වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
පොල් කුඩුවත් විසි කරන්න එපා

* අපිට පොල් පිටි, පාන් පිටි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් වගේම කෑම රස කර ගැනීමටත් පුළුවන්.
*රොටී වර්ග, තෝසේ, කේක් හදා ගන්න පුළුවන්.
*******************
සාදන ක්රමය:-
* පොල් කිරි ගන්න කොට හොඳට මිරිකලා ගන්න.
* පොල් කිරි ගත්තායින් පස්සේ අයින් කරන පොල් කුඩු ටික (ඒ කියන්නේ දවස් කීපයක පොල් කුඩු) එකතු කර ගන්න ඕනේ.
මේ පොල් කුඩු අධි ශිතකරණයේ තියාගන්න
දැන් මේ පොල් කුඩු සාස්පානකට දාලා අඩු ගින්දරේ වතුර ගතිය ඉවත් වෙනකම් බර අඩු වෙනකම් රත්කර ගන්න ඕනේ. කර, කර ගන්න එපා.
නැත්නම් අවන් එකේ සෙල්සියස් අංශක 120 පැයක් තියා ගන්න. ඉන් පසු මේ පොල් හොඳට බ්ලෙන්ඩ් කර ගන්න. එවිට පිටි වගේ වෙනවා. පසුව බෝතලයකට දමා තියා ගන්න.
කෑම උයන කොට මෙයින් හැන්දක් දමා හොදි උකු කර ගන්න පුළුවන්.
ඒ වගේම රස කෑම හදා ගන්නත් පුළුවන්.