ලුණු හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කර ගන්න එපා

සප්ත මහා සාගරයේ අනගි දායාදය ලුණු
ජූලි 7, 2021

 

ලුණු යනු මිනිසුන්ට තම පරිභෝජනය සඳහා සප්ත මහා සාගරය වෙතින් ලැබෙන විස්මිත නිමැවුමකි. ශ්‍රී ලාංකේය අපි ලුණු ඇඹුල් යහමින් එක්කොට ආහාර පිළියෙල කරගන්නට රස බලන්නට හුරු වූ අයයි. හොද්දක් ඉදෙද්දී ගෘහණිය අතින්

 ලුණු රස බැලෙන්නේත් මේ නිසාමය.

 

නිවෙසේ ලුණු පොල්කටුව වටේට ලුණු මිදී තිබීම එක්තරා ලෙසක සෞභාග්‍යය ගෙන දෙන්නකි. ලුණු යනු බුද්ධභෝගයකි. හම්බන්තොට ලුණු ලේවාය ඔවුන්ගේ අස්වැන්නේ මූලික කොටස කතරගම දේවාලයටත්, මුල්කිරිගල, හේනේකඩුව වැනි තවත් විහාරස්ථානවලටත් පිරිනමන්නේ මේ නිසාය.

සාමාන්‍යයෙන් අන්තිම ලුණු කැටය දක්වාම අවසන්වනතුරු නොසිට ලුණු නිවෙසට ගෙන එයි. එසේ වීම අසුබ නිමිත්තක් යැයි සිතයි.

නෑනා මස්සිනා විවාහ සඳහා මුල් තැන ලැබෙන කාලයේ තරුණිය මස්සිනාගෙන් හැරුණු කොට පිටස්තරයින්ගෙන් ලුණු කන්නේ නැත. ලුණු කෑවෝත් ඒ කෙනා සරණ පාවා ගන්නට වෙනවා යන මතයක් එදා සමාජයේ තිබුණු නිසාය.

අපේ රටට අයත් මුහුදු තීරයේ එක්ස්ප්‍රස් පර්ල් රසායනික නෞකාව ගිනි ගැනීමත් සමඟින් මාළු සහ ලුණු පරිභෝජනය සම්බන්ධයෙන් මිනිසුන් අනියත බියක් ඇතිකරගෙන සිටියි. ලුණු පැකට් ගණනාවක් නිවෙසට ගෙන ආවත් සිදුවන්නේ මේ ලුණු දියවී යෑමයි. අවසානයේ මුදලුත් නැත, ලුණුත් නැත. මෙසේ අනියත බියකින් යුතුව ලුණු පැකට් නිවෙස්වල ගොඩගසාගන්නට වූ නිසාවෙන් අපි ඒ පිළිබඳ කතා කරන්නට සිතුවෙමු.

ලුණු ලේවායකින් වතුර එකතු කරගැනීම සිදුවන්නේ වසරේ තෝරාගත් කාලවලදී පමණි. හම්බන්තොට ලුණු ලේවාය ඇතුළු ලුණු ලේවායන් සඳහා නිරිතදිග මෝසමේ බලපෑම ඇති බැවින් වතුර කැලතී තිබේ. එම කාලවල මුහු

දෙන් වතුර ගැනීමක් සිදුවන්නේ නැත. මේ දිනවල ලුණු ලේවායන්වල මාස හත අටකට ප්‍රමාණවත් ලුණු කඳු ගොඩගසා තිබේ.

 

මුහුදු වතුරෙන් ලුණු සෑදෙන්නේ මෙහෙමයි

සෝඩියම් සහ ක්ලෝරීන් අයන දෙක එකට එකතුවී ලුණු සෑදෙන්නේ ස්වභාවික සංසිද්ධියක ප්‍රතිඵලයක් ලෙසිනි.

පිරිපහදු කළ මුහුදු ජලය පෙරාගනිමින් (Filter) මහ තටාකයට ගෙනයයි. මෙහිදී Filters කිහිපයකින්ම පෙරේ. එහි සාන්ද්‍රණය දහගුණයක් වෙද්දී කැල්සියම් කාබනේට් (හුණුගල්) අවක්ෂේප වේ. එම ජලය තවත් තටාකවලට බෙදූ විට සූර්යාලෝකය සහ සුළඟ උපයෝගී කරගෙන සෝඩියම් සහ ක්ලෝරීන් සංඝටක දෙක මිශ්‍රවීම මේ මිහිපිට කිසිවකුට හෝ නවතනු බැරිය. මෙසේ තවත් තටාකවලට යද්දී සූර්යාලෝකය නිසා සාන්ද්‍රණය තවත් දහගුණයක් පමණ වෙද්දී කැල්සියම් සල්ෆේට් හෙවත් ජිප්සම් අවක්ෂේප වේ. ලුණු මිදෙන තටාකවලට යනුයේ විසි ගුණයක් පමණ සාන්ද්‍රණය වුණු මුහුදු වතුරයි. ජලය වාෂ්පවීමත් සමඟින් ස්ඵටික සෑදීම ඇරැඹේ. මෙහිදී වෙනත් රසායනික ද්‍රව්‍ය ස්ඵටික ලෙස නොසෑදේ. ලුණු සෑදීමේ ක්‍රියාවලියේ ප්‍රධාන ලක්ෂණය එයයි. පිරිසුදු දේ කැට වී ඉතිරිය ද්‍රාවණයක් (¯Drine ද්‍රාවණය) ලෙසටම ඉතිරි වේ.

ලුණුවල ඇති ප්‍රධාන රසායනික සංඝටකය සෝඩියම් ක්ලෝරයිඩ් ය. මීට අමතරව මැග්නීසියම් හා පොටෑසියම් ඉතාම සුළු ප්‍රමාණයක් පවතින අතර එය ද කැටවලට එකතු වේ. ලුණු කඩා කඳු ලෙස තබයි. එවිට මැග්නීසියම්, පොටෑසියම් වැනි දේ පහළට බසී. ඉහළම ඇත්තේ පිරිසුදු ලුණුය. මාස 6 - 7 කට පසු මේ ලුණු සෝදා පිරිසුදු කර කුඩු හෝ කැට ලෙස ඇසිරීම සිදු කරයි.

 

ලුණු පරිභෝජනය පිළිබඳ කෙසේත්ම බියවිය යුතු නැත

මහ ලේවාය සඳහා මුහුදු වතුර ගනිද්දී එහි රසායනික සංයුතිය පරීක්ෂා කෙරේ. දින ගණනාවක්ම වතුර ගන්නා නිසාත්, වතුර පෙරා ගන්නා නිසාත් රසායනික සංයුතිය පරීක්ෂා කරන නිසාත්, ලුණු පරිභෝජනය පිළිබඳ කෙසේත්ම බියවිය යුතු නැත. මහ ලේවායට වතුර නොගන්නා කාලවලදී පොම්ප වසා දමයි.

මිනිසුන් වස බීලා, වස කැවිලා මිය ගියත් මොනතරම් ලුණු අඩුවුණත්, වැඩි වුණත් මිහිතලයේ ලුණු නිසා මිය ගිය පිරිස් සිටීද? ලුණු මිදීම ස්වභාව ධර්මයේ සංසිද්ධීන්ට අනුව ධර්මතාවෙන් සිදුවන දෙයකි.

මේ නිසා ලුණු පරි‍භෝජනය සම්බන්ධයෙන් හෝ ඉදිරියේදී ලුණු හිඟයක් පිළිබඳ හෝ බියවිය යුතු නැත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.