වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
ටූල්ස් ගැන දැනගෙන වැඩේට බහිමු

අන්තර්ජාලය කියන්නේ අමුතු තැනක්නේ. ඕකේ අමුතු ගතිය දෙපිටින් යවන්නේ සෝෂල් මීඩියා තමයි. කාලෙන් කාලෙට එක එක වැඩකිඩ මේවයේ සිද්ධ වෙනවා. සමහර දේවල් ලීක් වෙනවා, සමහරු බයිට් වෙනවා, සමහරු ඒ අස්සේ සල්ලි හොයනවා, එහෙමත් කෙනෙක් මොකක් හරි දැනුමක් භාවිත කරලා දැනුමත් එක්කම සල්ලි උපයා ගන්නවා.
එහෙම දේකින් සල්ලි හොයන්න පුළුවන්නම් ඒක කොච්චර දෙයක් ද? ගෙදරට වෙලා නිකම්ම ඉන්න අයට ඉතින් මේ වගේ දේකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්නම් අතට ගාණක් ලැබෙනවා විතරක් නෙවෙයි ලෝකයක් ඉදිරියේ බ්‍රෑන්ඩ් නේම් එකකුත් හදාගන්න පුළුවන්. සූරී කියන්නේ එහෙම උනන්දුවක් තියෙන අයට හරි උපදෙස් හරිම පිළිවෙළට දෙන සෝෂල් මීඩියා උපදේශකවරයෙක්. සති කිහිපයක්ම තරුණී පුවත්පත හා එක්ව ෆේස්බුක් එකෙන් සල්ලි හොයන ක්‍රම ගැන කියලා දීපූ සූරි ගැන නම් දැන් ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. වෙනදා වගේම අදත් ඔහු ඇවිත් ඉන්නවා ෆේස්බුක් එකෙන් සල්ලි හොයන රහස් ගැන කියලා දෙන්න.
Facebook කියන්නෙ ඉතින් අදවෙද්දී ඉස්කෝලෙ යන පොඩි කොල්ලෝ, කෙල්ලොන්ගේ ඉඳලා වයසක ආච්චිලා සීයලා වෙනකම් හැමෝම වගේ දන්න, පාවිච්චි කරන සමාජ ජාලා වෙබ් අඩවියක්නේ. කොටින්ම facebook කියන්නෙ මිනිස්සු අතරේ වැඩියෙන්ම ප්‍රසිද්ධ social media platform එක කිව්වත් වරදක් නැහැ. ඒ තරමටම facebook කිව්වම නොදන්න, පාවිච්චි නොකරන කෙනෙක් නැති තරම්.
කාලයක් තිස්සෙ පාවිච්චි කළාට අපි මේ facebook ගැන හුඟක් කාරණා දන්නේනම් නැහැ. ඔය විස්තර හොය හොයා ඉන්න අපිට වැඩකුත් නැහැනෙ. යන වැඩේ කෙරෙනවනම් එච්චරයි. නැද්ද? හැබැයි facebook ගැන අපි වැඩිය අහලා නැති මෙන්න මේ කාරණා ගැන පොඩි අවධානයක් යොමු කළොත් සල්ලි හොයන එක හරීම ලේසි වැඩක්. සති කිහිපයක්ම ඒ ගැන කතා කරපු නිසා දැන් මේ ගැන ඔයාට හොඳ අවබෝධයක් ඇති. පසුගිය සතියේ ඒ කතාබහ අපි අවසන් කළේ Facebook monetization හරහා අපිට සල්ලි හොයන්න යොදා ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම කිහිපයක් ගැන හඳුන්වා දීලයි. Facebook Bonus, Ads on reels, Instream ads, C.M. Tools කියන මේ ටූල්ස් හතරෙන් Facebook Bonus හරහා මුදල් හොයන විදිහ ගැන නම් දැන් ඔබට හොඳ අවබෝධයක් ඇති. ඉතින් අද අපි කතා කරමු Ads on reels tool එක ගැන. Face book ads on Reels කියන්නෙත් Facebook invitation program එකක්. මේක බෝනස් එකෙන් වෙනස් වෙන්නේ Bonus එකට අපි photo දැමීමට Facebook ads on Reelවලට අපි දාන්නේ වීඩියෝස්. ඒවා තත්ත්පර 0 - 90 දක්වා වූ කෙටි වීඩියෝ. මෙහිදී ඔබට ඔබේ වීඩියෝ දිගු අතට හා හරස් අතට යොදා upload කරන්න පුළුවන්. හැබැයි මෙහිදී වඩාත් සුදුසු වන්නේ දිග පැත්තට වීඩියෝස් සකසා upload කිරීම. ඒ වගේම ඔබ දිනකට කෙටි වීඩියෝ 10 - 15ක ප්‍රමාණයක් upload කිරීමෙන් ඔබේ Facebook Ads on Reel පිටුව ඉතාම ඉක්මනින් ජනප්‍රිය කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔබ තෝරාගන්නා ටොපික් එක වැදගත්. දේශපාලන, ගොසිප්, කෑම වර්ග සහ සුරතල් සතුන්ගේ කෙටි වීඩියෝ දැමීමෙන් ඉක්මන් ජනප්‍රියත්වයක් කරා ඉබේටම ළඟා වීමට වරම් හිමි වේවි. ඔබට මෙහිදී තමන්ම නිර්මාණය කළ කෙටි වීඩියෝ වගේම කොපි රයිට් රහිත වෙබ් සයිට් ලබා දී තිබෙන කෙටි වීඩියෝ ද upload කරන්නත් අවස්ථාව තිබෙනවා. ඔබට facebook ads on reel invitation පැමිණි පසු ඔබට ඔබගේ page එක සෙටප් කර ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ ඉඳලා සෙටප් කරන්න ගියත් ඔයාට අවශ්‍ය ප්‍රතිඵලය නම් ළඟාකරගත නොහැකි වේවී. ඉතින් ඒ නිසාම අපි විසින්ම ඔබට කියාදෙන අපේම ක්‍රමයක් හරහා US Account එකක් සාදා ගැනීමෙන් එය සාර්ථක කරගන්න පුළුවන්. අප ලබාදෙන දැනුම ලබා ගැනීමෙන් ඔබට Facebook ads on Reel හරහා ලංකාවේ සිටම ඩොලර් උපයන්න ඒ හරහා අවස්ථාව ලැබෙනවා. හැබැයි යුරෝපියානු රටවල් ඉලක්ක කර කෙටි වීඩියෝ upload කිරීමෙන් වැඩි ඩොලර් ප්‍රමාණයක් උපයන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් දිගු වීඩියෝ upload කරන page එකකට වඩා ඉක්මන් ජනප්‍රියත්වයක් Ads on Reel පිටුවකට ඉක්මනින්ම ළඟාකර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒවගේම වැඩි වැඩියෙජ් උපයන්නත් පුළුවන්. Ads on Reel ගැන අවබෝධයක් ලබා ගත් ඔබට ඉදිරි සතිවලදී Instream ads සහ C.M. Tools ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ මඟ ඔස්සේ යන ඔබට ෆේස්බුක්වලින් සල්ලි උපයන්න තව වැඩි ඈතක් නැහැ.
ෆේස්බුක් එකෙන් සල්ලි හොයන තවත් ක්‍රම ගැන ලබන සතියේදීත් කතා කරමු.
උපදෙස් -
ගීත් අංජන සූරියපුර
සහකාර මෘදුකාංග ඉංජිනේරු
ඩිජිටල් අලෙවිකරණ විශේෂඥ[email protected]