ආදරය කරන, නිරතුරුවම දැනුම් සා පිපාසාවෙන් පෙළෙන ආදරණීය පාඨක ප්‍රජාව වසර පුරාවටම ඇඟිලි ගණිනුයේ මේ මාසය උදාවනතුරුය.

පාඨකයන්ට සේම සාහිත්‍යකරණයේ යෙදෙන අපේ ආදරණීය ලේඛක ලේඛිකාවන්ට ද තමන් අකුරු කළ පත පොත පාඨකයන් වෙත පිරිනමන ඒ පිළිබඳ අදහස් උදහස් මතු කෙරෙන මේ සාහිත්‍ය මාසය බෙහෙවින් වැදගත් වේ. එබැවින් මේ මාසය පුරාවටම නවතම පොත්පත් දොරට වැඩීම්, විචාර වැඩසටහන්, විවිධ සාහිත්‍ය සම්මාන උලෙළවල් ගැන අසන්නට, දකින්නට ඉඩ ලැබේ.

ඒ සියල්ලම අතරේ වැඩිදෙනකු ආසාවෙන් සහ උනන්දුවෙන් බලා සිටින්නේ ‘හෙළයේ මහා පොත් මංගල්ලය’ එහෙමත් නැත්නම් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන මහා පොත් ප්‍රදර්ශනය නැරඹීමටයි. එය සාහිත්‍යකරණයේ නියුතුවූවන් සහ පාඨකයන් එකට මුණගස්වන කදිම සල්පිලකි.

පසුගිය කාලයේ මුළු ලෝකයම උඩුයටිකුරු කළ කොරෝනා වසංගතය හමුවේ අපේ පුංචි ශ්‍රී ලංකාවටද දැඩි බලපෑමක් එල්ල විය. එබැවින් සෞඛ්‍ය නීති රීති දැඩිව ක්‍රියාත්මක වූ අතර විවිධ උත්සව සියල්ලම පාහේ කල් දැමිණි. ඒ නිසාමදෝ මෙවර පොත් ප්‍රදර්ශනය ද නොපැවැත්වෙතැයි බොහෝ දෙනකු කණගාටුවට පත්වූහ.

 

2020/09/16 තරුණි බලන්න